BREAKING
Top Ad
Life

රංග බණ්ඩාරනායකගෙන් අලුත් අවුරුදු ඒකාංගික ටෙලියක්

T

The Leader

April 6, 2021 • 7:16 AM

රංග බණ්ඩාරනායකගෙන් අලුත් අවුරුදු ඒකාංගික ටෙලියක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විජේසිංහට පිස්සු. ගමේ මිනිස්සු විජේසිංහව දකින්නේ එහෙම.
  • මේ අලුත් අවුරුද්දෙත් විජේසිංහ යුවලගේ එකම අපේක්ෂාව වන්නේ තම දරුවාගේ පුනරාගමනය යි."     මේ රංග බණ්ඩාරනායකගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය යි.
  •   "ඇල් හාලේ කිරිබත්" ලෙසින් නම් කළ මේ අලුත් අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය එළඹෙන අප්‍රේල් 13 රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):
බුදු පහන තියලා උදේට මාක්ස්වාදී තොප්පියක් දාගෙන කඩේ යනවා. සැමට සමානාත්මතාවය ගැන කතා කරන්නේ. විජේසිංහව එළියේ සමාජයට එහෙම පෙනුනත් නිවෙසෙදි විජේසිංහ කියන්නේ අති සංවේදී ලෝකයක තමන්ගේ බිරිඳත් එක්ක අතුරුදහන් වූ එකම පුතුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ජීවත් වන්නෙක්. මෙම නිවසේ කුලී  කාමරයක අංජලී නම් ද්‍රවිඩ යුවතිය විජේසිංහ යුවල සමග ජීවත් වන්නේ ඔවුන්ගේ දුක බෙදා හදා ගනිමින්. මේ අලුත් අවුරුද්දෙත් විජේසිංහ යුවලගේ එකම අපේක්ෂාව වන්නේ තම දරුවාගේ පුනරාගමනය යි."
 
rgg
 
මේ රංග බණ්ඩාරනායකගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය යි.
 
"ඇල් හාලේ කිරිබත්" ලෙසින් නම් කළ මේ අලුත් අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය එළඹෙන අප්‍රේල් 13 රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිත ය.
 
චන්ද්‍රසෝම බින්දුහේවා, මැණිකේ අත්තනායක, එන්. තීබ දර්ශනී , ජෝන් දිනේෂ් සඳරුවන්, ප්‍රියන්ත ප්‍රභාෂ්, රමේෂ් කේෂාන්, ආර් ජෙයන්තන් රංගනයෙන් එක්වූ මෙම ටෙලියේ රූපවාහිනී රචනය චාමර ප්‍රසන්න කොඩිතුවක්කු, සංගීතය නදික වැලිගොඩපොල, සංස්කරණය දිමුත් කුරුප්පු, කැමරාකරණය ජනිත් සුසෙව්හේවා, පටිගතකිරීම පද්මසිරි ගුණතිලක සහ සනත් පෙරේරා, ආලෝකකරණය චතුර ඒකනායක, වේශ නිරූපනය චන්දන සෙනරත් බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය කෝකිල විජේසුන්දර, සහය අධ්‍යක්ෂණය සමන් ප්‍රේමරත්න විසිනි.
 
රංග බණ්ඩාරනායකගේම නිෂ්පාදනයක් වන "ඇල් හාලේ කිරිබත්" ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ  ඉදිරිපත් කිරීමකි.

 

dfr

fgfdg

fhth

 


 

THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...