BREAKING
Top Ad
Life

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

T

The Leader

February 4, 2023 • 7:12 AM

විසාකේසාගේ 'මනල්'  සහ මනුවරණගේ 'රහස් කියන කඳු'  සම්මාන ඉතිහාසයය අලුත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සිනමා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ට සම්මානයක් විසාකේස දෝත දරද්දී, රොටර්ඩෑම් නෙට්පැක් සම්මානය ජගත්ට
  •   මීට පෙර 2014 වර්ෂයේදී  ප්‍රසන්න ජයකොඩිගේ විසිඅට (28) චිත්‍රපටය රොටර්ඩෑම් උළෙලේදී නෙට්පැක් සම්මානයට හිමිකම් කීය.
  •   එසේම අන්තර්ජාතික සිනමා උළෙලකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් නෙට්පැක් සම්මානයකින් පිදුම් ලැබූ වෙනි 12 වෙනි අවස්ථාව ජගත්ගේ "රහස් කියන කඳු" හරහා රොටර්ඩෑම්හිදී ඊයේ සටහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (පෙබරවාරි 03) නිමාව දුටු 52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ රොටර්ඩෑම් උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දෙවෙනි හා තෙවෙනි සම්මාන ජයග්‍රහණ සටහන් කරමිනි.

උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය වන "ටයිගර් සම්මාන තරගය" (Tiger Award Competition) යටතේ උළෙල නියෝජනය කළ විසාකේස චන්ද්‍රසේකරම්ගේ "මනල්" (Munnel) චිත්‍රපටය එම අංශයේ දෙවෙනි විශිෂ්ටතම නිර්මාණ උදෙසා පිරිනමන විශේෂ ජූරි සම්මානයකින් (Tiger Special Jury Award) පිදුම් ලැබූ අතර, උළෙල නියෝජනය කළ ආසියානු චිත්‍රපට සදහා පමණක් විවෘත වන නෙට්පැක් සම්මානයෙන් (NETPAC Award) පිදුම් ලැබීමට ජගත් මනුවරණ අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටය සමත් විය.
 
Janka 2023.02.04
 

උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ චිත්‍රපට 16 අතුරින්,  විශිෂ්ටතම සිනමා නිර්මාණය උදෙසා වූ "ටයිගර් සම්මානය" (Tiger Award) සමග යුරෝ 40,000 ක (රුපියල් මිලියන 16 කට ආසන්න) මුදල් ත්‍යාගය කැමරූන් දේශය නියෝජනය කළ "Le spectre de Boko Haram" නම් චිත්‍රපටයට හිමිවූ අතර, ඉන් අනතුරුව එකී අංශයේ දෙවෙනි විශිෂ්ටතම සිනමා නිර්මාණ ද්විත්වය වෙනුවෙන් වෙන වෙනම පිරිනමන "ටයිගර් විශේෂ ජූරි සම්මානය" (Tiger Special Jury Award) සමග යුරෝ 10,000ක (රුපියල් මිලියන 04 කට ආසන්න) මුදල් ත්‍යාගය ශ්‍රි ලංකාවේ "මනල්" (Munnel)  සහ ඇමෙරිකාවේ "නිව් ස්ට්‍රේන්ස්" (New Strains) යන චිත්‍රපට වෙත පිරිනැමුණි.
 
මීට පෙර අවස්ථා ද්විත්වයකදී ශ්‍රී ලංකාව (බොරදිය පොකුණ- සත්‍යජිත් මාඉටිපේ- 2004/ ඉගිල්ලෙන මාළුවෝ- සංජීව පුෂ්පකුමාර- 2011) උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කොට තිබුණද, උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකින් ශ්‍රී ලංකාව පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
 
 
උළෙලේ ප්‍රධානතම නිළ ජූරිය (Main Official Jury) විසින් පිරිනැමූ සම්මානයකින් විසාගේ "මනල්" පිදුම් ලබද්දී,  ආසියානු කලාපීය රටවල චිත්‍රපට පමණක් විනිශ්චයට ලක් කරමින් "නෙට්පැක්"  නම් වූ ස්වාධීන ජූරිය (Independent Jury) විසින් පිරිනමන නෙට්පැක් සම්මානයට හිමිකම් කීමට ජගත් මනුවරණ කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ "රහස් කියන කඳු" චිත්‍රපටය සමත් විය.  
 
ශ්‍රී ලාංකාවේ පිහිටා ඇති ආසියානු ෆැසිෆික් සිනමා ප්‍රවර්ධන ජාලය (NETPAC- Network for the Promotion of Asia Pacific Cinema) හෙවත් නෙට්පැක් ආයතනයේ  මූලිකත්වයෙන් පිරිනමන නෙට්පැක් සම්මානයකින් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් රොටර්ඩෑම් සිනමා උළෙලේදී පිදුම් ලැබූ දෙවෙනි අවස්ථාව මෙය වේ.
 
මීට පෙර 2014 වර්ෂයේදී  ප්‍රසන්න ජයකොඩිගේ විසිඅට (28) චිත්‍රපටය රොටර්ඩෑම් උළෙලේදී නෙට්පැක් සම්මානයට හිමිකම් කීය.
328263042 864376381336094 4041589246596283386 n
 
එසේම අන්තර්ජාතික සිනමා උළෙලකදී ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් නෙට්පැක් සම්මානයකින් පිදුම් ලැබූ වෙනි 12 වෙනි අවස්ථාව ජගත්ගේ "රහස් කියන කඳු" හරහා රොටර්ඩෑම්හිදී ඊයේ සටහන් විය.

නවක සිනමා නිර්මාණකරුවන් උදෙසා විශේෂිකරණය වූ (Specialized for New Filmmakers) ලොව ප්‍රමුඛතම හා තරගකාරීම සිනමා උළෙල ලෙසට රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල වර්ගීකරණයට ලක්වන නිසාවෙන්ද, එකී උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කරමින් හා එකී අංශය වෙත උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනමන සම්මානයකින් පිදුම් ලැබීමට සමත්වීම නිසාවෙන්ද, එදා මෙදා තුර අන්තර්ජාතික සිනමා උළෙකදී ශ්‍රී ලාංකේය නවක සිනමා නිර්මාණකරුවෙකු (සිය කුලුඳුල් හෝ දෙවෙනි හෝ තෙවෙනි නිර්මාණය හරහා) ජයග්‍රහණය කළ 03 වෙනි  සුවිශිෂ්ටතම සම්මානයේ හිමිකරු වීමට "මනල්" වෙත පිරිනැමූ  "විශේෂ ජූරි සම්මානය" හරහා විසාකේස චන්ද්‍රසේකරම්ට ඊයේ හැකිවිය.

සටහන
උදිත ලක්මාල් කහඳවආරච්චි 
Udithe Lakmal

 

 

 

 

 

 

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...