The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

හඳයා මිය ගිහිල්ලා ද? - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

February 16, 2021 • 10:16 AM

හඳයා මිය ගිහිල්ලා ද? - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක ප්‍රතිරූපයක් තමයි ඇතැම් විට ඔක්කාරය දනවන සුළු තමන්ගේ නිරුවත් බව.
  • අනෙක තමයි ඒ නිරුවත් බව ඇතුලේ සැඟවිලා තියන පරමත්වය සඳහා සුදුසු පාරිශුද්ධ බව.
  • එහෙම නැත්නම් පාරිශුද්ධ බව සඳහා සුදුසු එහි පුර්ව කොන්දේසිය වන කන්‍යාභාවය නම් තත්වය. ඒ නිසා මේ ගුප්ත ස්ත්‍රී රූපකය පුළුල් තලයක ප්‍රතිමූර්තිමත් වෙච්ච අවස්ථාවක් හැටියට මිලර් වගේම ෆ්‍රොයිඩියානු - ලකානියානු විශ්ලේෂණය සලකන්නේ ශුද්ධ වූ මරියා මව්තුමිය.
  • හඳයා මිය ගිහිල්ලා කියල ඔබ හිතන මොහොතේ ඔබ යටි හිතෙන් හිතනවා 'අම්මෝ යන්තම් ඒ හිස්ටරික කරදරය ඉවරයි' කියල. නමුත් එයාගේ අවතාරය ඇවිල්ලා ආයේ ආයෙත් ඔබව කූද්දවලා කියනවා, ''මගේ වැඩේ නම් ඉවරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
එක ප්‍රතිරූපයක් තමයි ඇතැම් විට ඔක්කාරය දනවන සුළු තමන්ගේ නිරුවත් බව. අනෙක තමයි ඒ නිරුවත් බව ඇතුලේ සැඟවිලා තියන පරමත්වය සඳහා සුදුසු පාරිශුද්ධ බව. එහෙම නැත්නම් පාරිශුද්ධ බව සඳහා සුදුසු එහි පුර්ව කොන්දේසිය වන කන්‍යාභාවය නම් තත්වය. 
 
ඒ නිසා මේ ගුප්ත ස්ත්‍රී රූපකය පුළුල් තලයක ප්‍රතිමූර්තිමත් වෙච්ච අවස්ථාවක් හැටියට මිලර් වගේම ෆ්‍රොයිඩියානු - ලකානියානු විශ්ලේෂණය සලකන්නේ ශුද්ධ වූ මරියා මව්තුමිය. ඒ ක්‍රිස්තියානි ආගමික මූලාකෘතිය මනෝ විශ්ලේෂණය හරහා නැවත අර්ථකතනය කරන කොට... 
 
මේ ඔස්සේ ස්ත්‍රිය දෙන ලද භෞතික තත්වයක් එක්ක එක වරකදී අනන්‍ය වෙනවා වගේම අනෙක් මොහොතේ පරමත්වය වෙනුවෙන් එයාගේ අරගලය දෙන ලද තත්වයට එරෙහිව දියත් කරනවා. 
 
දෙන ලද භූමියක දෙන ලද පිරිමියෙක් එක්ක එයා එක වරකදී ජීවත් වෙන්න උත්සාහ කළත් තවත් වරකදී එයා පිරිමි ලෝකයෙන් ඉල්ලා සිටිනවා මෙතැනින් එහාට ගිය පරිකල්පනීය පරමත්වයක් (imaginary absolute). 
 
''මීට වඩා හොඳ තැනක් තියෙන්න පුළුවන් නේද? ඇයි එතෙන්ට යන්න උත්සාහ කරන්නේ නැත්තේ?'' එතැනදී එයා හිස්ටරියකයි. 
 
මොකද එයා මේ භුමියේ හරියටම පය ගහන්න වරකදී දෙවියන්ටත් එරෙහි වෙනවා. ඉතිං අවශේෂ පුහුදුන් දනා ගැන කුමන කතාද? 
 
ඉතිං එකතැන පල්වෙමින් තියන පුරුෂ ලෝකය විසින් උත්කර්ෂ කරමින් ඉන්න ඇන්ටීක් ඉතිහාසය, සහ ඒ ඉතිහාසය ඇතුලේ ඝනීභවනය වෙලා තියන කැඩපත් අතීතයෙන් ශේෂ වෙච්ච් කැට කැබිලිති සහ ඒ කැට කැබිලිති  දිහා බල බලා ඉන්න වර්තමාන පිරිමි දොරටුපාලයන් සහ ඒ දොරටුපාලයන් පලවා හරින්න යම්කිසි වෙලාවක ස්ත්‍රියගේ අර ද්විත්ව රූපකායෙන් එක රූපකායක් අවතාරයක් වගේ ඇවිල්ලා අර ආශාව මියගිය - සොම්බීකරණය වෙච්ච - පුරුෂ ලෝකය කුඩු පට්ටම් කරලා දානවනම් ඒ ඇන්ටිගනියානු ක්‍රියාවට මම පක්ෂයි.... 
 
මොන අරගයක් කළත් ස්ත්‍රිය ඇත්තටම ෆැල්ලසයට යටත් කියන්නේ එයා ආශාවට යටත් නිසා....
 
හඳයා මිය ගිහිල්ලා කියල ඔබ හිතන මොහොතේ ඔබ යටි හිතෙන් හිතනවා 'අම්මෝ යන්තම් ඒ හිස්ටරික කරදරය ඉවරයි' කියල. 
 
නමුත් එයාගේ අවතාරය ඇවිල්ලා ආයේ ආයෙත් ඔබව කූද්දවලා කියනවා, ''මගේ වැඩේ නම් ඉවරයි. ඒ උණාට ඔයාගේ වැඩේ තවම ඉවර නැහැ කියල....'' වඩාත්ම භයානක අවතාරය කියල මම මීට කලින් ලියල තියනවා. 
 
දෙවියන්ට වඩා ප්‍රභලයි මියගිය දෙවියන්...
 
ලංකාවේ සංකීර්ණ ම කලාකරුවාගේ තවත් වැඩක්....ගිහිල්ලා බලන්න.
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 
 
සබැඳි පුවත් :

 

 

 

 

ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...