ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 14දා එනම්, අද දින ප. ව 2ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වේ.

රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ගේ සහභාගිත්වයෙනි.

Screenshot 2023 09 14 at 13.54.05

මෙහිදී සාහිත්‍යකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සාහිත්‍යරත්න සම්මානය සිංහල භාෂාව සඳහා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දෙමළ භාෂාව සඳහා කේ. සට්ටනාදන්, ඉංග්‍රීසි භාෂාව සඳහා මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් වෙත පිරිනැමේ.

ශ්‍රී ලාංකේය සාහිත්‍යය ක්ෂේත්‍රය විශිෂ්ට සාහිත්‍යය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍යය උපදේශක සභාව එක්ව සංවිධානය කරන අතර මෙහිදී භාෂා ත්‍රිත්වයෙන් විෂය ක්ෂේත්‍ර 19ක් යටතේ රාජ්‍ය සාහිත්‍යය සම්මාන 41ක් පිරිනැමීමට නියමිතය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්