BREAKING
Top Ad
Life

පිකාසෝගේ 'කවුළුවක් අසල වාඩිගෙන සිටින කත' ඩොලර් මිලියන 100කට විකිණේ

T

The Leader

May 14, 2021 • 10:48 PM

පිකාසෝගේ 'කවුළුවක් අසල වාඩිගෙන සිටින කත' ඩොලර් මිලියන 100කට විකිණේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඥ්ඥ ජාතික සිතුවම් ශිල්පී පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද "කවුළුවක් අසල වාඩිගෙන සිටින කත" නම් සිතුවම ඩොලර් මිලියන සියයකට වැඩි මුදලකට වෙන්දේසි වී තිබෙනවා.
  •   ප්‍රංශ භාෂාවෙන් Femme Assise Pres d'Une Fenetre (මාරි-තෙරේස්) මැයෙන් නම් කළ මේ සිත්තම ඇඳීමට මුල්වූයේ පිකාසෝගේ තරුණ ප්‍රියාව, මාරි තෙරේස් වෝල්ටර් බව කියවේ.
  • එය මින් වසර 8කට පමණ පෙර අලෙවි වී තිබුණේ ඩොලර් මිලියන 44.8කට ය.
  •   1881 උපත ලබා 1973 දී මියගිය පැබ්ලෝ පිකාසෝ විසින් මෙම චිත්‍රය 1932 වසරේ ප්‍රංශයේ දී අඳින ලද බව පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ, මිලියන 100කට වැඩි මිලකට අලෙවි වූ ඔහුගේ පස් වෙනි සිතුවම බවට පත්වෙමිනි.
 
ප්‍රංශ භාෂාවෙන් Femme Assise Pres d'Une Fenetre (මාරි-තෙරේස්) මැයෙන් නම් කළ මේ සිත්තම ඇඳීමට මුල්වූයේ පිකාසෝගේ තරුණ ප්‍රියාව, මාරි තෙරේස් වෝල්ටර් බව කියවේ.
 
බ්‍රහස්පතින්දා (13) දින ඇමරිකාවේ නිව්යෝක් නුවර ක්‍රිස්ටි වෙන්දේසි නිවසේ දී ඩොලර් මිලියන 103.4 මුදලකට වෙන්දේසි වූ මෙම චිත්‍රය පමණක් ඩොලර් මිලියන 90ක් වූ බවත් කොමිස් මුදල් ඇතුළු අනෙකුත් ගාස්තුවල එකතුවෙන් මුළු මුදල තීරණය වූ බවත් වාර්තා වේ. 
 
සිතුවම ඩොලර් මිලියන 55කට පමණ අලෙවි වේ යැයි වෙන්දේසි නිවස තක්සේරු කර තිබුණි. එය මින් වසර 8කට පමණ පෙර අලෙවි වී තිබුණේ ඩොලර් මිලියන 44.8කට ය.
 
1881 උපත ලබා 1973 දී මියගිය පැබ්ලෝ පිකාසෝ විසින් මෙම චිත්‍රය 1932 වසරේ ප්‍රංශයේ දී අඳින ලද බව පැවසේ.
 
(අවාරා)

 

 

 


 

THE LEADER TV 

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...