BREAKING
Top Ad
Life

සිනමාවේදිනි අනෝමා රාජකරුණා කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට

T

The Leader

February 9, 2021 • 7:14 AM

සිනමාවේදිනි අනෝමා රාජකරුණා කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට අන්තර්ජාතික සිනමා උළෙල අභිරක්ෂිකාවක ලෙසින් කටයුතු කරන සිනමාවේදිනි අනෝමා රාජකරුණා, 25 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරි මණ්ඩල සාමාජිකාවක ලෙසින් තෝරා පත්කරගෙන තිබෙනවා.
  •       ඒ අනුව, ඇය විදේශයක දී අන්තර්ජාතික සිනමා උළෙලක ජූරිය නියෝජනය කරන අටවෙනි අවස්ථාව මෙය වේ.    මින් පෙර නියෝජනයන් මෙසේ ය,   1.
  • International Animation & TV Programs Jury- කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උළෙල (Cairo IFF for Children)- ඊජිප්තුව- 2015 2.
  • Official Jury- දකුණු ආසියානු වාර්තා සිනමාපට උළෙල ( Festival of South Asian Documentaries- FSA)- නේපාලය- 2015 3.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ අනුව, ඇය හෙට (10) දින ඉන්දියාවේ දී ආරම්භ කිරීමට නියමිත සිනමා උළෙලේ සාමාජිකයින් පස් දෙනකුගෙන් සමන්විත අන්තර්ජාතික ජූරිය නියෝජනය කිරීමට නියමිත ය.
 
සම්මානිත කොරියානු සිනමා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම තිර රචකයෙක් වන කිම් හොං ජුම් මුලසුන දරන ජූරි මණ්ඩලයේ එකම කාන්තා නියෝජනය අනෝමා රාජකරුණා වන අතර ඉන්දීය සිනමාවේදී අනුප් සිං, සිංගප්පූරු සිනමා විචාරක ෆිලිප් චියා සහ නයිජිරියානු සිනමා අධ්‍යක්ෂ නිව්ටන් අඩුඅකා ජූරියේ සෙසු සාමාජිකයින් වේ.    
 
ඒ අනුව, ඇය විදේශයක දී අන්තර්ජාතික සිනමා උළෙලක ජූරිය නියෝජනය කරන අටවෙනි අවස්ථාව මෙය වේ. 
 
මින් පෙර නියෝජනයන් මෙසේ ය,
 
1. International Animation & TV Programs Jury- කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උළෙල (Cairo IFF for Children)- ඊජිප්තුව- 2015
2. Official Jury- දකුණු ආසියානු වාර්තා සිනමාපට උළෙල ( Festival of South Asian Documentaries- FSA)- නේපාලය- 2015
3. International & National Documentary Jury- බෝධිසත්ව අන්තර්ජාතික සිනමා උළෙල (Bodhisattva IFF)- ඉන්දියාව- 2017
4. International Jury- ජින්ෂෙන් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙල (Jinzhen International Short Film Festival)- චීනය- 2017
5. International & National Documentary Film Jury (Chairman)- ස්ලෙමානි අන්තර්ජාතික සිනමා උළෙල (Slemani IFF)-ඉරාකය- 2019
6. Women Filmmakers Jury- ඩකා අන්තර්ජාතික සිනමා උළෙල (Dhaka IFF)- බංගලාදේශය -2020
7. Short and Documentary competitions Jury (Head of the Jury)- නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ(NIFF)- නේපාලය - 2020
 
කේරළ අන්තර්ජාතික සිනමා උළෙල මාර්තු 5 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙනු ඇත.
 
(අවාරා)

 

 

 


 

 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...