BREAKING
Top Ad
Life

ජෙරල්ඩ් වික්‍රමසූරියගේ 101 වැනි ජන්ම දිනය අදයි!

T

The Leader

March 22, 2021 • 12:48 AM

ජෙරල්ඩ් වික්‍රමසූරියගේ 101 වැනි ජන්ම දිනය අදයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ගීත සාහිත්‍යය වංශ කතාව නව මගක ගෙන යන්නට අමිල මෙහෙවරක් ඉටු කළ
  •   1920 වර්ෂයේ මාර්තු මස 22 වැනි දින උපත ලද ඔහු අපෙන් සමුගත්තේ 2006 වසරේ ජනවාරි 9 වැනිදා යි.
  •   එදා සතිපතා විකාශය කෙරුණු Sooriya Show ශ්‍රාවකයින් අතර අතිශ්‍ය ජනප්‍රිය විය.
  •   කතෘ භාග ගෙවීම් පිළිබද අසාවත් නොතිබුණු 80 දශකය මුල පටන් නිර්මාණ ශිල්පීන්ට කතෘ භාග ගෙවීමට පුරෝගාමී වූයේ ද ජෙරල්ඩ් වික්‍රමසූරිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
ජෙරල්ඩ් වික්‍රමසූරියගේ 101 වැනි ජන්ම දිනය අදට (22) යෙදී තියෙනවා.
 
1920 වර්ෂයේ මාර්තු මස 22 වැනි දින උපත ලද ඔහු අපෙන් සමුගත්තේ 2006 වසරේ ජනවාරි 9 වැනිදා යි.
 
සූරිය ලේබලය යටතේ ඔහු නවක ගායක ගායිකාවන් රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා.
 
විශේෂයෙන්ම කණ්ඩායම් සංගීතය ප්‍රචලිත කරන්නට ජෙරල්ඩ් වික්‍රමසූරිය කළ මෙහෙය අනුපමේය යි.
 
මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, ත්‍රී සිස්ටර්ස්, ලා බම්බාස්, ලොස් ෆ්ලෙමෙන්කොස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, වින්ස්ලෝසික්ස්, සමනලයෝ, මෙන්ඩිස් ෆෝසම් වැනි ගායක කණ්ඩායම් රැසකගේ ජනප්‍රියම ගීත එළි දැක්කේ සූරිය ලේබලය යටතේයි.
 
මෙම ගීත ප්‍රචාරයට එවක ගුවන් විදුලියේ සිංහල සේවය ඔස්සේ ඉඩක් නොලැබුණු අතර මේවා ජනගත කෙරුණේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය ඔස්සේ ‍යි.
 
එදා සතිපතා විකාශය කෙරුණු Sooriya Show ශ්‍රාවකයින් අතර අතිශ්‍ය ජනප්‍රිය විය.
 
The Sooriya Show නමින් නිකුත් කෙරුණු LP තැටිය ප්‍රථම සිංහල LP තැටිය විය.
 
කතෘ භාග ගෙවීම් පිළිබද අසාවත් නොතිබුණු 80 දශකය මුල පටන් නිර්මාණ ශිල්පීන්ට කතෘ භාග ගෙවීමට පුරෝගාමී වූයේ ද ජෙරල්ඩ් වික්‍රමසූරිය යි.
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය  නිෂ්පාදනය කළ ගීත සමුච්චයක් පහතින්.
 
 
සබැඳි විශේෂාංගය:
 
 
 
 

 

 

 


 

 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...