BREAKING
Top Ad
Life

මෙවර සුමති සම්මාන උළෙලේ නිර්දේශ නාම එළි දකියි

T

The Leader

March 11, 2021 • 5:07 AM

මෙවර සුමති සම්මාන උළෙලේ නිර්දේශ නාම එළි දකියි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුංචි තිරයේ කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙලේ සම්මාන උදෙසා නිර්දේශ නාමයන් අද (11) දින පැවති මාධ්‍ය හමුවේ දී එළිදැක්වුණි.
  • ඒ අනුව, සම්මාන 68ක් උළෙලේ දී පිරිනැමීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ ප්‍රකාශ කර සිටිය හ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
දිගු නාට්‍ය 28ක සහ ඒකාංගික නාට්‍ය 7කට අදාළ නිර්දේශ එහිදී ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව, සම්මාන 68ක් උළෙලේ දී පිරිනැමීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ ප්‍රකාශ කර සිටිය හ.
 
එසේම, ජනප්‍රිය සම්මාන උදෙසා නිර්දේශ වූ නළු, නිලි ලැයිස්තුවේ අද දින වනවිට මනාප අතර ඉහලින්ම සිටින නළුවන් හා නිලියන් කිහිප දෙනෙක් උදෙසා සංකේතාත්මක ලෙස සහතික පත් පිරිනැමීම එහිදී සිදු කෙරුණි. 
 
25 වැනි වරට සංවිධාන කෙරෙන සුමති සම්මාන උළෙල මාර්තු 26 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.    
 
 
 
නිර්දේශ නාමයන් මෙසේ ය,
 
 
හොඳම ටෙලි නාට්‍ය (ප්‍රාසංගික)
 
# අඩෝ - කපිල නවරත්න - සිරස නාලිකාව 
 
# වීරයා ගෙදර ඇවිත් - ආනන්ද අබේනායක/ ෆාහිම් මවුජුඩ්- ජාතික රුපවාහිනී නාලිකාව
 
# සුදු ඇඳගෙන කළු ඇවිදින් - මංජුල කැකුලාවල/ධනුෂ්ක කරුණාරත්න/නදුනි රෝස්මරි - ජාතික රුපවාහිනී නාලිකාව 
 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය (ඒකාංගික)
 
# පවිත්‍රානිගේ ප්‍රේමය - අතුල පීරිස් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# හෘද සාක්ෂිය - ආනන්ද අබේනායක -ජාතික රුපවාහිනී නාලිකාව 
 
# අපරාරම්භ - සන්තුස ලියනගේ - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය 
 
# ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත්) - ජාතික රුපවාහිනී නාලිකාව
 
# සුපුන් රත්නායක (අඩෝ) - සිරස නාලිකාව 
 
# සුනිල් කොස්තා (සුදු ඇඳගෙන කළු ඇවිදින්) - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
හොඳම ටෙලි නාට්‍ය නළුවා 
 
Roshan Ananda Dasun
 
# රොෂාන් රවින්ද්‍ර (චාමර) - වීරයා ගෙදර ඇවිත් -ජාතික රුපවාහිනී නාලිකාව
 
# ආනන්ද කුමාරඋන්නැහේ (විල්සන්) -සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# දසුන් පතිරණ (අරවින්ද) - අඩෝ - සිරස නාලිකාව 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය නිළිය
 
Umayangana Samanali Jayani
 
# උමයන්ගනා වික්‍රමසිංහ(සුභා) - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# සමනලී ෆොන්සේකා(ඩෝරා) - අඩෝ - සිරස නාලිකාව 
 
# ජයනි සේනානායක(නිලන්ති) - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා 
 
 
# සරත් කරුණාරත්න - හුස්ම වැටෙන මල් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# සුරාජ් මාපා - අමුතු රසිකයා - ජාතික රුපවාහිනී නාලිකාව
 
# කලණ ගුණසේකර -අඩෝ - සිරස නාලිකාව 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය 
 
 
# තිසුරි යුවනිකා - හුස්ම වැටෙන මල් - ස්වාධින රූපවාහිනී නාලිකාව 
 
# රම්‍යා වනිගසේකර - හුස්ම වැටෙන මල් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# චාන්දනී සෙනවිරත්න - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
 
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා 
 
 
# චමීර ලියනගේ - චෙස් - ස්වර්ණවාහිනී නාලිකාව 
 
# දුලාන් ලියනගේ - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# සංජය මුරමුදලි - අමුතු රසිකයා - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
 
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය 
 
# චන්දිමා කරුණාදාස - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# මිෂෙල් දිල්හාරා - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# මනීෂා චංචලා - අමුතු රසිකයා - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය 
 
# තුසිත අනුරාධ - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# සිසිකිරණ පරණවිතාන - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# තිසර තුල්වන් - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය 
 
# පහන් වීරතුංග - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# ශාන් අල්විස් - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# අනුෂ සංජිව ජයවර්ධන - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය 
 
 
# පියතිස්ස අකුරම්බොඩ - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# පියතිස්ස අකුරම්බොඩ - රන් බැඳී මිනිස්සු - ස්වර්ණවාහිනී නාලිකාව 
 
# සරත්චන්ද්‍ර ජයවීර - රාවණා - දෙරණ නාලිකාව 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය තිර රචනය 
 
# නාමල් ජයසිංහ - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# සුපුන් රත්නායක - අඩෝ - සිරස නාලිකාව 
 
# සුනිල් කොස්තා - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය 
 
# ලහිරු මාඩිවිල - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# ගයාන් ගණකධාර - වීරයා ගෙදර ඇවිත් - ජාතික රුපවාහිනී නාලිකාව
 
# කපිල පූගලආරච්චි - අමුතු රසිකයා - ජාතික රුපවාහිනී නාලිකාව
 
 
 
හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය 
 
 
# රසික සුරවීරආරච්චි " ජනපද කළණි" - අවසන් හුස්ම තෙක් -- ස්වාධීන රුපවාහිනී නාලිකාව 
 
# මණ්ඩක සංජිත දිල්පහන් "දෙරණ සරණ සුබ" - රාවණා - දෙරණ නාලිකාව 
 
# ධම්මික තිසේරා "මුරුගසන් වැහි කෝඩ" - හේලංකඩ - සිරස නාලිකාව 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය ගායනය 
 
# ළහිරු මාඩිවිල/ මේඛලා සුබසිංහ "මේ රම්‍ය වූ ප්‍රේමයේ" - අවසන් හුස්ම තෙක් - ස්වාධින රුපවාහිනී නාලිකාව 
 
# දුමාල් වර්ණකුලසූරිය "අරුමැසි ආදරේ" - සක්කාරන් - සිරස නාලිකාව 
 
# රයිනි චාරුකා "මහා කතරක ඉතින් ඉඳහිට" - ක්ලික් - ස්වර්ණවාහිනී නාලිකාව 
 
 
 
 
හොඳම ටෙලි නාට්‍ය අංග රචනය (වෙස් ගැන්වීම)
 
# බුවනෙක රණවක - රාවණා - දෙරණ නාලිකාව 
 
# ප්‍රේමලාල් ලියනගේ - රන් බැඳී මිනිස්සු - ස්වර්ණවාහිනී නාලිකාව 
 
# ප්‍රියංකා තිලක් රත්නායක - සක්කාරන් - සිරස නාලිකාව                 
 
 
(අවාරා)

 

 


 

 

සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි

 


බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...