BREAKING
Top Ad
Opinion

2020 ‌‌මෝඩි‍ ඔට්ටු අල්ලන ලංකාවේ අශ්වයා කවුද?

T

The Leader

June 15, 2019 • 1:15 AM

2020 ‌‌මෝඩි‍ ඔට්ටු අල්ලන ලංකාවේ අශ්වයා කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපුල් ‌ජෝෂප්‌‌ ප්‍රනාන්දුගේ 'ගුරුදා විග්‍රහය'
  • එය නිකුත් කර තිබුණේද මෝඩි ඉන්නේ තමන් සමග බව පෙන්වීමට විය යුතුය.
  • එම මිත්‍රකම තවත් ලොකුවට පෙන්නන්න මෛත්‍රි වැස්ස වේලාවේ මෝඩිට කුඩය ඇල්ලූවේය.  ඊට එරෙහිව සමාජ මාධ්‍යවලින් ප්‍රහාර එල්ල වුවද මෛත්‍රිට වුවමනා වූයේ තමන් සහ මෝඩි අතර පෞද්ගලික සබදතාවක් ඇති බව පෙන්නන්නටය.
  • මහින්දට අවශ්‍ය වුණේ නාමල් සහ මෝඩි සෙට් කර නාමල්ට මෝඩි සමග සමීප මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්නටය.
අකුරු ප්‍රමාණය (Font Size):



පහුගිය ඉරිදා මහ වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුණේ ඉන්දීය අගමැති මෝඩි සහ මෛත්‍රිරීපාල සමීපව ඉන්නා ඡායාරූපයකි. එහි සටහන්ව තිබුණේ මිත්‍ර‍ත්වය ගැනයි. මෝඩිගේ සංචාරය තම වාසියට හරවා ගන්න මෛත්‍රිවාදීන් හිතුවා විය හැකිය. 

ඊට පෙර මෝඩි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගි වීමට ඉන්දියාවට ගිය මෛත්‍රි මෝඩි තමාව වාහනය අසලටම ගෙනැවිත් ඇරලන පින්තූරයක් මාධ්‍යයට නිකුත් කර තිබිණි. එය නිකුත් කර තිබුණේද මෝඩි ඉන්නේ තමන් සමග බව පෙන්වීමට විය යුතුය. එම මිත්‍රකම තවත් ලොකුවට පෙන්නන්න මෛත්‍රි වැස්ස වේලාවේ මෝඩිට කුඩය ඇල්ලූවේය. 

z p01 Indian 01ඊට එරෙහිව සමාජ මාධ්‍යවලින් ප්‍රහාර එල්ල වුවද මෛත්‍රිට වුවමනා වූයේ තමන් සහ මෝඩි අතර පෞද්ගලික සබදතාවක් ඇති බව පෙන්නන්නටය. මෝඩි පැය කිහිපයකට ලංකාවට ආ නිසා රනිල් මෝඩි හමුවීමේ අවස්ථාව ලබාගෙන තිබුණේ වාහනය තුළය.

 සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයකු තම රටට වටිනා, තම රටත් සමග මිත්‍රශීලී විදේශ රාජ්‍ය නායකයෙක් පැමිණෙන විට ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපොළට ගොස් ඔහුත් සමග වාහනයේ ඒම ප්‍රකට රාජ්‍යතාන්තත්රික සම්ප්‍රදායකි. 

2018දී ඉන්දියාවේ සංචාරයකට ආ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පිළිගැනීමට මෝඩි ගුවන් තොටුපොළට ගියා පමණක් නොව ඔහුත් සමග වාහනයේ එකට ගමන් ගත්තේය. 

රනිල්ද මෝඩි පිළිගැනීමට ගුවන් තොටට ගියේ ඔහු තමාටත්, රටටත් වටිනා රාජ්‍ය නායකයෙක් බව පෙන්වන්නටය. රනිල් මෝඩි සමග වාහනයෙන් ගියේ එකටය. 

මහින්ද මෝඩි හමුවීමට ගියේ තම පුත් නාමල් රාජපක්ෂද කැටුවය. මහින්දට අවශ්‍ය වුණේ නාමල් සහ මෝඩි සෙට් කර නාමල්ට මෝඩි සමග සමීප මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්නටය. මීට පෙර මහින්ද මෝඩි හමුවීමට ඉන්දියාවට ගියේද නාමල් සම`ගය.

MR Modi Namal”මේ ඔක්කොම මෝඩිව බෙදා ගන්න ෆයිට් කළත් මෝඩි බදාගන්න කැමැති කාවද...?”

මෝඩි අද ඉන්නේ 60, 70, 80 දශකයේ ඉන්දිරා ගාන්ධි හිටපු තැනටත් වඩා ඉහළ තැනකය. ඉන්දියාවේ බිහි වූ බලවත්ම රාජ්‍ය නායිකාව ඉන්දිරාය. ඇය බලවත් වූ විට කළේ තම රට තුළ තමන්ට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් තර්ජන අවම නිසා තම කලාපයෙන් ඉන්දියාවට තර්ජනයක් වන රාජ්‍ය මෙල්ල කිරීමය. 

ඇය බංග්ලාදේශය බිහි කළේත් ලංකාවේ දමිළ සන්නද්ධ කල්ලිවලට උදව් කළේත් ඒ අනුවය. ඒකට කීවේ ඉන්දිරා න්‍යාය කියාය. 

ඉන්දිරාට පසු අද එවැනි න්‍යායක් ක්‍රියාත්මක කරන්න ජන වරමක් ලබාගෙන ඇත්තේ මෝඩිය. අද ඔහුට ඉන්දියාව තුළ අභියෝග කළ හැකි දේශපාලන සතුරන් නැත. ඔහුට අභියෝගයක් එල්ල විය හැක්කේ කලාපයේ පාකිස්තානය, චීනය හෝ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන්ය. ඔහු ලංකාව දෙස බලන්නේ චීන කණ්ණාඩියට පාකිස්තානය සහ අයි.එස්.අයි.එස්. රාමුවක්ද දමාගෙනය.

ඉන්දියාව මේ චීන කණ්ණාඩිය දමා ගත්තේ මහින්ද චීනයට කඬේ යන්න පටන් ගත්තාට පසුව නොවේ. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ චීන බලපෑම ගැන ඉන්දියාව හො`දින් ඇහැගහගෙන සිටියේය. එකල ඉන්දියාවේ පැවති ගාන්ධි ආණ්ඩු චීනයට වඩා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවට බැල්ම හෙළීම ගැන කෝපයෙන් සිටියත් 1961දී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව චීනයට කත්ඇදීම ඉවසුවේ නැත. 

ඉන්දියාවේ ගාන්ධිලා ලංකාවේ සෝවියට්වාදී බණ්ඩාරනායකවරුන්ගේ ආණ්ඩුවලට කැමති වුවත් මැතිනිය ඉන්දු - චීන යුද්ධය වේලාවේ චීනයට කඬේ යෑම ඉවසුවේ නැත. ප්‍රතිඵලය 1964 ඇයගේ විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව කඩාගෙන වැටීමය.

ත්‍රීකුණාමල වරායේ සහ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් යද්දීය. අද චීනය හම්බන්තොට වරායක් ඉදිකර ඇතිවා පමණක් නොව කොළඹ වරාය නගරයක්ද ඉදිකරමින් සිටී. 

මහින්දට ගෙදර යන්න සිදුවූයේ මහින්දගේ මේ චීන වන්දනාවට එරෙහිව ඉන්දියාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගහපු ගේම් නිසාය. මහින්ද චීන සබ්මැරීන් කොළඹ වරායට ගෙන්වන විට ඉන්දියාවේ ඉහමොළ රත් විය. 

මෛත්‍රිපාල ආවෙ ඉන්දියාව ඇමෙරිකාව ප්‍රමු‍රඛ බටහිර රටවල් මහින්දට පාඩමක් උගන්වන්න තීරණය කිරීමෙන් පසුවය. මෛත්‍රීපාල රනිල් සමග ආණ්ඩුව හදා මහින්ද චීනයෙන් ගත් ණයවල පොලිය ගෙවන්න හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ ඉන්දියාවේ අකැමැත්ත මධ්‍යයේය. 

චීනයට වරාය බදු දෙන ගමන් ඉන්දියාවට සහ ජපානයට කොළඹ වරායේ පර්යන්තයක් සංවර්ධනය කිරීමට ගිවිසුම් ගැහුවේ ඉන්දියාව බැලන්ස් කර ගන්නටය. මහින්දගේ ආණ්ඩුව ගුවනත් සමග සින්නක්කරව චීනයට විකුණපු කොළඹ වරාය නගර ගිවිසුම මෛත්‍රි - රනිල් ආණ්ඩුව වෙනස් කළේ ඉන්දියාව ෂේප් කරගන්නටය.

මේ ඉන්දියාව යාළු කරගෙන ගේම ගැහුවේ රනිල්ය. මෛත්‍රි හම්බන්තොට වරාය චීනයට බදු දෙනවාට කැමැති වුණත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට සංවර්ධනය කරන්න ඉඩ දෙනවාට කැමැති වූයේ නැත. ඉන්දියාව චීනයේ නොරොච්චෝලේ විදුලි බලාගාරය බැලන්ස් කරන්න ගෙන ආ සාම්පූර් විදුලි බලාගාර යෝජනාවටද මෛත්‍රි ඉඩ දුන්නේ නැත.

මේ නිසා මෛත්‍රි කොයිතරම මෝඩිට කුඩ ඇල්ලූවත් ඉන්දියාව ඉන්නේ මෛත්‍රි සමග හොද හිතකින් නොවේ. මහින්ද විමල්ලාගේ, ගම්මන්පිලලාගේ ඉන්දීය විරෝධය පාලනය කොට ඉන්දියාවට කඬේ යන්න පටන් ගත්තේ මෛත්‍රී සහ ඉන්දියාව අතර හොද හිත පලූදු වීමෙන් පසුවය. 

මාව බලයෙන් ඉවත් කොට නුඹලා ගෙන ආ මෛත්‍රි නුඹලාට කොකා පෙන්වනවා නොවේ දැයි අහන නිසාවෙන් මහින්ද ඉන්දියාවට පවන් සලයි. ඉන්දියාව මෛත්‍රීට මෝඩි දිවුරුමට ආරාධනා කළේ මෛත්‍රිට ඇති අමුතු ආදරයකට නොව කපන්න බැරි අත සිඹින්නා වගේය. 2014 මෝඩි අගමැති වූ විටත් මහින්ද චීන වන්දනාවේ යද්දි මහින්දට මෝඩි දිවුරුම් දෙන උළෙලට ආරාධනා ලැබුණේ කපන්න බැරි අත සිඹින නිසාවෙනි.

ඉන්දියාව මෛත්‍රී ගැන බලාපොරොත්තු තබා ඇතැයි සිතිය නොහැකිය. මෛත්‍රිට තව ඇත්තේ මාස 5ක් පමණි. ඉන්දියාව 2015 හිතන්න ඇත්තේ 2020ත් මෛත්‍රි - රනිල් සන්ධානයක් ගැනය. ඒත් මෛත්‍රි ඒ සියල්ල නැතිකර ගත්තේය. 

sri lanka prime minister ranil wickremesinghe with india prime minister narendra modiමහින්ද ඉන්දියාවට ලව් කරන්න පටන් ගත්තේ මෛත්‍රි ඉන්දියාවට පමණක් නොව ඉන්දීය බුද්ධි අංශවලටත් සත්තම දාන්න පටන්ගනිද්දීය. මහින්දට ඕනා ඉන්දියාවත් එක්ක තිබුණු පරණ යාළුකම් අලූත් කරගන්නටය. 

රනිල් මෝඩි පිළිගෙන මෝඩි යන වාහනයට නැග්ගේ ඉන්දියාවට විශ්වාසය තැබිය හැකි එකම නායකයා තමා බව පෙන්වීමටය. මහින්ද මෝඩි හමුවීමට නාමල්ව රැගෙන ගියේ රටේ නායකයා වෙන්න ඉන්දියාවේ ආශීර්වාදය නාමල්ට දෙන්න කියන්නාක් මෙන්ය.

හැබැයි ඉන්දියාව 2020ට ඔට්ටු අල්ලන්නේ ලංකාව තුළ චීන බලපෑම් අවම කරන්න පුළුවන් නායකයාටය. ඒ වගේම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඉන්දියාවට ගහන්න ලංකාවේ මුස්ලිම් අන්තවාදී මිනිස් බෝම්බ හදන්න ඉඩ නොදෙන නායකයකුටය.

”නායකයා කවුද...?”

කවුරු වුණත් ඉන්දියාව ඔට්ටු අල්ලන අශ්වයා පරදින්නේ නැති බව නම් ෂුවර්ය.

(උපුල් ‌ජෝෂප්‌‌ ප්‍රනාන්දුගේ 'ගුරුදා විග්‍රහය')

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...