BREAKING
Top Ad
Life

පොතක් ගැන කතාවක් : අනුරාධ මහසිංහගේ 'බැමිණිතිකාලය' 16 රාත්‍රී 9ට

T

The Leader

June 15, 2021 • 2:30 AM

පොතක් ගැන කතාවක් : අනුරාධ මහසිංහගේ 'බැමිණිතිකාලය' 16 රාත්‍රී 9ට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වතන්ත්‍ර නවකතාව සහ සිංහලට පරිවර්තිත නවකතාව කේන්ද්‍ර කර ගනිමින් 'සූම්' තාක්ෂණය ඔස්සේ කෙරෙන 'පොතක් ගැන කතාවක්"
  • 9 ට සාකච්ඡාවට ගනු ලබන්නේ අනුරාධ මහසිංහ විසින් රචනා කරන ලද "බැමිණිතිකාලය" කෘතිය යි.
  • මීට අමතරව ඔහු විසින් ගණිතය විෂයයට අදාළව විෂයානුබද්ධ ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත.
  • 2016 වසරේ දී 'සයුර' ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ 'බැමිණිතිකාලය' ශ්‍රී ලංකාවේ එක්තරා යුගයක සුවිශේෂී කාලවකවානුවක් අරබයා රචනා වන කෙටි නවකතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවාද මාලාවේ එළඹෙන ජුනි මස 16 වැනිදා, බදාදා, ප.ව. 9 ට සාකච්ඡාවට ගනු ලබන්නේ අනුරාධ මහසිංහ විසින් රචනා කරන ලද "බැමිණිතිකාලය" කෘතිය යි.

අනුරාධ මහසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ක්වොන්ටම් පරිගණක විද්‍යාව (Quantum computing) පිළිබඳ ආචාර්යවරයෙකි. 'කිඳුරා වැටුණු තැන' කාව්‍ය සංග්‍රහයත්, 'පැතලිලන්තය' නම් පරිවර්තන ග්‍රන්ථයත් ඔහු විසින් පළ කරන ලද අනිකුත් සාහිත්‍ය ග්‍රන්ථයන් වේ.

මීට අමතරව ඔහු විසින් ගණිතය විෂයයට අදාළව විෂයානුබද්ධ ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත.

2016 වසරේ දී 'සයුර' ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ 'බැමිණිතිකාලය' ශ්‍රී ලංකාවේ එක්තරා යුගයක සුවිශේෂී කාලවකවානුවක් අරබයා රචනා වන කෙටි නවකතාවකි. පිටු 72 ක් තුළ ගොනුව ඇති මෙම නවකතාව හුදෙක් ඉතිහාස නවකතාවක් ලෙස ගොනුකළ නොහැකි වර්තමානය තුළ ද කියවා ගත හැකි සහ කියවා ගත යුතු වියමනකින් යුක්ත බව පාඨක, විචාර අදහසයි.

මෙම මස 16 වන දින පොතක් ගැන කතාවක් වැඩසටහන තුළින් මෙම නවකතාව පුළුල්ව සංවාදයට ගැනීමට නියමිත අතර එහි ප්‍රධාන අදහස් දැක්වීම ප්‍රවීණ ලේඛක මංජුල වෙඩිවර්ධන විසින් සිදු කරනු ලැබීමට නියමිතය.

'පොතක් ගැන කතාවක්' මෙහෙයවනු ලබන්නේ වෘත්තීයෙන් රසායන විද්‍යා ආචාර්යවරයකු වන පුලස්ති A. ලිවේරා විසිනි.

මෙම සංවාදය සඳහා සම්බන්ධ වීමට ඔබට පහත ZOOM ලින්කුව භාවිත කළ හැකිය.

https://us02web.zoom.us/j/8503155015?pwd=elBIS2RGSG55OXYxZ2kwMnJEL1ZKQT09

Meeting ID: 850 315 5015
Passcode: chem123

ඊට අමතරව 'පොතක් ගැන කතාවක්' youtube නාලිකාව ඔස්සේ ද, 'අහස' ප්‍රකාශන facebook අවකාශය ඔස්සේද මෙය සජීවීව විකාශනය වේ.

 
 
 
##########
 
THE LEADER TV 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...