අක්ශතා,



පිය පදවිය ලැබීම ජීවිතය මේ තරමට වෙනස් කරයි කියල මම කවමදාවත් හිතුවෙ නෑ. ඔබේ පැමිණීම මගේ ජිවිතයට වගකිම් සමුදායක් වගේම කිසිදා නොවිඳි සතුටක් ගෙනාව. තවදුරටත් මම සැමියෙක්, පුතෙක් හෝ ව්‍යාපාර ලෝකයේ දළුලා වැඩෙන සමාගමක දක්ශ පරිපාලකයෙක් විතරක් නෙවෙයි දුවගෙ ජීවිතයේ අනාගත අභිලාෂයන් වෙනුවෙන් හැඩගැසිය යුතු මනුස්සයෙක් කියල තේරුම් ගත්ත.


ඔබේ පැමිණීම මගේ ජිවිතයේ එතෙක් තිබුනු හැම ඉලක්කයක්ම වගේ අලුත් කලා. මගේ ආයතනය තුලදි වෙනදට වඩා කල්පනාකාරී වෙන්න, සමබරව හිතන්න මම පටන්ගත්ත. මගේ ව්‍යාපාර ලෝකයේ ගනුදෙනු වඩාත් සැළකිලිමත්, ගෞරවය මුසුවූ පරිණත දේවල් බවට පත්වුනා. මිනිස්සුත් එක්ක වැඩ කරද්දි ආචාරශීලිවීම, සංවේදීතාව වගේ දේවල් අවශ්‍යයි නේද කියල මට දැනුන. ඔබ කවද හරි දවසක ලොකුවෙලා මේ ලෝකය හොඳින් වටහා ගන්න දවසක ඔයාගෙ තාත්ත කොච්චර විශාල ව්‍යාපාරයක් ගොඩනගුවත් එයා පුංචිම පුංචි වරදක්වත් නොකරපු සාධාරණ මනුස්සයෙක් කියල හිතෙන තැනට මම වැඩකලා.  


මට නිතරම වගේ ඔයාගෙ පුංචිකාලෙ මතක් වෙනව. ඔයාගෙ අම්මත් මමත් තරුණ කාලෙ අපිට අපේ වෘතීයමය ජීවිතය ගොඩනගාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුනා. ඔයා ඉපදිලා මාස දෙකෙන් අපි ඔයාව හුබ්ලි ගම්පලාතෙන් මුම්බායි නගරයට අරගෙන ආවත් ඔයාව බලාකියාගෙන රස්සාවල් කරන වැඩේ එච්චර ලේසි උනේ නෑ. ඒ නිසාම අකමැත්තෙන් වුවත් ඔයාව ආච්චියි සීයයි ගාවට යවන්න අපි තීරණය කලා. ඒක දරාගන්න සෑහෙන්න අමාරු වූ තීරණයක්.  ඒ නිසාම මම හැම සති-අන්තයකම ඔයාව බලන්න ගමේ ආව. මුම්බායෙ ඉඳන් බෙල්ගයුම් වලට ගුවනිනුත්, එතනින් හුබ්ලි දක්වා ටැක්සියත් ආව දීර්ග, වෙහෙසකර ගමන කොච්චර වියදම් අධික වුවත් මට ඒක නොකර ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඒත් ඔයාට අපි නෑ කියල ගමේ කිසිම අඩුවක්නම් තිබ්බෙ නෑ. ආච්චිල, සීයල සහ අපේ නෑදැයො එක්ක හුබ්ලි ගමේ ඔයා ගෙව්ව ඒ සතුටුදායක ළමා කාලය සැබැවින්ම මාව අමන්දානන්දයට පත්කලා.

akshatha

 
තාත්ත කෙනෙක් වශයෙන් මම මගේ දරුවන්ව ලෝකයට වැඩදායී මිනිස්සු විදියට හැදුවෙ කොහොමද?, ඔවුන්ට කුඩා කලෙ ඉඳල කියාදුන් හොඳ පුරුදු මොනවද කියන එක නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්. ඒකට මම දෙන කෙටි පිලිතුර ඒ වගකීම නොපිරිහෙලා ඉටුකලේ ඕගොල්ලොන්ගෙ අම්ම කියන එක. එයා ඕගොල්ලොන්ට අවවාදයට වඩා ආදර්ශයෙන් බොහෝ දේ කියල දුන්න. ඔයාටත්, ඔයාගෙ සහෝදරයා රොහාන්ටත් අපේ අදායමට සරිලන විදියට ජිවත් වෙන්න, වියදම අඩු සරළ ජීවිතයකට හුරුවෙන්න එයා පුරුදු කලා.
 

ඒත් ඒ එක සිදුවීමක් ඔයාට තේරුම් ගන්න බැහැ වගෙම ඔයා කිසිසේත්ම අගය කරන්නෙ නෑ කියල පස්සෙ කාලෙක මට කියල තියෙනව. ඒ ඔයා බැංගලෝරයේ පාසල් යනකාලෙ පාසලේ විවිධ ප්‍රසංගයක අංගයක් වෙනුවෙන් විශේෂිත ගවුමක් ඉල්ලපු දවස. ඒ අසුව දශකයේ මැද, අපි අපේ ආයතනය infosys පටන් ගත් මුල් කාලෙ. අවාසනාවකට අපේ අතේ අත්‍යවශ්‍යම දේවල්වලට හැර අවශේෂ වියදමකට සල්ලිය බාගෙ තිබ්බෙ නෑ. ඒ නිසාම ඔයාට එදා ඒ පාසල් විවිධ ප්‍රසංගයට සහභාගි වෙන්න වුනේ නෑ. පුංචි දරුවෙක්ට ඒ සිදුවීම මොනතරම් වේදනාත්මකද කියල මට තේරුම්ගත හැකියි. ඒ නිසාම ඔයාගෙ හිතේ ඒ ගැන තරහක් ඉතිරිවීම සාධාරණයි. ඒත් එදා ඒ සිදුවීමෙන් ඔයා ඉගෙනගත් පාඩම ඔයා අනාගත ජීවිතේට හැමදාකම වැදගත් වේවි.
 

අපේ ජීවිත ඊට පස්සෙ එච්චරම අඟහිඟ උනේ නෑ. ඒත් ඔයාගෙ අම්ම ඕගොල්ලන්ව කාර් එකේ ඉස්කෝලෙ යවන්න කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඔයාත්, මල්ලි රොහානුත් දිගටම පාසල ගියෙ තීරෝද රථයෙන්මයි. තීරෝද අංකල් එක්ක විනෝදෙන්, යාලුවෙ පිරිවරාගෙන ගෙවිච්ච ඒ සරල ළමාවිය කොච්චරනම් සුන්දරද?
 

අනෙක් ගෙවල්වල වගේ අපේ ගෙදර ටෙලිවිශන් එකක් නැත්තෙ ඇයි කියල ඔයා ඒ කාලෙ මගෙන් නිතරම අහනව. ටෙලිවිශන් එකක් දිහාබලාගෙන ලොකමහත්වෙන දරුවො නෙවෙයි, සංවාද කරන, පොත්පත් කියවන ගෙදර පරිසරයෙත් අධයාපනයට හිත යොමුකරන දරුවොයි අපට ඕන කියල ඕගොල්ලොන්ගෙ අම්ම කලින්ම තීරණය කරල තිබ්බ.  ඒ නිසාම ටෙලිවිශන් එකක් නොතිබ්බ අපේ ගෙදර රෑ අටේ ඉඳන් දහය පහුවෙනකම් අපි බොහෝ ඵලදායී දේවල් කතාබහ කලා.
 
2022 8largeimg 358092100

දුවෙක් දීග දීල ගෙදරින් පිටමං කිරීම තාත්ත කෙනෙක්ට එච්චරම සුන්දර අත්දැකීමක් නෙවෙයි. මෙච්චරකල් තමන්ගෙ ලඟ හුරතල් වූ දුවගෙ ජීවිතේට තව පිරිමියෙක්ගෙ පැමිණීම බොහෝ තාත්තලට ඇත්තටම දරාගන්න අමාරුයි. මමත් ඒ කාරණේදි වෙනස් නෑ. ඒත් රිශීව හමුවූ මුල්ම දවසෙම මට තේරුම් ගියා ඔහු ඔබ මට කියල තිබ්බ ආකාරයෙන්ම දක්ශ, කඩවසම්, අවංක තරුණයෙක් බව. එහෙම මනුස්සයක්ට ඔයාගෙ හදවත හොරාගන්න දීම අරුමයක්ද?
 

දැන් මම ආඩම්බර සීය කෙනෙක්. සැන්ටා මොනිකාහි ඔබේ එකල නිවසේදී අලුත උපන් ක්‍රිෂ්ණාව දෝතට ගත් මොහොත එයට වසර ගණනාවකට පෙර අලුත උපන් ඔබව මගේ තුරුලට ගත් ජයග්‍රාහී මොහොතට වඩා වෙනස් අත්දැකීමක් මට දුන්නෙ. දැන් මට පුංචි එකෙක් වගේ ඔබේ දුවත් සමග සෙල්ලම් කලහැකියි.
 

දුවේ, ඔයා ජීවිතේ ඉස්සරහට හැල්මෙ දුවගෙන යද්දි, ජයග්‍රණ හඹාගෙන යද්දි අමතක කරන්න එපා මිනිස් වර්ගයාට ජීවත්වෙන්න මේ විශ්වයේ ඉතුරුවෙලා තියෙන එකම තැන, අපේ පෘතුවිය විනාශයට යමින් පවතින ග්‍රහලෝකයක් බව. අමතක කරන්න එපා ඔයාට වගකීමක් තියෙනව ඔයාගෙ දුව ක්‍රිශ්ණට ඔයා ජීවත් වූ ලෝකයට වඩා යහපත් ලෝකයක් ඉතිරි කරල යන්න.

ආදරයෙන්,..

ඔයාගෙ අප්ප

Narayana Murthy CIF cropped
 
 
 
 
 
 
නාරායන් මූර්ති



ඒ තාත්ත (අප්ප) infosys කියන දැවැන්ත ඉන්දීය මෘදුකාංග ව්‍යාපාරයේ නිර්මාතෘ නාරායන් මූර්ති, දුව වර්තමාන මහා බ්‍රිත්‍යානයේ පලමු කාන්තාව (First Lady) අක්ශතා මූර්ති. බෑන, වර්තමාන බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනක්.

මේ ලියුම Sudha Menon සංස්කරණය කල Legacy : Letters from eminent parents to their daughters පොතෙන්.



පරිවර්තනය :

2100 දි ලංකාවට වෙන්න යන දේ ? - විද්‍යාත්මක විශ්ලේෂණයක්(අසංක දොඩන්තැන්නේ)
ටෙලිනාට්‍ය නිෂ්පාදක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Asanka Dodantenne ගේ ෆේස් බුක් පිටුවෙන්. )

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්