BREAKING
Top Ad
Life

වර්ගවාදී හිරිහැරවලට මුහුණ දුන් කළු ජාතික බැලේ නර්තන ශිල්පිනියකට යුරෝ 16,000ක වන්දියක්

T

The Leader

April 25, 2021 • 12:01 PM

වර්ගවාදී හිරිහැරවලට මුහුණ දුන් කළු ජාතික බැලේ නර්තන ශිල්පිනියකට යුරෝ 16,000ක වන්දියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ ප්‍රමුඛ පෙළේ බැලේ සමාගමක් වන Berlin State Ballet හි සිදුවූ වර්ගවාදී හිරිහැර
  •   අධිකරණයට නොගොස් පැමිණි එකඟතාවයකට අනුව සමාගම සමග ඇයගේ ගිවිසුම ද අලුත් කර ඇත.
  •   ක්ලෝයි ලෝපේස් ගෝමස් නම් 29 හැවිරිදි ප්‍රංශ ජාතික ඇය, 2018 වසරේ දී සමාගම විසින් බඳවා ගත් පළමු කළු ජාතික බැලේ නර්තන ශිල්පිනිය යි.
  •     Berlin State Ballet හි බැලේ ගුරුවරියකගෙන් සිදුවූ කරදර ගැන ඇය පැමිණිලි කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
ගැන පැමිණිලි කළ කළු ජාතික බැලේ නර්තන ශිල්පිනියකට වන්දි වශයෙන් යුරෝ 16,000ක මුදලක් පිරිනමා තිබෙනවා.
 
අධිකරණයට නොගොස් පැමිණි එකඟතාවයකට අනුව සමාගම සමග ඇයගේ ගිවිසුම ද අලුත් කර ඇත.
 
ක්ලෝයි ලෝපේස් ගෝමස් නම් 29 හැවිරිදි ප්‍රංශ ජාතික ඇය, 2018 වසරේ දී සමාගම විසින් බඳවා ගත් පළමු කළු ජාතික බැලේ නර්තන ශිල්පිනිය යි.  
 
Berlin State Ballet හි බැලේ ගුරුවරියකගෙන් සිදුවූ කරදර ගැන ඇය පැමිණිලි කර තිබුණි.
 
එක් නිෂ්පාදනයක් අතරතුර දී, ගුරුවරිය නර්තන ශිල්පිනියන්ට සුදු වේලයක් ලබා දෙමින් එය පැළඳ ගන්නා ලෙස කියා සිටි අතර "මට ඔයාට එකක් දෙන්න බෑ. වේල් එක සුදු පාටයි ඔයා කළු පාටයි," යනුවෙන් තමන්ට පැවසූ බව ක්ලෝයි පවසයි. 
 
Chloe Lopez Gomez
 
හංස විල බැලේ නාට්‍ය නිෂ්පාදනයක දී අනෙක් නර්තන ශිල්පින් හා "මුහු වීමට" සුදු පැහැ වෙස් ගැන්වීම් පාවිච්චි කරන ලෙස එම ගුරුවරියම තමන්ට බල කළ බවත් ඇය කියා සිටියා ය. 
 
වර්ගවාදී වෙනස්කම් ගැන ක්ලෝයිගේ චෝදනාව "අප තුළ බලවත් පෙළඹවීමක් ඇති කළ" බව සමාගම පවසන අතර කාර්ය මණ්ඩලය අතර වර්ගවාදය ගැන විමසා බැලීමට ඔවුන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 
"පොඩි ජයග්‍රහණයක් වුණත් බැලේ නර්තන ලෝකයේ ලොකු පියවරක්," යනුවෙන් එකඟතාවය ගැන අදහස් දක්වමින් ක්ලෝයි සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා ඇත.
 
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු සහයෝගය ගැන ප්‍රතිචාර දක්වමින් ක්ලෝයි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ "ප්‍රතිපලය ගැන මම බයෙන් හිටියත් හොඳම දේ කතා කිරීම කියන එක මට තේරුණා. මම හැමෝම උනන්දු කරන්නේ නිහඬව ඉන්න එපා කියලා."
 
 Chloe Lopez Gomez2
 
(අවාරා)

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...