කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ගණකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ ඊයේ (29) නියෝග කළේය.


බදු නොගෙවා පැහැර හරින ලදැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා කඩුවෙල කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ රජයට ගෙවීමට ඇති බදු ප්‍රමාණයට සමාන ඇප මත මුදා හරින ලද්දේ ඩබ්ලිව්. රොෂාන් නමැති ගණකාධිකාරීවරයාය.

2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු, වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

සමාගම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බදු ගෙවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විත්තිකාර සමාගම රීට් පෙත්සමක් ගොනු කර ඇති බවය.

(lankadeepa.lk -රෝෂන් තුෂාර)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්