BREAKING
Top Ad
Life

සැබෑ හංස වාස භූමියක් රැකගන්න අයිස් මත රඟ දැක්වූ හංස විල

T

The Leader

March 9, 2021 • 1:07 AM

සැබෑ හංස වාස භූමියක් රැකගන්න අයිස් මත රඟ දැක්වූ හංස විල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ලෝක ප්‍රකට මැරින්ස්කි රඟහලේ බැලේ නර්තන ශිල්පිනියක,
  •   උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ක තිබියදී ඉදිරිපත් කළ නර්තනය මෙම පරිසරයේ සැබෑ ලෙසින් ජිවත්වන හංසයින් රැක ගැනීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය සඳහන් කර තිබුණි.
  • මේ සියල්ලම විනාසයේ තර්ජනයට මුහුණ දීලා ඉන්නේ."   ඇයට සීතල දරා ගත හැකි වුණි දැයි විමසූ විට මෙසේ පිළිතුරු දුන්නා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
ෆින්ලන්ත බොක්කේ මිදී ඇති ජලය මත චෛකොව්ස්කිගේ "හංස විල" (swan lake) මුද්‍රා නාට්‍යයේ නර්තන අංගයක් රඟ දක්වා තිබෙනවා.  
 
ඒ එරට දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට කිලෝමීටර 100ක් පමණ බටහිරට වන්නට පිහිටි ප්‍රසිද්ධ වෙරළ තිරයක (Batareinaya Bay) වරාය පර්යන්තයක් ඉදි කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙනි.
 
ඉල්මයිරා බග්රෝව්ටිනෝවා නම් මේ ශිල්පිනිය, අදාළ ඉදි කිරීම් නවත්වන ලෙසින් හඬ නගන දහසකුත් ජනයා අතුරින් එක් අයෙකි.
 
උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ක තිබියදී ඉදිරිපත් කළ නර්තනය මෙම පරිසරයේ සැබෑ ලෙසින් ජිවත්වන හංසයින් රැක ගැනීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය සඳහන් කර තිබුණි.
 
වීඩියෝව නිෂ්පාදනය කර තිබුණේ කැතරිනා කින්කුලෝවා විසිනි.
 
 

Ilmira Bagrautinova 1

Ilmira Bagrautinova 2

Ilmira Bagrautinova 3

 
 
"වසන්ත කාලෙට හංසයින් ලැගුම් ගන්න, ග්‍රීස්ම කාලෙට දරුවන් එක්කලා ඇවිත් පවුල් සතුටින් කාලය ගත කරන, සීත කාලෙට ධීවරයින් සිය ගණනක් අයිස් උඩින් ගමන් බිමන් යන, ස්වභාව ධර්මය මිනිසුන් එක්කලා මුහුවෙන මේ ස්ථානය ස්වභාවික අතින් වගේම සහ ඓතිහාසික අතින් ඉතා වැදගත් පාරිසරික කලාපයක්. මේ සියල්ලම විනාසයේ තර්ජනයට මුහුණ දීලා ඉන්නේ."
 
ඇයට සීතල දරා ගත හැකි වුණි දැයි විමසූ විට මෙසේ පිළිතුරු දුන්නා ය.
 
"මේ ඔක්කොම වටිනාකම කියා නිමකළ නොහැකි පාරිසරික කලාපයක් රැකගන්නයි."
 
(අවාරා)

 

 

 

 


 

 

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...