BREAKING
Top Ad
Life

“මතක මිය ඇදෙන සඳ” කෘතිය ගැන භාෂණගේ අදහස් දැක්වීමක්

T

The Leader

February 17, 2021 • 12:27 AM

“මතක මිය ඇදෙන සඳ” කෘතිය ගැන භාෂණගේ අදහස් දැක්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අම්බලවානර් සිවානන්දන් විසින් ලියන ලද When Memory Dies නවකතාවේ සිංහල ප්‍රතිරචනයක් ලෙස 2019 වසරේදී හෂිත අබේවර්දන පළකළ “මතක මිය ඇදෙන සඳ” කෘතිය පිළිබඳ සංවාදයක් zoom තාක්ෂණය
  • පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!
අකුරු ප්‍රමාණය (Font Size):
ඔස්සේ අද (17) රාත්‍රී 9.00 ට පැවැත්වේ. 
 
‘පොතක් ගැන කතාවක්’ සංවාද මාලාවේ 15 වැනි වැඩසටහන වශයෙන් පැවැත්වෙන මෙම සංවාදයේ මූලික අදහස දැක්වීම සිදුකරන්නේ මාධ්‍යවේදී රෝහිත භාෂණ අබේවර්ධන විසිනි. 
 
භාෂණ, මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි. 
 
1997දී සිය පළමු හා අවසන් ප්‍රබන්ධ කෘතිය වශයෙන් When Memory Dies කෘතිය ලියා පළකළ සිවානන්දන් 1958 දෙමළ විරෝධී හිංසන ක්‍රියා හේතුවෙන් ලංකාව අතහැර ගොස් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ අන්තර්ජාතික සම්භාවනාවට පත් වාම බුද්ධිමතෙකි. එංගලන්තයේ වාර්ගික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂවරයා මෙන්ම Race & Class සඟරාවේ කතුවරයා වශයෙන්ද දශක 4කට වැඩි කාලයක් කටයුතු කළ හෙතෙම 2018දී මිය ගියේය. 
 
“මතක මිය ඇදෙන සඳ” යනු හෂිත අබේවර්ධනගේ පළමු සාහිත්‍යමය ප්‍රතිරචනයයි.
 
සංවාදයට එක්වීමට රිසි අයට පහත zoom සබැඳියෙන් ඒ හා සම්බන්ධ විය හැක:
 
 
https://us02web.zoom.us/j/8503155015?pwd=elBIS2RGSG55OXYxZ2kwMnJEL1ZKQT09
 
Meeting ID: 850 315 5015
Passcode: chem123

EuXJ8NJWgAI7NB4

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...