BREAKING
Top Ad
Life

සෝමාලියා ඡායාරූප කලාව : "කාන්තාවන් ඡායාරූප ගැනීම සාමාන්‍ය දෙයක් වෙනවා දකින්න මට අවශ්‍යයි"

T

The Leader

March 26, 2021 • 4:21 AM

සෝමාලියා ඡායාරූප කලාව : "කාන්තාවන් ඡායාරූප ගැනීම සාමාන්‍ය දෙයක් වෙනවා දකින්න මට අවශ්‍යයි"  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝමාලියාව කියූ සැනින් බොහෝවිට ප්‍රචණ්ඩත්වය සහ විනාශයේ චිත්ත රූප මවන නමුත් මොගඩිෂු අගනුවර පැවැත්වුණු ඡායාරූප දැක්මක් එකී පූර්ව විනිශ්චයට අභියෝග කළා පමණක් නොව එම ඡායාරූපවලින්
  •     සෝමාලි ජාතික ඡායාරුප ශිල්පිනියන් දෙදෙනකු වන ෆර්දෝසා හුසේන් සහ හැනා මීර් විසින් ලබාගත් ඉතා සන්සුන් බව හඟවන, ආත්මීය ආලේඛ්‍ය ඡායාරූප පෙළක් හෝටලයක සුදු පැහැ බිත්තියක එල්ලෙමින් තිබෙයි.
  • ඒක ඇත්ත නෙවෙයි."     "Still Life" නමින් හැඳින්වෙන මෙම ඡායාරූප දැක්මේ සංකල්පය 2020 වසරේ සැප්තැම්බර් මස ඇරඹි සෝමාලි කලා පදනමේ (Saf) අධ්‍යක්ෂ සගාල් අලිගේ ය.
  •   සෝමාලියාවේ ඡායාරූප කලාව ගත්විට, එය බොහෝ දුරට පුරුෂයා මූලික කරගත් වෘත්තියක් ලෙස සැලකෙන බව ඇය පවසන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
මූලිකවම නිර්වචන කෙරෙන්නේ කවරක් ද යන්න නැවත කියවීමට ඉඩ සලසා දුන් බව BBC වාර්තාකරු මේරි හාපර් වාර්තා කර සිටියි.  
 
සෝමාලි ජාතික ඡායාරුප ශිල්පිනියන් දෙදෙනකු වන ෆර්දෝසා හුසේන් සහ හැනා මීර් විසින් ලබාගත් ඉතා සන්සුන් බව හඟවන, ආත්මීය ආලේඛ්‍ය ඡායාරූප පෙළක් හෝටලයක සුදු පැහැ බිත්තියක එල්ලෙමින් තිබෙයි.
 
"කාන්තාව පොදු අවකාශයේ ඉඩ  අත් කරගැනීම ඉතා වැදගත්," එක් ශිල්පිනියක වූ ෆර්දෝසා හුසේන් පවසන්නී ය. 
 
මහපාරේ ඡායාරූප ගනිමින් සිටිය දී 'ප්‍රසිද්ධියේ හෑල්ලු වෙනවට වඩා ගෙදරට වැදී සිටිය යුතු යි' කියා බොහොමයක් වෙලාවට පිරිමින් තමන්ට කෑ මොරසන් දෙන බව ඇය කියයි. 

hair HANA

 
 
"මම වගේ තවත් ගැහැනියකට එළියට බැහැලා, වීඩියෝ කරන්න පින්තූර ගන්න එක මුළුමනින්ම වගේ සාමාන්‍ය දෙයක් වෙනවා දකින්න මම කැමතියි: බයක්, හිරිහැරයක් හෝ ඊට වඩා නරක දෙයක් වෙන්නේ නැතිව."  
 
සෝමාලියාව තුළ ඇති විවිධත්වය පෙන්වන එක  ද වැදගත් බව හැනා මීර් පවස යි. 
 
"බොහොමයක් වෙලාවට මිනිස්සු හිතනවා සෝමාලියාව කියලා  කියන්නේ එකම භාෂාවක් කතා කරන ගෝත්‍රයක් කියලා. ඒක ඇත්ත නෙවෙයි."

girlsdolls HANA

 
 
"Still Life" නමින් හැඳින්වෙන මෙම ඡායාරූප දැක්මේ සංකල්පය 2020 වසරේ සැප්තැම්බර් මස ඇරඹි සෝමාලි කලා පදනමේ (Saf) අධ්‍යක්ෂ සගාල් අලිගේ ය.
 
සෝමාලියාවේ ඡායාරූප කලාව ගත්විට, එය බොහෝ දුරට පුරුෂයා මූලික කරගත් වෘත්තියක් ලෙස සැලකෙන බව ඇය පවසන්නී ය. "විශේෂයෙන්ම වීදි ඡායාරූප කලාව. බොහොමයක් මිනිසුන් එදිනෙදා ජීවිකාව ගෙනයමින්, සැරිසරන පොදු ස්ථාන තමන්ගේ කැමරා කාචයට හසු කරගන්න බලාගෙන කාන්තාවක් එලියට බහින එක කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක්."
 

"සෝමාලියාවේ 30 වසරකට එහා ගිය ගැටුම් නිසා නිර්මාණශිලිත්වය මෙන්ම සංස්කෘතිය ද විනාශ වෙලා," ඇය කියයි. "සෝමාලි කලා පදනමේ අරමුණ වෙන්නේ එය නැවත ගොඩනැගීම, මිනිසුන්ට හුස්ම ගන්න ඉඩක් ලබා දෙන්න."   
 
මිනිසුන්ගේ දැක්ම වෙනස් කිරීම ද ඇයගේ එක් අරමුණකි. කාන්තාවන්ට උසස් කලා කෘති ගොඩනැගිය නොහැකි බවට ඇති මතය, මෙම ඡායාරුප දැක්ම තුලින් අභියෝගයට ලක් කිරීමට ද ඇයට වුවමනා ය. 
 
"ගැහැණු බැල්මට වගේම ඒ පින්තූරවලින් මගේ හිතේ මතුවන හැඟීම්වලට මම ඇදිලා ගිහින්. මම හිතන්නෑ මේ වගේ පින්තූර පිරිමියෙක්ට ගන්න පුළුවන් කියලා."

 

(අවාරා)

Image 2021.03.26

swim FH

 


 
The Leader TV

 

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...