සමාජීය සත්කාරයක් සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් Amour Organization විසින් සංවිධානය කරනු ලබන නීතිඥ වෘත්තිකයන් පමණක් නිරූපණය කරන විලාසිතා දැක්මක් ''Fashion for freedom'' නමින් ඔක්තෝම්බර් මස 7 වන දින ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ප්‍රවීණ නිරූපණ ශිල්පී චූලා පද්මේන්ද්‍ර ගේ මෙහෙයවීම යටතේ සහ මෙරට තවත් ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පීන්ගෙ දායකත්වයෙන් මෙම දැක්ම පැවැත්වේ.

''Fashion for freedom'' විලාසිතා දැක්ම පිළිබඳ නීතිවේදීනි නිරූපා සේරසිංහ සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් පළ කර තිබුණි.

377248938 24465895786342940 8838427920193923790 n

'' ඉස්කෝල වැහිලා හිරගෙවල් ඇරෙන රටක අපි මොන තරම් අවාසනාවන්තද. මේ අවපැහැ ගැන්වුණ සමාජය ඇතුළෙ අපි තාමත් උත්සහ කරන්නෙ ඉන්ද්‍රචාපයක් වෙන්න. ඒ වෙනුවෙන් ම අපි වෛර්ණ හැන්දෑවක් ලහි ලහියේ ලෑස්ති කරනවා කියල ඔයාලා හැමෝම දන්නවා.

ඒ හැඩකාර හැන්දෑව ඇසින් දුටු සාක්ෂිකාරයන් වීමේ ගෞරවාන්විත පංගුකාරයන් වීමට ඔබේ අසුනත් වෙන් කරගන්න කියන ආරාධානයයි මේ.


ඔක්තෝබර් 7 වෙනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ amor සංවිධානය විසින් සංවිධානය කරන Fashion for Freedom විලාසිතා දැක්මට ඔබ එන්න ම ඕන.

උසාවියෙන් දඩ නියම වෙලත් දඩ ගෙවාගන්න බැරි කාන්තාවන් වෙනුවෙන් සහ මව්වරු බන්ධනාගාරගත වීම නිසා බන්ධනාගාරය තුළ සිටින දරුවන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක මේ විලාසිතා දැක්ම හැම අතින්ම වෙනස්.

ලංකාවේ පළවෙනි වතාවට නීතිඥ කණ්ඩායමක් විතරක් සහභාගි වෙන මේ විලාසිතා දැක්ම ඔබේ ඇසට අයස්කාන්ත දසුනක් වගේම මනසට මනස්කාන්ත හැඟීමක් මුසු කරනවා ඒකාන්තයි.

හිරගෙවල් වහන්න අපිට බැරි බව ඇත්ත වුණත් හිරගෙවල්වල බිත්ති හතර මැද්දේ හෙළන මහා සුසුමක බර සැහැල්ලු කරන්න අපි එකතු වුණොත් පුළුවන් කියල අපි අපිට සහතික වෙමු!''

ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න :

නිරූපා 077 7844684
චූලා 077 6594994

 

සබැඳි පුවත් :
සුළු වැරදි කරන කතුන්ගේ පිහිටට ‘AMOUR' එයි

කළු ලෝගුවෙන් විලාසිතාවට බසින අපේ නීතිඥවරියන් 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්