රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ෂර්ලි සමරසිංහගේ කුළුඳුල් සිනමා සිත්තම "පියාඹන්න ආයෙත්"
හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කෙරුණි.
සිනමාපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි විසිනි.
උදාර පල්ලියගුරුගේ තිර රචනයකට අනුව ඔහු විසින්ම නිෂ්පාදනය කළ "පියාඹන්න ආයෙත්" සිනමාපටයේ රූගත කිරීම් අනුරාධපුරය, යාපනය, නුවරඑළිය ඇතුළු ලංකාවේ ප්‍රදේශ කිහිපයකම සිදු කර තිබෙනවා.
මෙම සිනමාපටය නුදුරේදීම ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
(අවාරා)
THE LEADER TV
අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!
ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්!