BREAKING
Top Ad
Life

රයිගම් ටෙලි සම්මාන (2020-21) : නිර්දේශ නාම ප්‍රසිද්ධ කෙරේ

T

The Leader

February 26, 2022 • 4:01 AM

 රයිගම් ටෙලි සම්මාන (2020-21) : නිර්දේශ නාම ප්‍රසිද්ධ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020–2021 වර්ෂයන් සඳහා වන 'රයිගම් ටෙලීස්' සම්මාන සඳහා වූ නිර්දේශ නාම ප්‍රසිද්ධ කිරීම (Nomination Evening) ඊයේ (25) සන්ධ්‍යාවේ දී බත්තරමුල 'වොට්ස් එජ්' හිදී පැවැත්විණ.
  • මෙම සම්මාන ප්‍රථම වරට 2005 දී හඳුන්වා දෙන ලද අතර කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර සඳහා වූ සම්මාන උළෙල 2021 දී නොපැවැත්විණ.
  • එහෙයින් මෙවර රයිගම් ටෙලීස් 2020–2021 ඒකාබද්ධ උළෙලක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
  • රයිගම් ටෙලි සම්මාන (2020-21) -නිර්දේශ නාම ලැයිස්තුව (ජයාරූප- ඉන්දික මල්ලවආරච්චි ) {gallery}Raigam{/gallery}   
අකුරු ප්‍රමාණය (Font Size):

බුද්ධදාස ගලප්පත්ති (සභාපති), මහාචාර්ය අජන්තා හපුආරච්චි, ජයනාත් ගුණවර්ධන, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, රවීන්ද්‍ර ගුරුගේ, ජ්‍යේෂ්ඨ කතිකාචාරිනි හංසමාලා රිටිගහපොල, රංග දසනායක, අරුණ ගුණරත්න, ගුණසිරි සිල්වා සහ අබ්දුල් හමීඞ් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මගින් ජයග්‍රාහී නිර්මාණ තෝරා ගෙන තිබේ.

ඊයේ පැවති උත්සවයේදී අවසන් සම්මාන සඳහා නිර්දේශිත නාමයන් 212 ක් ප්‍රකාශයට පත් කෙරින. එසේ නිර්දේශිත සියලු දෙනා හට රුපියල් දස ලක්ෂයක ජිවිත රක්ෂණයක් ලබාදීමට රයිගම් ආයතනය තීන්දුකර තිබේ.

මෙවර 17 වන වරට පැවැත්වෙන 'රයිගම් සම්මාන' ප්‍රධානය මාර්තු 25 දා කොළඹ ෂැංග්‍රී ලා හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත

Raigam                   'රයිගම් ටෙලීස්' විනිසුරු මඩුල්ල


රයිගම් ටෙලි සම්මාන ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරය හා සම්බන්ධ කීර්තිමත් පුද්ගලයින්ට සෑම වසරකම පිරිනමන ලද සම්මානයකි.

ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය කර්මාන්තයට, රූපවාහිනී වැඩසටහන්වලට සහ මාධ්‍ය අංශයට ඔවුන් විසින් කරන ලද විවිධ දායකත්වයන් අගයමින් මෙම සම්මාන පිරිනමනු ලබයි.

මෙම සම්මාන ප්‍රථම වරට 2005 දී හඳුන්වා දෙන ලද අතර කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර සඳහා වූ සම්මාන උළෙල 2021 දී නොපැවැත්විණ. එහෙයින් මෙවර රයිගම් ටෙලීස් 2020–2021 ඒකාබද්ධ උළෙලක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ටෙලි නාට්‍ය විශිෂ්ඨතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ප්‍රණාම සම්මාන, රූපවාහිනී නාළිකා අගැයීම යන කාණ්ඩයන් යටතේ මෙවරත් සම්මාන පිරිණැමෙන අතර උළෙලට අලූතින් හඳුන්වා දෙන ජනගත සම්මාන කුළකය යටතේ ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්‍ෂණ දත්ත සහ නැරඹුම් වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කෙරෙනු ඇත.


රයිගම් ටෙලි සම්මාන (2020-21) -නිර්දේශ නාම ලැයිස්තුව




Sammana 2022.02.26 1


(ජයාරූප- ඉන්දික මල්ලවආරච්චි )

{gallery}Raigam{/gallery}

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...