ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.



මෙම චිත්‍රපටය සුවිශේෂ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි ගේ අධ්‍යක්ෂනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරියේෂණ ව්‍යාපෘතියකට සමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි.

ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලාංකීය විශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස "වියසිදුරු" ඉතිහාසයට එක්වනු ඇත.

"වියසිදුරු" චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival - BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය දිනාගත් අතර පසුගිය කාලයේදී තරග කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත.

එනම්.

Best Debut Filmmaker Of Feature Film - INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,

SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)
Golden Sparrow International Film Festival 2021

Best High Schools film - Madonie Film Festival, Region of Sicily, Italy 2021,

Best International Feature Film - Port Blair International Film Festival 2021,

Best Postmodern Film - Tagore International Film Festival


නැවුම් අත්දැකීමක් සහ නවමු කතා තේමාවක් ඔස්සයේ එලිදක්වන මෙම සිනමා පටය ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයින්ට හා ශ්‍රී ලාංකීය සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානය.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්