විනෝදයේ සහ පරිභෝජනයේ අන්තයේදී මිනිසාට මිනිසා හමුවෙද්දී එකිනෙකාට මුහුණ බැලිය නොහැකි සීමාවකට එළැඹේ. තමන් මේ විශ්වයට එකතු කළේ මොනවාද? තවත් මිනිස් මනසක් මත තැන්පත් කළේ
මොනවාද?

මේ පැනය කැඩපත් ඉදිරියේ ස්වයං නිරාවරණයකට ලක්වෙද්දී, තමන්ම මේ යථාර්ථයේ ගූඪත්වයේ සැඟව යයි.

 
  ක්ෂීරපථයේ සිට මන්දාකිනියටත් එතැනින් චක්‍රාවාට හරහා සෞරග්‍රහ මණ්ඩලයටත් ඉන් පෘතුවිය මිනිස් වාසය සඳහාවන තෝරා ගැනීම දක්වා කාල පරාසය ගණනය කිරීම විද්‍යාවට බාරය. එම විද්‍යාවෙන්ම පෘතුවිය මානව පැවැත්මට වෙන්කරගත් ආකාරය 'දීඝනිකායේ, අග්ගඤ්ඤ සූතුයේ එන ජීවය හට ගත්තේ කෙසේද? යන්න (ලෝකෝප්පත්ති කතාවේ) සඳහන්වේ.

මේ සා අතීතයක් හරහා මානව ක්‍රියාවලිය විසින් සිදුකරමින් පවතින්නේ ⁣ස්වභාවිකත්වයටත්, මොළකැටි මනස විකෘති කිරීමේත් චක්‍රයකි. ඒ චක්‍රයේ විකෘතියේ සාරය අප තේරුම් ගත යුතුය. මිසිස් මනසේ ගමන්මඟ පහදා ගත යුතුය.

'විද්‍යාවේ අනුහසට යටින්  මනු ලොවේ මනුදමට පිටින් ග්‍රහ ලොවින් ග්‍රහ ලොවට ඇස තබා , පය තබා අනන්තය සොයා යන ජීවයේ පදනමේ බිදුව එම බිදුව ...

ආනන්ද සර්පයා දුටුවාද?
 
සර්පයා ගැනම කෑදර සිතින් විනෝදයේ පඩිපෙළ මතින් අශාවේ පතුලටම යමින් මනු ලොවේ නැතිව යන බිදුව ජිවයේ පදනමේ බිදුව වැනසුවා අප ජල බිදුව  

ඒත් ඇයි මේ ගූඪ මනසක්

2023 මැයි 05 සිට;09 දක්වා සවස 06 සිට රාත්‍රී 12 වනතෙක්, පන්නිපිටිය, මහල්වරාව 'බේකරිය' අවකාශයට ඇවිත් මනස් දිවි සැරිය අත්විඳින්න. කියවා ගන්න.
 
 
 
 
WhatsApp Image 2023 04 29 at 11.19.31 AM

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්