ආසන 34,000ක් සහ නියමාකාරයෙන් කප්පාදු කළ සුමුදු කෙන්ටකි නිල් තණකොළ පිටියකින් යුත් යෝධ ක්‍රීඩාංගණයක් අමෙරිකාවේ නිව්යෝක්
නගරසාන්නයේ උද්‍යානයක ඉහළට මතුවෙමින් තිබෙන්නේ ලෝකයේ ඉහළ ම පෙලේ ක්‍රිකට් තරගාවලියකට ලබන මාසයේදී සත්කාරකත්වය දැක්වීම පිණිස.
නිව්යෝක් ප්‍රාන්තයේ Nassau ප්‍රදේශයේ Eisenhower උද්‍යාන භූමියේ ඉදිවෙමින් තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රථම විස්සයි20 ලෝක කුසලාන තරගය ජූනි 3 වැනිදා පැවැත්වෙන්නේ 2014 ශූරයින් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර.

නමුත් Long Island හි Eisenhower උද්‍යානයේ අනෙක් පසෙන් දැනටමත් දක්නට තිබෙන්නේ තරුණ අඹයාළුවන් පිරිසක් තාවකාලික තණතිල්ලක පිතිකරණයේ, පන්දු යැවීමේ හා පන්දු රැකීමේ නිරත වෙමින් කාර්යබහුලව සිටින අයුරු.
විස්සයි20 - T20 - ලෝක කුසලානය අමෙරිකාවේ පවත්වනු ලබන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූව ද ශතක ගණනාවක් පැරණි මේ ඉංශ්‍රීසි ක්‍රීඩාව වසර ගණනාවක් මුළුල්ලේ නිව්යෝක් නගරයේ ඈත කොනේ පිහිටි පෙදෙස්වල සරුවට වැඩෙමින් තිබෙන්නේ නොනවතින දකුණු ආසියානු හා කැරිබියන් සංක්‍රමණය නිසා.
සෑම වසන්තයකම, නිව්යෝක් ප්‍රාන්තයේ Bronx හා Queens නගරවල සිට Long Island දූපත හා New jersey ප්‍රාන්තය දක්වා තිබෙන උද්‍යාන ප්‍රාණවත් වන්නේ නොයෙකුත් ක්‍රීඩා ලීගයන් විසින් සත්කාරකත්වය දක්වන සතිඅන්ත ක්‍රිකට් තරගාවලියන්ගෙන්.

අමෙරිකාව ඔවුන්ගේ පළමු FIFA ලෝක කුසලාන තරගාවලියට 1994 වසරේදී සත්කාරකත්වය දැක්වූ අවස්ථාවේ පරම්පරා ගණනාවක් හා සංස්කෘතීන් හරහා පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය වූ අයුරින් ම ජූනි මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඊළඟ මට්ටමට ගෙන යනු ඇතැයි අමෙරිකානු ක්‍රිකට් සංවිධායකයින් බලාපොරොත්තු වනවා.
2024 විස්සයි20 ලෝක කුසලානයේ ගෞරවනීය තානාපතිවරයකු වන ‘ලොව වේගවත්ම මිනිසා’ යූසේන් බෝල්ට් පෙරේදා අමෙරිකානු ක්‍රිකට් සංචිතයේ සාමාජිකයන් හා හිටපු නිව්යෝක් පාපන්දු හා බේස්බෝල් විශිෂ්ටයන් සමග දැන් බොහෝ දුරට ඉදිකිරීම් අවසන්ව තිබෙන Eisenhower ක්‍රීඩාංගණයේ සංචාරයක යෙදුනා. බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය වන සර් කර්ට්ලි ඇම්බ්‍රෝස්, 2009 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩක පාකිස්තානයේ ෂොයිබ් මලික් සහ එංගලන්තයේ ලියාම් ප්ලන්කට් ද මේ අවස්ථාවට සහභාගි වූ අතර මේ සියළු දෙනා නව ක්‍රීඩාංගණයේ පළමු අමුත්තන් ලෙස අසුන් ගත්තේ ක්‍රීඩාංගණයේ හොඳම දර්ශනය තිබෙන ආසනවල.
ජූනි 9 වැනිදාට නියමිත ඉන්දු - පාකිස්තාන් තරගය ඇතුළුව අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගවලින් අඩක් ම ක්‍රීඩා කෙරෙන්නේ මේ ක්‍රීඩාංගණයේ.
ජූනි 1 වැනිදා ඇරඹෙන තරගාවලිය යටතේ අමෙරිකාවේ ක්‍රීඩා කෙරෙන අනෙකුත් තරග පැවැත්වෙන්නේ දැනටමත් තිබෙන ටෙක්සාස් හා ෆ්ලොරිඩා ක්‍රීඩාංගණවල.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






