BREAKING
Top Ad
Life

ප්‍රේක්ෂක විරෝධයක් : සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුව සංශෝධනය කරයි

T

The Leader

February 23, 2021 • 9:06 AM

ප්‍රේක්ෂක විරෝධයක් : සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුව සංශෝධනය කරයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020 වසරේ ජනප්‍රිය ටෙලිය, නළුවා සහ නිළිය යන සම්මාන උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ නිර්දේශ ලැයිස්තුව සංශෝධනය කිරීමට සුමති සම්මාන උළෙල සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
  •         ප්‍රේක්ෂක විරෝධය        පසුගිය වසර තුලදී විකාශය වූ, වඩාත් කතාබහට ලක්වූ ටෙලිනාට්‍ය කිහිපයක් සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුවට ඇතුලත් කර නොතිබීම, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ විවේචනයට බඳුන් වී තිබුණි.
  •   ඒ අනුව, ටෙලිනාට්‍ය 25ක්, නළුවන් 25ක් සහ නිළියන් 25ක් සුමති ජනප්‍රිය සම්මාන ත්‍රිත්වය උදෙසා තරග වදියි.
අකුරු ප්‍රමාණය (Font Size):
පසුගිය 21 වැනිදා Sumathi Awards නිළ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ නිර්දේශ ලැයිස්තු තුන ගැන පළ වූ ප්‍රේක්ෂක අදහස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යි ඔවුන් දන්වා තිබුණේ.
 
 
 

1 s

 
"ආදරණීය ප්‍රේක්ෂකයිනි, ඔබ සැමගේ වටිනා අදහස් අප අගය කරමු. 2020 ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි නාට්‍යයන් සඳහා පල කල නාමාවලිය ලබාගත්තේ අදාල මාධ්‍ය නාලිකා, අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකයින්ගෙන් ලද තොරතුරු මත බවත්, ප්‍රේක්ෂක ඔබගේ අදහස් සියල්ලට නිරතුරුව අවධානය යොමු කරමින් මෙම නාමාවලින් සඳහා අයත් සංශෝධිත නාමාවලියන් හෙට දින දහවල් වන විට පල කිරීමට නියමිත බවත් මෙයින් දැනුම් දෙමු."
 
කෙසේ වෙතත් සංශෝධිත නාමාවලියක් ඉදිරිපත් කරන බවට සඳහන් දැනුම් දීම මෙන්ම මින්පෙර පළ කර තිබූ නිර්දේශ ලැයිස්තු, Sumathi Awards නිළ ෆේස්බුක් පිටුවෙන් මේ වනවිට ඉවත් කර තිබෙනවා.  
 
 
 
ප්‍රේක්ෂක විරෝධය 
 
 
 
පසුගිය වසර තුලදී විකාශය වූ, වඩාත් කතාබහට ලක්වූ ටෙලිනාට්‍ය කිහිපයක් සුමති සම්මාන ජනප්‍රිය ලැයිස්තුවට ඇතුලත් කර නොතිබීම, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ විවේචනයට බඳුන් වී තිබුණි.
 
2019 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍ය වූ තණමල්විල කොල්ලෙක්, කැන් යූ හියර් මී, සත්‍යා, ඉන්ටර්නැෂනල්, සකල ගුරු, රාවණා වැනි නාට්‍ය සහ ධනුක දිල්ෂාන්, රොෂාන් රවින්ද්‍ර වැනි ශිල්පින් මෙම ලැයිස්තුවලට ඇතුලත් නොවීම බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණි.    
 
 

sumathi1

 
 
නිර්දේශ 25ක්  
 
 
ප්‍රේක්ෂක අදහස් සැලකිල්ලට ගෙන සංශෝධනය කළ නාමාවලි තුන ඊයේ (22) දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ අතර එහිදී, දකින්න ලැබෙන්නේ මින් පෙර ප්‍රසිද්ධ කර තිබූ නාමාවලි 3ට අලුතින් නිර්දේශ 5 බැගින් එක් කර ඇති බවයි.
 
ඒ අනුව, ටෙලිනාට්‍ය 25ක්, නළුවන් 25ක් සහ නිළියන් 25ක් සුමති ජනප්‍රිය සම්මාන ත්‍රිත්වය උදෙසා තරග වදියි.
 
 
 

sumathi2

 
 
25 වැනි වරට සංවිධාන කෙරෙන සුමති සම්මාන උළෙල මාර්තු මස අවසානයේ පැවැත්වීමට නියමිත ය.
 
(අවාරා)
 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...