BREAKING
Top Ad
Life

තංගමලේ ඩයරීස් සමගින් සන්නස්ගල සිනමා අධ්‍යක්ෂණයට

T

The Leader

March 4, 2021 • 12:14 PM

තංගමලේ ඩයරීස් සමගින් සන්නස්ගල සිනමා අධ්‍යක්ෂණයට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "තංගමලේ ඩයරීස්" සිනමාපටය සමඟින් උපුල් ශාන්ත සන්නස්ගල සිනමා අධ්‍යක්ෂණයට පිවිස තිබෙනවා.
  •      කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සංගීතයෙන් චින්තක ජයකොඩි, ශබ්ද සැලසුම්කරණයෙන් අතුල ජයසිංහ, තිර පිටපත රචනයෙන් තරිඳු උඩුවරගෙදර ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සිය දායකත්වය සපයනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
  •   මේ ගැන සඳහන් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල සමාජ මාධ්‍යට එක්කර තිබූ සටහන පහතින්,     "මගේ ෆිල්ම් එක !
  •   තනියන් බුදුවෙලා ආතල් නෑ කියලා හිතපු එකෙක් සාමූහික බුද්ධත්වය යෝජනා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ බව සඳහන් කරමින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍යට එක්කළ සටහනක් අනුව දැක්වෙන්නේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු මාර්තු 2 වැනිදා ආරම්භ කළ බව යි.   
 
කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සංගීතයෙන් චින්තක ජයකොඩි, ශබ්ද සැලසුම්කරණයෙන් අතුල ජයසිංහ, තිර පිටපත රචනයෙන් තරිඳු උඩුවරගෙදර ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සිය දායකත්වය සපයනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
 
මේ ගැන සඳහන් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල සමාජ මාධ්‍යට එක්කර තිබූ සටහන පහතින්,
 
 
"මගේ ෆිල්ම් එක !
 
තංගමලේ කන්ද උඩ තාපසාරාමෙ පැත්තෙන් මීදුම පහළට ආවේ ඕංං කාරයක් එක්ක. එයාගේ සුරතාන්ත සුසුම් හඬ නැවතුණේ පාලකයා ඝාතනය වුණාට පස්සෙ. තංගමලේ වත්තෙ තේ ගස් යට දරුවාගේ මෘතදේහය උණුසුම් ව තිබුණා. හාමුදුරුවෝ ගස් ගියා. මීදුම යට තංගමලේ ගම සීතලේ ඇකිළුණා. තංගමලේ ටවුමේ හරක්මස් කඩේ පාන්දර වණික් පූජාවට කපුටන්ට බඩවැල් කීතු ඉස්සා. වත්තේ මිනිස්සු හරක් මස් කන්නේ නෑ. රිදී පාට නාගයා උමංකඳුරෙන් මතුවෙලා ඔහිය හරියෙන් කොළඹ යන්න බෙනේට රිංගුවා. ඇඩිසම් අභය භූමියේ තාම ඌරු මස් තියෙනවා.
 
තනියන් බුදුවෙලා ආතල් නෑ කියලා හිතපු එකෙක් සාමූහික බුද්ධත්වය යෝජනා කළා.
 
◦ ට්‍රිප් එක පටන් ගත්තේ කේරළේ කොචි සිටි එකෙන්.
 
 ◦ ෆිල්ම් එකේ නම තංගමලේ ඩයරීස් 
 
 ◦ ලබන අවුරුද්දේ මාර්තු 2 වෙද්දී කොටහේනෙන් ගෙනාපු මෝලං පාරක් එක්ක මරදානේ ෆිල්ම් හෝල් එකක 'තංගමලේ ඩයරීස්'පෙන්නන්න මට ආසයි. 
 
මං ෆිල්ම් තුනක් නිෂ්පාදනය කළා. මට මේ ෆිල්ම් එකට නිෂ්පාදකයෙක් නෑ. මගේ ෆිල්ම් එකේ ටයිට්ල් බෙල්ට් එකේ තිබුණේ 
 
◦ මාකඳුරේ මදූෂ් නිෂ්පාදනය 
 
 ◦ උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණය
 
නිෂ්පාදක මියගියා.
 
 ◦ අධ්‍යක්ෂ මැරෙන්න ඉස්සර මේක කරන්න ඕන.
 
 ◦ මට ඔබ අවශ්‍ය වෙලාව මේ. මගේ ඩ්‍රීමි එක ප්ලෑන් එකක්. අවශ්‍යයි කියන්නෙ අත්‍යවශ්‍යයි කියනෙක නෙවෙයි. මං වැඩේ කරනවා. මේ අපේ ප්‍රඩක්ෂන් කෲ ටීම් එක!
 
◦ තංගමලේ ඩයරීස් එළියට දාපු දවස අද.
 
 ◦ Happy Birthday ' තංගමලේ ඩයරීස්'"
 
✓ Production Crew
 ◦ චන්න දේශප්‍රිය 
 ◦ අතුල ජයසිංහ
 ◦ තරිඳු උඩුවරගෙදර
 ◦ සුසිත් විජයමුණි
 ◦ තරිඳු දේශප්‍රිය 
 ◦ ඩිලංක රංගනාත්
 ◦ චින්තක ජයකොඩි
 ◦ බිහිසර පලවින්න
 ◦ ලක්රුවන් ද සේරම්
 දර්ශන වේවැල්පනාව
 ◦ චරිත් වික්‍රමතිලක
 ◦ රන්ජන රාජපක්ෂ 
 ◦ නාරද තොටගමුව
 ◦ ලසන්ත උඩුකුඹුර
 ◦ රමේෂ් කේෂාන්
 ◦ කේ කේ ශ්‍රීනාත්
 
(අවාරා)
 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...