BREAKING
Top Ad
Life

යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී

T

The Leader

April 2, 2021 • 9:28 AM

 යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන 6 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී පැවැත්වීමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබෙනවා.
  • සිනමා උළෙලේ සිනමාපට 60 ගණනකට ආසන්න සංඛ්‍යාවක් තිබුණා.
  •   ඒ අනුව අන්තර්ජාතික, දේශීය සහ කුළුඳුල් සිනමාපටය යන උළෙලේ තරගකාරී අංශ තුන යටතේ තරග කර ජයග්‍රහණය කළ සිනමාපට තුන සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන අප්‍රේල් 7 වැනිදා ප්‍රදර්ශනය කරනු ඇත.
  •   කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගත තත්වය යටතේ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නීතිවලට අනුව යමින් විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සම්මාන ප්‍රධානොත්සවය විවෘත කෙරෙන අතර සිනමා දැක්මේ ආසන සංඛ්‍යාව ද සීමිත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
උළෙලේ සම්මාන ප්‍රධාන උත්සවයට පූර්වයෙන් "ට්‍රැවලින් ෆෙස්ටිවල්" නමින් සිනමා දැක්මක් පැවැත්වේ. 
 
අප්‍රේල් 3 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වෙන මෙම සිනමා දැක්මේ දී තෝරාගත් සිනමාපට 10ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බව උළෙලේ අභිරක්ෂිකා අනෝමා රාජකරුණා පවසයි.Anoma R
 
 
 
"ට්‍රැවලින් ෆෙස්ටිවල් එකක් තියන්නේ මොකද කොළඹ ඉඳලා විශාල පිරිසක් යාපනයට එනවා හැම අවුරුද්දකම. මේ අවුරුද්දේ කොවිඩ් වසංගත තත්වය නිසා අපි ගොඩක් උනන්දු කළේ නැහැ යාපනයට එන්න. සිනමා උළෙලේ සිනමාපට 60 ගණනකට ආසන්න සංඛ්‍යාවක් තිබුණා.
 
ඒ අනුව අන්තර්ජාතික, දේශීය සහ කුළුඳුල් සිනමාපටය යන උළෙලේ තරගකාරී අංශ තුන යටතේ තරග කර ජයග්‍රහණය කළ සිනමාපට තුන සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන අප්‍රේල් 7 වැනිදා ප්‍රදර්ශනය කරනු ඇත.
 
කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගත තත්වය යටතේ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නීතිවලට අනුව යමින් විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සම්මාන ප්‍රධානොත්සවය විවෘත කෙරෙන අතර සිනමා දැක්මේ ආසන සංඛ්‍යාව ද සීමිත වේ.
 
සිනමාපට ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,
 

 

 

167807942 1616621621876947 7268595032502031820 n

 

THE LEADER TV 
 
 

රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...