BREAKING
Top Ad
Life

හංස විලක් දශක හතරකට පසු සිනමාශාලාවල ප්‍රදර්ශනයට

T

The Leader

March 7, 2021 • 8:35 AM

හංස විලක් දශක හතරකට පසු සිනමාශාලාවල ප්‍රදර්ශනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා නිර්මාණය "හංස විලක්" හි නව සංරක්ෂිත පිටපතක් වසර 41කට පසුව සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
  •   චිත්‍රපටයක් යනු යථාර්ථයට වඩා අපගේ අභ්‍යන්තරික හැඟීම්, ආශාවන් ප්‍රකාශයට පත් කරන මාධ්‍යයක් යැයි මම විශ්වාස කරමි.
  • උදාහරණයක් ලෙස බොහෝ ස්ත්‍රීන් පිරිමින්ගේ ආශාවන් ගැන ඔවුන්ටත් වඩා හොඳින් දනියි.
  • එය ‘හංස විලක්’ චිත්‍රපටයේ 80 දශකයේ සාරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ අනුව සිනමාපටය තිරගත කෙරෙන්නේ මාර්තු 10 වැනිදා සිට ය. 
 
1980 දී නිර්මාණය කළ, සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වූ "හංස විලක්" හි ප්‍රධාන චරිතවලට  ධර්මසිරි බණ්ඩාරනායක, ස්වර්ණා මල්ලවආරච්චි, හෙන්රි ජයසේන, වසන්ති චතුරානී පණ පෙවූ අතර ජී.ඩබ්ලියු සුරෙන්ද්‍ර, ජේ.එච් ජයවර්ධන, දෙනවක හාමිනේ සෙසු ප්‍රධාන චරිතවලට පණ පෙවීය. 
 
ධර්මසේන පතිරාජ ගී රචනයෙන් ද, ප්‍රේමසිරි කේමදාස සංගීතයෙන් ද, නන්දා මාලනී, ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර ගීත ගායනයෙන් ද එක් වූ මෙම සිනමා කෘතිය ගැන මින් වසර කිහිපයකට පෙර දීප්ති කුමාර ගුණරත්න ලියූ සටහනක් පහතින්,
 
 
හංස විලක් (1980) – Reminiscence
 
Reminiscence is the act of recollecting past experiences or events. An example of the typical use of the reminiscence is when a person shares his personal stories with others or allows other people to live vicariously through stories of family, friends, and acquaintances while gaining an authentic meaningful relationship with a person.
 
ධර්මසිරි බණ්ඩාරනායක විසින් 1980 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ ‘හංස විලක්’ චිත්‍රපටයේ කතා සාරාංශය වන්නේ නිශ්ශංක විජේසිංහ නම් තරුණයාගේ විවාහය බිඳ වැටීමේ ඛේදවාචකයයි.
 
චිත්‍රපටයක් යනු යථාර්ථයට වඩා අපගේ අභ්‍යන්තරික හැඟීම්, ආශාවන් ප්‍රකාශයට පත් කරන මාධ්‍යයක් යැයි මම විශ්වාස කරමි. උදාහරණයක් ලෙස බොහෝ ස්ත්‍රීන් පිරිමින්ගේ ආශාවන් ගැන ඔවුන්ටත් වඩා හොඳින් දනියි.
 
‘හංස විලක්’ යනු විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් ගැන පසුගිය දශක තුන තුළ බිහි වූ විශිෂ්ටම චිත්‍රපටයයි. 
 
ඒ සඳහා වූ හේතු පාඨයන් පහත මම යෝජනා කරමි.
 
 මතුපිට පහුරු ගාන කෙනෙකුට අනුව ‘හංස විලක්’ ප්‍රථම ආවේගය යනු සාම්ප්‍රදායික විවාහයේ නීරසභාවය සහ පරාරෝපණය ජය ගන්නා කතාන්දරයකි. එය ‘හංස විලක්’ චිත්‍රපටයේ 80 දශකයේ සාරයයි. නමුත් 90 දශකය වන විට එය විවාහ ජීවිතයෙන් එපිට ලිංගික ජීවිතයේ සාරය පවතින බවට වූ ආත්ම ප්‍රකාශනයකි. 90 දශකයේ ‘හංස විලක්’ යනු පරාර්ථක සාරයකි. එය මඟින් නිරූපණය වූයේ හැඟවුම්කාරකය ඉක්මවා ගිය කල්පිත අපරිමිත විනෝදයයි.
 
නමුත් 21 වන සියවසේ දෙවැනි දශකයේ ජීවත් වන අපට ධනවාදය එහි වඩාත්ම පරිණත ස්වරූපයෙන් හමු වී ඇත. මේ වන විට විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් විකාරයක් වන තරමට පැතිර ගොස් ඇති අතර ඒ නිසාම ඒවා නිරාශාවක් බවට පරිවර්තනය වී ඇත.
 
අද යුගයේ ‘හංස විලක්’ යනු යථාර්ථයට වඩා අපගේ අවිඥානික ලිංගික ආශාවන්වල සාක්ෂරතාව කියා දෙන්නකි. විවාහයෙන් පිටත ලිංගික තෘප්තිය මේ අප ජීවත් වන අන්තර්ජාලය අධිනිශ්චය වූ යුගයක දී යථාර්ථයෙන් ආත්මීයත්වය තුළට මාරු වී ඇත. 
 
අද ස්වාභාවික ලිංගිකත්වය යන්න කොන්සර්වේටිව් අදහසකි. 
 
මෙම නව සන්දර්භය තුළ ‘හංස විලක්’ යනු විවාහයේ ලිංගික තෘප්තිය නොව විවාහයෙන් පිටත ලබන ලිංගික තෘප්තිය යල් පැන ගිය අදහසක් බවට සාධනය කරයි. 
 
ඒ අර්ථයෙන් ගත් විට ‘හංස විලක්’ ලිංගික දෘෂ්ටිවාදයේ රැඩිකල්ම ස්වරූපය වන ‘අනියම් තෘප්තිය’ මනස්ගාතයක් බව පෙන්වා දෙයි. 
 
එය විචාරය කරන්නේ ‘විවාහය’ නොව විකල්ප සම්බන්ධතාය. 
 
දශක තුනකට පසු ‘හංස විලක්’ විවාහයේ මධ්‍යය තුළ හොල්මන් කළ බාහිර තෘප්තිය විසංයෝජනය කර ඇත. යමක හරය තුළ ඇති එහි ප්‍රතිවිරුද්ධ පැත්ත විචාරය කිරීම අපෝහකවාදයේ ප්‍රකටම ලක්ෂණය බව ලෙනින් පෙන්වා දෙයි.
 
 
-දීප්ති කුමාර ගුණරත්න 
 
 
(අවාරා)

 

 


 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...