BREAKING
Top Ad
Life

යතුරු සිදුරේ සංස්කෘතිය වෙනස් කරන මිතුරු වේදිකාවක ඔබ අප හමුවේවා.!

T

The Leader

February 20, 2021 • 5:34 AM

යතුරු සිදුරේ සංස්කෘතිය වෙනස් කරන මිතුරු වේදිකාවක ඔබ අප හමුවේවා.! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ මඩ ප්‍රහාර නිසා තමන් කෙතරම් මානසික පීඩාවකට ලක්වුයේ ද යන්න පිළිබඳව සඳහන් කරමින්
  •   අප පෞද්ගලිකව මුණ ගැසී නැතත්, මේ දිනවල මා ඔබේ රසිකයෙක්ව ඇතත්, ඒ කිසිවක් මේ ලියුමට අදාළ නෑ.
  •   අන්තර්ජාලයේ සැරිසරන බව කියන (මා එය දුටුවේ නෑ..
  • බලන්න උවමනාවකුත් නෑ) එක්තරා වීඩියෝවක් ඔබේ නමට සම්බන්ධ කරමින් ගෙන යන මඩ ප්‍රචාරය ගැන ඔබ දැඩි කලකිරීමකට පත්ව ඇති බව දැනගන්නට ලැබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ, ඇය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී ඉතාමත් සංවේදී වීම මේ වනවිට බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී තිබෙනවා. 
 
ඇය මෙලෙස සංවේදී වී තිබුනේ Hari Tv යූ ටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී යි.
 
ඉකුත් ජනවාරියේ මේ හා සමාන අත්දැකීමකට මුහුණ දුන් මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි ඇයට මෙසේ ලියා තිබුණි.
 
151470043 252518943034411 3974223225071888222 n
 
"හිතවත් උමාරියා,
මේ පෙබරවාරියේදී ඔබ මුහුණ දෙන පන්නයේ අත්දැකීමකට ජනවාරියේදී මුහුණ දුන් සහෝදරයෙක් හැටියටයි මා ඔබට මේ ලියුම ලියන්නේ.  
අප පෞද්ගලිකව මුණ ගැසී නැතත්, මේ දිනවල මා ඔබේ රසිකයෙක්ව ඇතත්, ඒ කිසිවක් මේ ලියුමට අදාළ නෑ.  
අන්තර්ජාලයේ සැරිසරන බව කියන (මා එය දුටුවේ නෑ.. බලන්න උවමනාවකුත් නෑ) එක්තරා වීඩියෝවක් ඔබේ නමට සම්බන්ධ කරමින් ගෙන යන මඩ ප්‍රචාරය ගැන ඔබ දැඩි කලකිරීමකට පත්ව ඇති බව දැනගන්නට ලැබුණා.  
ජනවාරියේ එවැන්නකට මුහුණ දුන් කෙනෙක් හැටියට මට ඔබට කියන්නට දෙයක් තියෙනවා.  
මා ඉලක්ක වූයේ දේශපාලන හේතුවක් මත වුවත් ආත්මයට දැනෙන අද්දැකීම සමානයි. 
ඒත් උමාරියා...
මේ තමයි ඔබත් මාත් ජීවත් වෙන සමාජයේ ඇත්ත තත්ත්වය. 
මේ සමාජය වෙනස් කරමු කියා කවුරුහරි ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද  ?
මේ සමාජය වෙනස් කරන්න දේශපාලනය කරමුද කියා කවුරුහරි ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද ?
"අනේ අපට ඔය දේශපාලනෙන් වැඩක් නෑ"  කියලා කියයි. සමහර විට නොකියයි. 
ඒත් උමාරියා.. 
මේ විදිහට මඩ ගහන - ඒ මඩ තලු මර මර රස විඳින එක සමාජයේ අවුලක්.  ඒක වෙනස් කරන එක දේශපාලන වැඩක්. 
මේ වෙලාවේ ඔබ ඉන්නෙ වෙන මානසිකත්වයක නිසා මේ පතරංග ජාතක මොකටද කියල සමහර විට හිතෙයි.  ඒත් ඒ මානසිකත්වය යහපත් අතට හැරිලා ඔබ ඇවිත් මෙය විවේකීව කියවයි කියල මං හිතනවා.  
එතෙක් අප අතර සිටින අනෙක් අය මෙය කියවාවි. ඒකත් වැදගත් නෙ. 
ඉතින් උමාරියා..
ලිංගික කුහකත්වය, ලිංගිකත්වය මැජික් වීම, දන්න කියන අයගේ ලිංගික ජීවිතේට හොරෙන් එබෙන එක අසංස්කෘතික දේවල්.  
ඒවා වෙනස් කරන්න පුළු  පුළුවන් හැටියට අපි අපේ දායකත්වය දෙන්න ඕන. 
තමන්  කිසිසේත්ම සම්බන්ධ නැති සිද්ධියකට තමන්ව ගාවලා මඩ ගහනකොට තරහ යනවා. දුක හිතෙනවා.  කලකිරෙනව.  ඒ ඔක්කොම ඇත්ත. 
හැබැයි, ඒ තරහ - දුක - කලකිරීම... සහ අපේ ආවේගය, මේ කැත සමාජය වෙනස් කරන්න  ආයෝජනයක් බවට පත් කරන්න අපට පුළුවන්. 
උමාරියා.. 
ඒ කැත උපදින්නේ එක්තරා සිතීමේ රටාවකින්.  එක්තරා තින්කින් පැටර්න් එකකින්.  සමහර විට අපේ අතින්ම අපි නොදැනුවත්වම, ඒ සිතීමේ රටාව පෝෂණය වෙනවා. 
ගෝත්‍ර වාදී අදහස් නැති නිදහස් මිනිස්සු ලිංගිකත්වය දිහා බලන්නෙ විවෘත ඇහැකින්. තමන්ගේ  ජාතිය ආගම කුලය පළාත පාසල තමයි ලොකුම එක වගේ අදහස්, ඔය සිතීමේ රටාවේ කොටස්.  
සමහර විට හොඳට පිච් කරල  - වේරියේෂන් ගාණට තියල - බොක්කෙන් ෆීල් කරල ගායනා කරන ලස්සන මෙලඩියකට මුවා වෙලා, ඒ සිතීමේ රටාව වචන හැටියට තියෙන්න පුළුවන්.  
අන්න ඒක හොයාගන්න එක තමයි උමාරියා, මේ කාලේ අපි හැමෝම ඉස්සරහ තියෙන වැඩේ.
ඉතින්, මේ අමාරු මොහොතේ අප ඔබ එක්ක ඉන්නවා. ඔබේ දේශපාලනය මොකක් වුණත් අප ඔබ එක්ක ඉන්නවා. 
මොකද, රනිල් වික්‍රමසිංහට පො**යා කිව්වත්, විමල් වීරවංශගේ බිරිඳට තිරිසන් ලෙස මඩ ගැහුවත්, අනුර දිසානායකට පුංචි අම්මා කියා කැත නින්දිත විහිළු කරත්.. අපි ඒ ජරා වැඩ සියල්ලට විරුද්ධයි. 
ඒත් සමහරුන්ට තමන්ගෙ නායකයට මඩ ගහනකොට විතරයි රිදෙන්නෙ. ඒක වෙනම කතාවක්.  
ඉතින් උමාරියා,
හිතට ධෛර්යය ගන්න. හෙට දවසේ ඔය සියල්ල සුළඟේ යාවි. ඔබේ යහපත්කම පමණක් ඉතිරි වේවි. 
මේ කරදර ඉවර වෙලා පුළුවන් නම් සමාජ වැඩ ගැන අලුතෙන් හිතන්න.  ඒ වෙනුවෙන් එකට වැඩ කරන දවසක් එනව නං අප ඉතා කැමතියි.  
යතුරු සිදුරේ සංස්කෘතිය වෙනස් කරන මිතුරු වේදිකාවක ඔබ අප හමුවේවා.! 
මීට 
කැටිපෙ"
 
(අවාරා)

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...