අපරාධකරුවන් මෙල්ල කිරිමට හරියාකාරව ගිනි අවි භාවිතා කිරිමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්‍යවරයා පොලිසියට පවසා තිබේ.


“අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඒ බව සඳහන් කළේය.

පොලිස් නිලධාරින් සිදු කරන නිවැරදී දේ වෙනුවෙන් පෙනී සිටින බවට සහතික වු ඇමැතිවරයා ඔහු බලාපොරොත්තුවන ඉලක්කය වෙත යන්නැයි ඉල්ලා සිටියේය.

“අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා. මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදී කණ්ඩායමක් පිහිටවනවා. “

“අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කලා. මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.”

පාතාලය මඩින්න විශේෂ බලකා පුහුණුව ලැබු පොලිස් කණ්ඩායමක්

'යුක්තිය' මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50ක් යොදවනු ලැබීය.

කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය අප්‍රේල් 25 වැනිදා සිදුවිය.

මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත ඇති අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇත.

 
 (චතුරංග මේදිස්)
 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්