BREAKING
Top Ad
Life

විනෝදයත් වින්දනයත් සමඟින් ක්‍රීඩාව නඟා සිටුවන්න 1 Billion Goal එකක්!

T

The Leader

October 26, 2023 • 3:12 AM

විනෝදයත් වින්දනයත් සමඟින් ක්‍රීඩාව නඟා සිටුවන්න 1 Billion Goal එකක්! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් නඟා සිටුවන්නට විශේෂ ක්‍රීඩා අරමුදලක් ඇති කරන්න ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පියවරක් අරන්.
  • දෙවනුව මේ මස 28 වන දා Mr & Miss Twin Sri Lanka 2023 Grand Finale තරඟය පැවැත්වෙනවා.
  • තෙවනුව ඉන්දියානු ප්‍රවීන ගායකශිල්පී ශංකර් මහාදේවන් සමඟින් ප්‍රියංකා, භාරත් හා පුන්‍යා ඇතුළු තවත් ඉන්දියානු කලාකරුවන් සහභාගී වන The Legend Shankar Mahadevan Live In Concert මේ මස 29 වන දා පැවැත්වීමට නියමිතයි.  ටිකට් පත් මිල දී ගැනීමට ....
අකුරු ප්‍රමාණය (Font Size):


ඔබට විනෝදය නොඅඩුව ලබාදෙන ගමන් තමයි මේ අරමුදල තරකරන්න යන්නේ.

ඒ අනුව මේ මස 27, 28, 29 තෙදින පුරා දේශිය මෙන්ම විදේශිය ජනප්‍රිය තරු පිරිවරා ගනිමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී ප්‍රසංගයන් පෙළක් පැවැත්වීමට නියමිතයි. 

මෙහි විශේෂත්වය වන්නේ, මෙම ප්‍රසංගයන්ගේ මුදල් ශ්‍රී ලංකා ක්‍රීඩා අරමුදලට එකතු වීමයි. 

ඒ  ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීමේ 1 Billion Goal හී ප්‍රථම අධියර වශයෙනුයි.  

PHOTO 2023 10 26 10 31 27
1 Billion Goal හී ප්‍රථම අධියර ලෙස පැවැත්වන ප්‍රසංගයන් ත්‍රිත්වයේ පිළිවෙලින් පළමුවැන්න ලෙස Rise 2023 Music Fiesta නමින් ප්‍රවීන ගායන ශිල්පීන් හා ශිල්පිනීන් වන කසුන් කල්හාර, රූකාන්ත ගුණතිලක, රයිනි චාරුකා, Centigradz, කෙෂාන් ශශීන්ද්‍ර, රදේශ් වැන්දබෝනා සමඟින් Unity සංගීත කණ්ඩායම ගයන ප්‍රසංගය මේ මස 27 වන දා සවස 6.30 පැවැත්වීමට නියමිතයි.

PHOTO 2023 10 26 10 31 27 2
දෙවනුව මේ මස 28 වන දා Mr & Miss Twin Sri Lanka 2023 Grand Finale තරඟය පැවැත්වෙනවා.

PHOTO 2023 10 26 10 31 27 5
තෙවනුව ඉන්දියානු ප්‍රවීන ගායකශිල්පී ශංකර් මහාදේවන් සමඟින් ප්‍රියංකා, භාරත් හා පුන්‍යා ඇතුළු තවත් ඉන්දියානු කලාකරුවන් සහභාගී වන The Legend Shankar Mahadevan Live In Concert මේ මස 29 වන දා පැවැත්වීමට නියමිතයි. 

ටිකට් පත් මිල දී ගැනීමට ....

මේ සියළුම ප්‍රසංගයන් සඳහා ටිකට් මිල දී ගැනීමේ පහසුකම සලසා තිබෙනවා.

ඒ අනුව 27 හා 28 යන දෙදිනයන් හී පැවැත්වෙන ප්‍රසංගයන් සඳහා Mytickets.lk වෙබ් අඩවිය වෙතින් ද 29 වන දා ප්‍රසංගය සඳහා ටිකට් පත්  lk.bookmyshow.com වෙතින් අන්තර්ජාලය හරහා මිල දී ගැනීමේ පහසුකමෙන් සතුයි. 

ඒ වගේම මේ සියලූ ප්‍රසංගයන් සඳහා ඔබට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යයෙන් හෝ ඔබට එදින දොරටුවෙන්ද ටිකට් පත් මිල දී ගැනීමට පුළුවන්. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...