leader s

* කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.06කින් නිමා කරමින් චෙන් යූජී ආසියාවේ නවතම වේගවත්ම කාන්තාව බවට පත්වෙයි; මීළඟ ඉලක්කය ඔලිම්පික් රන් පදක්කම.

* “මට සීමාවක් නැහැ”: බූසාන් වාර්තාව මකා දමමින් ආසියානු කිරුළ රැකගත් නව යොවුන් කෙටි දුර ධාවන ශූරිය ලෝක වේදිකාවට අභියෝග කරයි.

 

ශ්‍රී ලංකා කාන්තා කෙටි දුර ධාවන පුරාවෘත්තයක් වන සුසන්තිකා ජයසිංහගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ දැමූ චීනයේ 17 හැවිරිදි චෙන් යූජී (Chen Yujie) ඉදිරියේදී තවත් දස්කම් කරා යාම සඳහා තමාට සීමාවක් නැතැයි පවසනවා.

 

ආසියාවේ මේ අලුත්ම වේගවත්ම කාන්තාව මීටර් 100 ඉසව්ව තත්පර 11.06කින් ජයග්‍රහණය කරමින් මකා දැමුවේ 2002 වසරේ දකුණු කොරියාවේ බූසාන් නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ සුසන්තිකා පිහිටුවා තිබූ තත්පර 11.15 වාර්තාව. මේ අනුව චෙන් ආසියානු ක්‍රීඩා කාන්තා මීටර් 100 ඉසව්වේ වාර්තාගත කාලය තත්පර 0.09කින් කපා දමා තිබෙනවා.

 

asiangames3 20260926

 

සිංගප්පූරුවේ වෙරෝනිකා ශාන්ති පෙරෙයිරා තත්පර 11.21ක කාලයක් සටහන් කරමින් රිදී පදක්කම දිනා ගත් අතර බහරේනයේ එඩිඩිඔං ඔඩිඔං (තත්තපර 11.33) ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. චෙන්ගේ ජයග්‍රහණයෙන් මේ ඉසව්වේ කිරුළ චීනය සතුව ම තබා ගැනීමට හැකිවුනේ මීට තෙවසරකට ඉහත හැංජෝ නගරයේ පැවති පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදී ද චීනයේ ම ක්‍රීඩිකාවක වන ජී මනික් මේ ඉසව්ව ජය ගෙන තිබූ බැවින්.

 

“මට සීමාවක් නැහැ” - මීළඟ ඉලක්කය ඔලිම්පික් වේදිකාව

 

දෙසැම්බර් මාසයේදී 18 වැනි වියට පා තබන චෙන්, ඊයේ (සිකුරාදා) ලැබූ ජයග්‍රහණය තමාගේ උපන්දිනයට ලැබුණු හොඳම ත්‍යාගය බව අවධාරණය කළා. නමුත් මේ නව යොවුන් වියැත්තියට එතැනින් නතර වීමට උවමනාවක් නැහැ.

 

“මම දැන් ආසියානු ක්‍රීඩා ශූරිය වෙලා ඉන්න නිසා මට මීළඟට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වේදිකාවේ, ලෝක ශූරතාවලියේ හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය අත්කර ගන්නයි” ඇය කියනවා.

 

“මම දැන් ආසියාවේ චැම්පියන්. මගේ ඉලක්කය වනු ඇත්තේ අනාගතයේදී මගේ කිරුළ රැක ගැනීමයි. අනෙක් අය මට අභියෝග කරනකම් බලං ඉන්නවා වෙනුවට මම දැන් ඉන්නේ වෙන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් තත්ත්වයකයි” යනුවෙන් ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ ද තරග කිරීමට නියමිත චෙන් පවසන්නේ “මට සීමාවක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කරමින්.

 

මීට පෙර මීටර 100 හෝ මීටර් 200 ඉසව්වල කිසිදිනෙක ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගෙන නැති චීනය ට දැන් උදාවී තිබෙන්නේ චීන කෙටි දුර ධාවනයේ අලුත් යුගයක් බවට බලාපොරොත්තු පළ කරමින් චීන මාධ්‍ය අද චෙන් ට සුබපැතුවා.

 

“චීන කාන්තා කෙටි දුර ධාවකයින් හා ආසියානු කෙටි දුර ධාවකයින් වෙනුවෙන් මගේ සලකුණ ඉතිරි කර තබන්න මට අවශ්‍යයි” දෙවතාවක් ඔලිම්පික් බිමේ තරග වැදුනු සිංගප්පූරුවේ ශාන්ති පෙරෙයිරා තත්පර 0.15කින් ඊයේ දෙවැනි ස්ථානයට තල්ලු කළ චෙන් කියා සිටිනවා.

 

2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 ඉසව්ව ජය ගැනීම සඳහා ද 30 හැවිරිදි පෙරෙයිරා පැරදවීමට චෙන් සමත් වුණා.

 

පිරිමි මීටර් 100 වාර්තාවත් කුඩුපට්ටම් වෙයි: ආසියාවේ වේගවත්ම මිනිසා තායිලන්තයෙන්

 

asiangames4 20260926

 

ජපානයේ අයිචි-නගෝයා නගරයේදී මීටර් 100 පිරිමි හා කාන්තා වාර්තා දෙක ම බිඳ වැටුණු ඊයේ රාත්‍රියේ තායිලන්තයේ 20 හැවිරිදි පුරිපොල් බූන්සන් (Puripol Boonson) තත්පර 9.90ක ජයග්‍රහණයක් අත්කර ගනිමින් ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වුණේ ඔහු විසින් එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේ සටහන් කර තිබූ තත්පර 9.91 කාලය පහතට ගෙන එමින්. මේ කාලයන් දෙක ම චීනයේ සූ බිංටියන් විසින් 2018 ජකර්තා ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිටුවා තිබූ තත්පර 9.92 වාර්තාව අභිභබා ගොස් තිබුණා.

 

ඕමානයේ ක්‍රීඩකයින් වන අලි අල්-බලුෂි මෙවර ඉසව්වේ රිදී පදක්කම (තත්පර 10.04) ද, මල්හම් අල්-බලුෂි (තත්පර 10.11) ලෝකඩ පදක්කම ද හිමිකර ගත්තා.

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්