BREAKING
Top Ad
Life

මගේ 'මතක' දැන් ඔබේ ය...

T

The Leader

February 12, 2021 • 7:57 AM

 මගේ 'මතක' දැන් ඔබේ ය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ආදරයෙන් ඇරඹී, රාගයෙන් තෙත්වී, කඳුලෙන් අවසන් වූ මගේ "මතක" වල බර ඔබේ හිතට බාර කරමි. දැන් මා නිදහස්‍ ය. කරුණාරත්න දිවුල්ගනේ නම් ඒ ප්‍රවීන, නවීනයාට මගේ හිස නමා ආචාර කරමි.
  •   ආදරය වෙනුවෙන් ජීවිතයේ සන්තකය දන් දී උපේක්ෂාවෙන් ජීවිතය උහුලා ගත් හයිය හිත් වලට "මතක" මතකයක් වනු ඇත.
  • එනිසා අද ඔබ දුන් ගින්දරෙන් මා දැවෙන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
වාසනාවක් කල්හි ද, අවාසනාවක් කල්හි ද මා තනි නොකළ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තූතිවන්ත වන්නෙමි.
 
ආදරය වෙනුවෙන් ජීවිතයේ සන්තකය දන් දී උපේක්ෂාවෙන් ජීවිතය උහුලා ගත් හයිය හිත් වලට "මතක" මතකයක් වනු ඇත.
 
එදා මරණය පරදවා ජීවිතයට ආදරය කරන්නට ඉගැන්වූයේ ඔබ ය. එනිසා අද ඔබ දුන් ගින්දරෙන් මා දැවෙන්නේ නැත. මා මියැදෙන්නේ ද නැත. මගේ පියාපත් ෆිනික්ස් කිරිල්ලියකගේ තරම් සවිමත් ය.
 
මම මරණයට වෛර කරමි.
ඒ ...................                                                         Mathak 2021.02.12
ඔබේ මතකය සමග 
මට තව බොහෝ කල් ජීවත් වීමට උවමනා බැවිණි."
 
-අභිෂේකා විමලවීර-
 
 
ඇය-
මතක ලන්තෑරුම් අඳුර මැද 
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා
 
ඔහු -
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි 
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක 
වුණත්  මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට 
සුදු කමිස උරහිසට රිදුණා
 
ඔහු -
පරවෙලා මිහිදන් වෙලා උන් 
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා
 
ඇය-
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම 
බිම බලාගෙන යන්න තිබුණා
........................................
 

ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...