The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

වැරදිකාර ආදරයක විසිකරන මතකය: ලඳුනේ (වීඩියෝ)

T

The Leader Desk

February 15, 2021 • 6:40 AM

 වැරදිකාර ආදරයක විසිකරන මතකය: ලඳුනේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ගැටලුවක දී මෙම අරමුදලින් උපකාර ඉල්ලා සිටිය හැකි අතර "ලඳුනේ" ගීතය යොදා ගනිමින් සිදු කරන සෑම මුදල් ඉපැයීමක්ම ද අරමුදලට බැර වනු ඇත.
  • වචන ලියපු තැන ඉඳන් මදුන් Madhun Dissanayake මේ නිර්මාණයට කළ කැපවීම විශිෂ්ටයි.
  • ඇත්තටම මේ අයිඩියා එක පැල කළෙත් රන්දු.
අකුරු ප්‍රමාණය (Font Size):
ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ගැටලුවක දී මෙම අරමුදලින් උපකාර ඉල්ලා සිටිය හැකි අතර "ලඳුනේ" ගීතය යොදා ගනිමින් සිදු කරන සෑම මුදල් ඉපැයීමක්ම ද අරමුදලට බැර වනු ඇත.
 
 
 "මේ සිංදුව සාමූහික මහන්සියක ප්‍රතිඵලයක්. ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපිට ඕන වුනා ලිංගික ශ්‍රමිකයන් ගැන අනුකම්පා ආකල්පය වෙනස් කරන කතිකාවක් හදන්න. ඒ අයගෙ වෘත්තිය දිහා ගෞරවයකින් හා මනුස්සකමකින් බලන්න පුළුවන් අදහසක් නිර්මාණය කරන්න. සදාචාරය කියන්නෙ අපි අනෙකාව කොයිතරම් එම්පතියකින් තේරුම් ගන්නවද කියන එක.
 
ලිංගික ශ්‍රමිකයන් කිව්වම ගොඩක් අය අයිති වෙනවා. වීදි සරාගිනියන්, සම්බාහන යුවතියන්, ඔන්ලයින් අනුරාගිනියන් ආදී තව ගොඩක් සේවාවන් සපයන අය මෙතන ඉන්නවා. ඒ හැමෝම බෙදන්නෙ සතුට. ජීවිතය ගැන ආශාව. ඇසුර. ස්පර්ශය. ආස්වාදනීය මිනිස් බැඳීමක මිහිර.
 
මේ අනාරක්ෂිත නිගරු ලද අවවරප්‍රසාදිත වෘත්තිකයන් වෙනුවෙන් අපි ආරම්භ කළ ලඳුනේ අරමුදල වෙනුවෙනුයි මේ ගීතය නිර්මාණය වුනේ.
 
වචන ලියපු තැන ඉඳන් මදුන්  Madhun Dissanayake මේ නිර්මාණයට කළ කැපවීම විශිෂ්ටයි. ඒ වගේම මේක ගායනා කරන්න ඉදිරිපත් වුනු ජැක්ලීන්, ෆැලන්, රූත් Jacqualine Hettiarachchi Falan Andrea Jansen Ruth MatharaArachchi තුන්දෙනා මාරයි. සිංදුව මාස්ටර් කරලා මික්ස් කරලා දුන් කොස්තාට Lahiru De Costa  හදවතින්ම ස්තුතියි.
 
සිංදුවෙ පෝස්ට් හැදුවෙ රිෂාන් Rishan Deen . ඒකට ලිරික්ස් දාලා පෝස්ට් කරන්න යද්දි මචං එහෙම බෑ කියල මැදට පැන්නෙ රවීන් Ravin Wettasinghe . ඌට තව මොනවා හරි දෙයක් ඒකට එකතු කරන්නම ඕන වුනා. රෙස්පෙක්ට් මචං ඒ තියෙන ඇම්මට.
 
සිංදුවෙ වැඩ එහා මෙහා කරන්න මහන්සි වුනේ රවිනි Ravini Jinadasa . සිංදුව හදන්න මතක් කර කර වද කලේ නයනි Nayani Chandrasinghe ඒ වගේම මගේ ඕනම වැඩක අන්තිමට බර දරන්නෙ රන්දු Randhula de Silva . ඇත්තටම මේ අයිඩියා එක පැල කළෙත් රන්දු.
 
වැලන්ටයින් දවසෙ මේ වගේ සුවිසල් ආදර ව්‍යාපෘතියක් බෙදාගන්න පුළුවන් වුන එක ඉතසිතින්ම ආස්වාදයක්. රමණයක්."
 
-චින්තන ධර්මදාස- 

(අවාරා)

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැරදිකාර ආදරයක විසිකරන මතකය: ලඳුනේ (වීඩියෝ) | The Leader