BREAKING
Top Ad
Life

2020 ග්‍රේෂියන් සාහිත්‍ය ත්‍යාගය කාමෙල් මිරැන්ඩාට

T

The Leader

July 5, 2021 • 2:02 AM

2020 ග්‍රේෂියන් සාහිත්‍ය ත්‍යාගය කාමෙල් මිරැන්ඩාට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉංග්‍රීසි බසින් ග්‍රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් ත්‍යාගය”
  • ඉකුත් සිකුරාදා (2) ඔන්ලයින් ඔස්සේ පැවැත්වුණු වැඩසටහනක දී ජයග්‍රාහකයා නම් කළ අතර ඇයට මෙම ජයග්‍රහණය හිමිවුයේ "Crossmatch" කෘතිය වෙනුවෙනි.
  •       බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්‍රන්ථයට හිමි වූ ත්‍යාග මුදල යොදවමින්, මයිකල් ඔන්ඩාචි නම් වූ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික කතුවරයා විසින් 1992 වසරේ දී ග්‍රේෂියන් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
දිනා ගැනීමට කාමෙල් මිරැන්ඩා පසුගියදා සමත්විය.

ඉකුත් සිකුරාදා (2) ඔන්ලයින් ඔස්සේ පැවැත්වුණු වැඩසටහනක දී ජයග්‍රාහකයා නම් කළ අතර ඇයට මෙම ජයග්‍රහණය හිමිවුයේ "Crossmatch" කෘතිය වෙනුවෙනි.

එසේම, ඉංග්‍රීසියට හරවන ලද හොඳම සිංහල හෝ දමිල සාහිත්‍ය කෘති වෙනුවෙන් පිරිනැමෙන "H.A.I. ගුණතිලක ත්‍යාගය" මෙවර හිමිවූයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටන්" කෘතිය "The Indelible" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ මලින්ද සෙනෙවිරත්නට ය.  
 
E5TC88iWQAcsO7N

 
බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්‍රන්ථයට හිමි වූ ත්‍යාග මුදල යොදවමින්, මයිකල් ඔන්ඩාචි නම් වූ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික කතුවරයා විසින් 1992 වසරේ දී ග්‍රේෂියන් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරන ලදී.
 
p01hwfkd
මයිකල් ඔන්ඩාචි

 
එතුමාගේ මෑණියන් වූ ඩොරිස් ග්‍රේෂියන් වෙනුවෙන් නම් කරන ලද එම සම්මානය ලබා දීමේ අරමුණ වන්නේ ඉංග්‍රීසි බසින් ග්‍රන්ථකරණයෙහි යෙදෙන ලාංකිකයන් උනන්දු කරවීම යි. ආරම්භයේ පටන් මේ තාක් “ග්‍රේෂියන් සම්මානය” වාර්ෂිකව පිරිනැමේ.  
 
 
 
 
##########
THE LEADER TV 
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...! 
 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...