BREAKING
Top Ad
Life

මියන්මාර හමුදාවට එරෙහිව නැගී සිටි 'මිස් ග්‍රෑන්ඩ් මියන්මාර්'

T

The Leader

April 5, 2021 • 9:44 AM

 මියන්මාර හමුදාවට එරෙහිව නැගී සිටි 'මිස් ග්‍රෑන්ඩ් මියන්මාර්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Han Lay's speech made headlines around the world
  • බොහෝ දෙනා මිය යනවා," තායිලන්තයේ පැවැත්වුණු Miss Grand International 2020 තරගාවලියේ දී ඇය මෙසේ ප්‍රකාශ කළා ය.    "කරුණාකරලා මියන්මාරයට උපකාර කරන්න.
  • මේ වෙලාවේ අපිට ජාත්‍යන්තර සහය ඉතා ඉක්මනින් අවශ්‍යයි."      මින් මාසයකට පමණ පෙර 22 හැවිරිදි හන් ලේ මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන් හි වීදිවල හමුදාවට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වනු දක්නට ලැබුණි.
  • ඉතින් මම කතා කරන්න තීරණය කළා," යනුවෙන් ඇය BBC සේවය වෙත අදහස් පළ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 මියන්මාර හමුදාව විසින් එරට ජනතාව තලා පෙලා දමමින් සිදු කරන හිංසාවන්ට එරෙහිව, හඬ අවදි කළ "මිස් ග්‍රෑන්ඩ් මියන්මාර්" හන් ලේ දෙසට බොහෝ දෙනකුගේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. 
 
"අද මගේ රට මියන්මාරයේ .... බොහෝ දෙනා මිය යනවා," තායිලන්තයේ පැවැත්වුණු Miss Grand International 2020 තරගාවලියේ දී ඇය මෙසේ ප්‍රකාශ කළා ය. 
 
"කරුණාකරලා මියන්මාරයට උපකාර කරන්න. මේ වෙලාවේ අපිට ජාත්‍යන්තර සහය ඉතා ඉක්මනින් අවශ්‍යයි."   
 
මින් මාසයකට පමණ පෙර 22 හැවිරිදි හන් ලේ මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන් හි වීදිවල හමුදාවට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වනු දක්නට ලැබුණි.
 
 
 

 117799884 mediaitem117799883            Han Lay, centre, took part in anti-coup protests before travelling to Thailand

පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මියන්මාර හමුදාව, එරට පාලන බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 01 වෙනිදාය. 
 
ඊට විරෝධය පාමින් දස දහස් ගණන් ජනතාව ගෙන යන දැවැන්ත උද්ඝෝෂණයන්ට එරෙහිව හමුදා පාලනය දක්වන්නා වූ මර්දනකාරී ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතින අතරේ එරට සාමාන්‍ය වැසියන්ට දුෂ්කර වූ තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත. 
 
ඉකුත් සෙනසුරාදා දින 100කට වැඩි පිරිසක් මරා දැමුනේ එදින, ගැටුමේ මාරාන්තික දිනයක් බවට පත්කරමිනි. 
 
එරට අධීක්ෂණ කණ්ඩායමක් කියා සිටින්නේ සමස්ත මරණ ප්‍රමාණය 500 ඉක්මවන බවයි. 
 
Save the Children සංවිධානයට අනුව මරාදැමුනු අයගෙන් 43ක් කුඩා ළමුන් වේ.
  117804271 mediaitem117804270

         Han Lay has used her platform to condemn the Myanmar military

 
යැන්ගුන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන හන් ලේ, සිය මව්රට ගැන ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සුදුසුම වේදිකාව Miss Grand International 2020 යැයි තීරණය කළාය.
 
"මියන්මාරයේ මාධ්‍යවේදීන් සිරගත කරලා.. ඉතින් මම කතා කරන්න තීරණය කළා," යනුවෙන් ඇය BBC සේවය වෙත අදහස් පළ කර තිබුණි.
 
මිනිත්තු දෙකක් පමණ වූ තමන්ගේ කතාව මියන්මාර හමුදාවේ අවධානයට යොමුවී තිබීම ගැන මේ වනවිට සැලකිලිමත් වන බවත් අවම වශයෙන් ඉදිරි මාස තුනක කාලය හෝ තායිලන්තයේ නැවතීමට තීරණය කර ඇති බවත් ඇය පැවසුවා ය.  
 
හමුදාව හෝ බලධාරීන් මෙතෙක් තමන්ට කතා කර නැති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල වන බව හන් ලේ පවසයි.
 
"සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. මම මියන්මාරයට එනවිට සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා." 
 
 
  117803006 mediaitem117803005
Han Lay makes the three finger salute, which has become a symbol of protest against Asia's military regimes
 
 
(අවාරා)
 
(සේයා - BBC )
 


THE LEADER TV
 
 

සීතා - දමිත හුටපටේ...!

 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...