leader s

* අධිකරණ නියෝගයෙන් අල්ලස් කොමිසම රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් පැය කිහිපයක ප්‍රශ්න කිරීමක්

* හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 06 දක්වා රිමාන්ඩ්; ඉන්දීය අධ්‍යක්ෂවරුන්ටත් වරෙන්තු සූදානමක්

 

කොළඹ කොටුව ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවකට අදාළව ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

 

අධිකරණය ලබාදුන් විශේෂ අවසරයකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගැනීම සිදුකර ඇත.

 

කොළඹ කොටුවේ අක්කර හතරක ඉඩම සහ අල්ලස් චෝදනාව

 

මෙම විමර්ශනයට මූලික වී ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් අක්කර 4.3ක වටිනා ඉඩමක්, දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් (Krrish Transworks Colombo) සමාගම වෙත පවරා ගැනීමට පහසුකම් සැලසීමේ සිදුවීමකි.

 

එම ඉඩම අත්පත් කර ගැනීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනම් කර දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

 

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්; අධිකරණයෙන් ලැබුණු අවසරය

 

මෙම මුදල් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දැනට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදීම ප්‍රකාශයක් ලබාගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

 

නීතිමය තර්ක සහ නව දූෂණ විරෝධී පනත

 

මෙම සිදුවීමට අදාළව මීට පෙර මහාධිකරණයේ ගොනුකර තිබූ සාපරාධී විශ්වාසය කඩකිරීමේ නඩුවකට අමතරව තවත් නඩුවක් පවත්වාගෙන යෑම පිළිබඳව විත්තියේ නීතිඥවරුන් අධිකරණයේදී කරුණු මතු කර තිබිණි.

 

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් ලබාදීම සහ ලබාගැනීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කොමිසමට පූර්ණ නෛතික බලයක් පවතින බවයි.

 

මේ අතර, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දියාවේ රැඳී සිටින අමිත් කත්‍යාල් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඔක්තෝබර් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

ආගමික වතාවත් මධ්‍යයේ දේශපාලන පසුබිම

 

මේ අතර, නාමල් රාජපක්ෂට ආශිර්වාද පතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කැලණිය රජමහා විහාරයේදී විශේෂ බෝධි පූජාමය පිංකමක්ද සංවිධානය කර තිබිණි.



 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්