'අරගලයේ සිත්තරා' ලෙසින් ප්‍රචලිත සුජිත් රත්නායකගේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වේ.



ප්‍රදර්ශනය විවෘත කිරීම පෙබරවාරි 7 වෙනිදා ප.ව. 4 ට.

ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ “ගෝල්ෆේස් චිත්‍රාගාරයේ අපි“ සමූහිකයයි. ප්‍රදර්ශනය කියුරේට් කරනු ලබන්නේ “ගෝල්ෆේස් අරගල බිමේ  චිත්‍රාගාරයේ“ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ ආරාධනයට ලක් වූ ආරාධිත සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ප්‍රදර්ශන කමිටුවක් විසිනි.

 

විවෘත ආරාධනාවයි. ඕනෑම කෙනෙකුට පැමිණිය හැක. ප්‍රධාන ආරාධිතයකු නැත. පොල් තෙල් පහන් පත්තු කිරීම, පීත්ත පටි කැපීම, කතා බතා .....මේ මොකවත් නැත. මේ අරගලයේ කලා ප්‍රදර්ශනයයි.  අරගලයට ජය වේවා! '' - සුජිත් රත්නායක

 323422742 843353156728036 6255401467694569436 n

මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සුජිත්ගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''මහජන කලාගාර මුදල් ගෙවා ලබාගෙන මවිසින් ම මෙතෙක් ඉදිරිපත් කල කිසිදු ප්‍රදර්ශනකට වෙනස්වයි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මෙය කියුරේට් කරන්නේ ප්‍රදර්ශන කමිටුවක් විසිනුයි. ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්නේ "ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය " යන සාමුහිකය විසිනුයි. එම සාමුහිකයේ මා සිටියත් ප්‍රදර්ශන  කමිටුවේ මම නැහැ. ප්‍රදර්ශන කමිටුව විසිනුයි ප්‍රදර්ශනය කියුරේට් සහ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.  " ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ " සාමාජිකයින් කිහිප දෙනෙකුත් ආරාධිත සාමාජිකයින් කිහිප දෙනෙකුත් කමිටුවේ සිටිනවා.  කමිටුව විසින් මා නිර්මාණ ක්‍රියාවලියට පමණක් මුදා හැර තියෙනවා.

මේ ප්‍රදර්ශනය මගේ කලා දිවියේ අපගමනයක් හෝ පොලා පැනීමක් හෝ සංධිස්ථානයක් හෝ විය හැකියි. අරගලයට වන තෙක් මම ජනතාව කියන එක ගැන විශ්වාස කරේ නෑ. මම කලාව කරේ තෝරා ගත් රසික ප්‍රජාවකටයි. මේ ප්‍රදර්ශනය එම තත්ත්වය ඉක්මවන ප්‍රදර්ශනයක්.  

 

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය (අජිත් පැරකුම් ජයසිංහ)

ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය හා කලාගාරයේ චිත්‍ර වැල නොකැඩී ජනතාව විසින් මධ්‍යම රාත්‍රියත් පහු වෙන තෙක් නැරඹීමත් ඒ වගේම අපේ චිත්‍රාගාරය හා චිත්‍ර ගිනි තබා විනාශ කිරීමත් නිසා මේ ජනතාව කියන සාධකය මගේ පරිකල්පනීය ලෝකය තුළ මකා දමන්න බැරි තරමට මගේ පරිකල්පනීය ලෝකය තුල ලැගුම් ගත්තා. අරගලය තුල කොතරම් සිත්තරුන් සිටියත්, වෙනත් කලාකරුවන් සිටියත් මගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ චිත්‍රාගාරය වගේම චිත්‍ර ගිනි තැබීමත් සමගයි අපි ගැන දන්නා දේශීය ජන සමාජය තුළ මාව " අරගලයේ සිත්තරා " ලෙස නාමකරණයට ලක් කරන්නේ.

නමුත් අරගලය කලාව මගින් පරිකල්පනය නොකල හැමදාම කරගෙන ගිහිපු වැඩ කරපු නමුත් අරගල බිම පසුබිමේ තියාගෙන ෆොටෝ ගහපු කට්ටියකුයි අල්ජසීරා නිවුස් වල අරගලයේ ආර්ටිස්ට්ලා වෙලා තියෙන්නේ. ඇත්තටම මගේ පුද්ගලික චිත්‍රාගාරය තමයි අරගල බිමකට ගැලපෙන පරිදි සංශෝධනාත්මකව මම අරගල බිමට ගෙනාවේ. පුලුස්සා දැමූ මගේ උපකරණ, ආම්පන්න, බඩු භාණ්ඩ, අමුද්‍රව්‍ය වල පාඩුව මට අප්‍රමාණ යි. හිත පිලිස්සුණු තරම ඊටත් වඩා අප්‍රමාණ යි. ඒ නිසයි මේ අරගලය නිසා මගේ ට්‍රැක් මාරු උනේ.  

 

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය (අජිත් පැරකුම් ජයසිංහ)

 

මේ ප්‍රදර්ශනයේ කෘති අර්බුදය සහ අරගලය ට ම තමයි අදාල වෙන්නේ. මම දැන් ඉන්නේ ගේමක. අර්බුදය සහ අගලයෙන් තොර පරිකල්පනීය ලෝකයක් මට තවත් නැහැ. ඔස්ට්‍රියා ඇකඩමිය හිට්ලර්ගේ චිත්‍ර ප්‍රතික්ෂේප කරාට පස්සෙ හිට්ලර් තුවක්කුව තෝරා ගත්තා. මම තුවක්කුව වෙනුවට පින්සලයමයි තෝර ගත්තේ.  ඒ අනුව ඒ පින්සල හෝ පරිකල්පනීය ඇස තුවක්කුවක් වගේම ප්‍රභල යි. කමිටුව මගේ අලුත් කෘති දැක්කා. ඉතිං ඒ අයට මම අරගලේ සිත්තරා වීම මට අරුමයක් නෙමි. මම අරගලයේ සිත්තරාම තමයි. 

 

අරගලේ සිත්තරා වෙනුවට අරගලේ සිත්තරුන් වීම දක්වා වෙනස් කල හැක්කේ අනෙක් සිත්තරුන්ටයි. ඒක මගේ ප්‍රශ්නක් නෙමෙයි.  මට අර්බුදය අරගලය විනිවිදින්න රැකියාව, පවුල, සමාජ තත්වය, වයස, මුදල් තත්ත්වය, ආගම, ජාතිකත්වය මේ මොකවත් ම ප්‍රශ්න නෙමෙයි.''






සබැඳි ලිපි :


අරගලයේ සිත්තර ගුරුන්නාන්සේ ගැන වීඩියෝවක්

සුජිත් රත්නායක : ලාංකේය චිත්‍ර කලාවේ සොඳුරු දඩබ්බරයා...!

සුජ්ජා : අරගල භූමියේ සිත්තර ගුරුන්නාන්සේ - © කපිල එම්. ගමගේ

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය (අජිත් පැරකුම් ජයසිංහ)

කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව





JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්