'ස්පන්දන' සමාරම්භක උත්සවය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 2022 ජුනි 03 වන දින ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා පැවැත්වේ. ඊට අමතරව ජුනි 4, 5 දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ද සැමට විවෘතව පවතියි.
ඇක්‍රිලික් සහ තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් අඳින ලද කැන්වස් චිත්‍ර 30ක් ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි.
වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක මෙන්ම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද ඇය කටයුතු කරයි.
ප්‍රසාදිනී, දීර්ඝ කලක පටන් චිත්‍ර විෂයය ඇසුරෙහි නිරන්තර පර්යේෂණයෙහි යෙදෙන්නියකි.





