BREAKING
Top Ad
Life

කාටත් හොරා අද ඇරඹෙන ජාතික යොවුන් නාට්‍ය උළෙල

T

The Leader

March 16, 2021 • 5:11 AM

කාටත් හොරා අද ඇරඹෙන ජාතික යොවුන් නාට්‍ය උළෙල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික යොවුන් නාට්‍ය උළෙල කියූ පමණින් අපට සිහිවන්නේ එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට විශිෂ්ට ගණයේ ශිල්පින් රැසක් දායාද කළ වේදිකාවකි.
  •   ඒ අනුව, ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ සිංහල දිගු නාට්‍ය 7ක්, සිංහල කෙටි නාට්‍ය 12ක් හා දෙමල කෙටි නාට්‍ය දෙකක් වේදිකා ගත කිරීමට නියමිත ය.
  •   නාට්‍ය ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,       මාර්තු 16    මොහොමඩ් රාෆිගේ "පරණ පෙම්වතා"  ගම්දොරින් රඟමඩලට මාතර අපි "එහෙනම් සීසර් වැටෙන්න ඇඳටම"  එස්.
  • ජීවරාජාගේ "Two hundred twenty five"  නිමේෂ් අධිකාරීගේ "ටෝටල් තියටර්"      මාර්තු 17    චරිත් මධුරංගගේ "අංකලුයි මමයි"  එස්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
දිවයින පුරා විසිරි සිටින අංකුර කලාකරුවන් ඉදිරියට ඔසවා තබන මේ වේදිකාවට වර්තමානය වනවිට අත්ව ඇති ඉරණම ශෝකජනක ය.  
 
අද වනවිට කරන්නන් වාලේ කරන, නාමික උත්සවයකට පමණක් මෙය සීමා වී ඇති බවට නාට්‍ය ක්ෂේත්‍රය ගැන කැක්කුමක් ඇති බොහොමයක් දෙනාගේ කනස්සල්ලට හේතු වී ඇත. 
  
41 වැනි වරට සංවිධානය කරන ජාතික යොවුන් නාට්‍ය උළෙල අද (16) ඇරඹෙන නමුත් මේ පිළිබඳව විධිමත් ප්‍රචාරණයක් අඩුම තරමේ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ සිදු කර නැති බව සංවිධායකයින්ට එරෙහිව නැගෙන චෝදනාවකි. 
 
තරගාවලියට එක්වෙන නාට්‍ය ශිල්පින් තමන්ට හැකි පමණින් ප්‍රචාරණ කටයුතු ගෙන යන අයුරු මෙසේ දක්නට ලැබුණි, 
 
1asds

1xfggf

 
 
41 වැනි ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරන නාට්‍ය අද (16) සිට 26දා දක්වා සෑම දිනකම ප.ව 6.30ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.
 
ඒ අනුව, ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ සිංහල දිගු නාට්‍ය 7ක්, සිංහල කෙටි නාට්‍ය 12ක් හා දෙමල කෙටි නාට්‍ය දෙකක් වේදිකා ගත කිරීමට නියමිත ය.
 
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන මෙවර ජාතික යොවුන් නාට්‍ය උළෙලේ සමාරම්භක උළෙල අද පස්වරුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහගේ සහභාගීත්වයෙන් මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ.
 
නාට්‍ය ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,
 
 
 
මාර්තු 16 
 
මොහොමඩ් රාෆිගේ "පරණ පෙම්වතා" 
ගම්දොරින් රඟමඩලට මාතර අපි "එහෙනම් සීසර් වැටෙන්න ඇඳටම" 
එස්. ජීවරාජාගේ "Two hundred twenty five" 
නිමේෂ් අධිකාරීගේ "ටෝටල් තියටර්" 
 
 
මාර්තු 17 
 
චරිත් මධුරංගගේ "අංකලුයි මමයි" 
එස්. ක්ලින්ටන්ගේ "උන්මේන් කුරල්" 
විශ්ව චින්තක තිලකරත්න, මධුරංග ශ්‍රී ලාල් සහ දේවින්ද වික්‍රමසිංහගේ "ආනන්දනීය බාබර්"
හර්ෂණී මැණිකේ විජයරත්නගේ "ද ඇග්‍රිමන්ට්" 
 
 
මාර්තු 18 
 
ශලනි වන්නිනායක හා චතුර දිසානායකගෙ "තියලා දාන්න ස" සුරාජ් ලසන්ත හේවගේ "Two කින්ඩම්" 
අනූපම කෝකිල අබේධීරගේ "බුෂුවා සාදය" 
 
 
මාර්තු 19 
 
ජයනි කළුආරච්චිගේ "මං කැඩිච්ච සිංහල" 
පූර්ණජිත් අනුරාධගේ "Cross " 
අසංග දිමුත්ගේ "ලිව්වෙ නැති කතාවක්" 
 
 
මාර්තු 20  
 
චනිදු රත්නායකගේ "වං මං තීරුව" දිගු නාට්‍යය ද 
 
 
 
මාර්තු 21 
 
සනත් කරුණාරත්න හා උමා කරදගොල්ලගේ "Ashes to ashes" දිගු නාට්‍ය ද 
 
 
මාර්තු 22  
 
ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ "හිතුමතේ ආදරේ" දිගු නාට්‍යය ද 
 
 
 
මාර්තු 23 
 
විශ්ව චින්තක තිලකරත්නගේ "කේතුමතී" දිගු නාට්‍යය ද 
 
 
 
මාර්තු 24  
 
නිලංක නාමල්ගෙ "Missing" දිගු නාට්‍යය ද 
 
 
 
මාර්තු 25  
 
ප්‍රණීත් චානකගේ "පිටස්තරයා" දිගු නාට්‍යය ද 
 
 
 
මාර්තු 26 
 
ආශා හංසනීගේ පුනරාගමනය දිගු නාට්‍යය ද 
 
(අවාරා)

 

 

 


 

 

 
 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...