විශාරද අමරසිරි පීරිස් "හන්තානට පායන සඳ" සජීවී සංගීත සංධ්වනිය ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්වේ.



විශාරද මනෝජ් පීරිස් සංගීතවත් කරන මෙම ප්‍රසංගයේදී ප්‍රවීන ගායන ශිල්පිනියන් වන ජනනි පීරිස් සහ උරේෂා රවීහාරි විශාරද අමරසිරි පීරිස් සමග යුග ගී ගායනයට එක්වේ.

මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත් රුපියල් 1000, 2000, 3000 සහ 4000 යන මිල ගණන් යටතේ වර්ග කර ඇති අතර මෙම සියලුම කාණ්ඩයේ ප්‍රවේශපත්‍ර අංකනය කර ඇත. එම නිසා ඒ ඒ ප්‍රේක්ෂකයින්ට සිය අවශ්‍යතාවය පරිදි අසුන් වෙන්කරවා ගත හැකි බව සංවිධායකයින් පවසයි.

මෙම සංගීත සංධ්වනියේ ප්‍රවේශපත් මහරගම, පිළියන්දල, නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල පැලවත්ත සහ කොට්ටාව පිහිටි "සරසවි" පොත්හල්වලින් ද, නාවින්න, හයිඩ් පාර්ක්, දෙහිවල, පිළියන්දල සහ කොට්ටාව පිහිටි "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලින් ද, නුගේගොඩ, දෙහිවල සහ "ලිබර්ටි ප්ලාසා" හී පිහිටි "Kandy" රෙදිපිළි අලෙවි සැල්වලින් ද, Mytickets.lk වෙතින් මාර්ග ගත ක්‍රමයට ද මිල දී ගත හැක.

 JW
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය