BREAKING
Top Ad
Life

දුන්හිඳ අද්දර දෙස උපේක්ෂාවෙන් බලා ඉන්න ආරාධනා!

T

The Leader

April 14, 2021 • 10:05 PM

දුන්හිඳ අද්දර දෙස උපේක්ෂාවෙන් බලා ඉන්න ආරාධනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අශෝක හඳගම ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු වශයෙන් අබිසෙස් ලැබූ "දුන්හිඳ අද්දර" ටෙලි නාට්‍යය නැවත වරක්
  •   දුන්හිඳ අද්දර ජීවත් වන පාදඩ චරිත කිහිපයක් ප්‍රස්තුත කරගෙන නිර්මාණය වූ "දුන්හිඳ අද්දර" පළමු වරට රූපවාහිනියේ විකාශය කළේ 1993 වසරේ දී ය.
  •   නැවත විකාශය සම්බන්ධයෙන් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ අශෝක හඳගම සිය මුහුණු පොතේ තැබූ සටහනක් පහතින්,     "ඒ 1992 අවුරුද්දේ දෙසැම්බර් මාසය.
  • තිහ හතලිහක කණ්ඩායමක් බඩු මුට්ටුත් කර ගහගන වැල් පාලම තරණය කරනකොට පසුබිමින් උස් හඬින් ඇසුනා සංවාදයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රේක්ෂකයාට නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.  
 
ඒ අනුව, 17 වෙනි සෙනසුරාදා පටන් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම පස්වරු 7:00 ට ස්වාධින රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම ටෙලි නාට්‍යය විකාශය කිරීමට නියමිත ය.
 
දුන්හිඳ අද්දර ජීවත් වන පාදඩ චරිත කිහිපයක් ප්‍රස්තුත කරගෙන නිර්මාණය වූ "දුන්හිඳ අද්දර" පළමු වරට රූපවාහිනියේ විකාශය කළේ 1993 වසරේ දී ය.
 
නැවත විකාශය සම්බන්ධයෙන් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ අශෝක හඳගම සිය මුහුණු පොතේ තැබූ සටහනක් පහතින්,  
 
"ඒ 1992 අවුරුද්දේ දෙසැම්බර් මාසය. අපට අවශ්‍ය වුනේ, ඇල්ල නරඹන්නට එන හැමෝම දකින කෝණයට වඩා වෙනස් කෝණයකින් රූගත කරන්න. ඒ සඳහා ඇල්ල ඇද හැලී ගලන බදුලු ඔය තරණය කලයුතු වුනා. ඒකට තිබුණේ වැල්පාලමක්. තිහ හතලිහක කණ්ඩායමක් බඩු මුට්ටුත් කර ගහගන වැල් පාලම තරණය කරනකොට පසුබිමින් උස් හඬින් ඇසුනා සංවාදයක්. ගම්වාසීන් දෙදෙනෙකු අතර. 
 
“ කවුද බන් මේ....? “
 
“ටෙලිනාට්‍ය ..සෙට් එකක්.. “
 
“කවුද ඉන්නේ..? “
 
“කබ්බෝ බන් කබ්බෝ..”
 
අන්න ඒ කබ්බෝ සෙට් එක කරපු ටෙලිනාට්‍යය තමයි “දුන්හිඳ අද්දර”...
 
මචාඩෝ, කෞෂල්‍යා, අනෝමා, රුක්මල්  පුංචි තිරයට කලඑළි බැස්සේ දුන්හිඳ අද්දරින්.
 
බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය සභාව විරෝධතා යෝජනාවක් (resolution එකක්) පාස් කරගත්තා. දුන්හිඳ අවට ගම්වාසීන් ට අපහාස අරනවා කියලා. 
 
කොළඹ උසස් බාලිකා විද්‍යාලයක එවක විදුහල්පතිනි, මේ නාට්‍යය විකාශය නවතන්න යැයි ඉල්ලමින් රූපවාහිණියට පෙත්සමක් යොමුකලා. 
 
වාසනාවට එවකට රූපවාහිණියේ සභාපති සුනිල් සරත් පෙරේරා මහත්තයා. 
 
ඔහු ඒ කිසිවක් ගණනකට නොගෙන විකාශය දිගටම කරගන ගියා. 
 
සමහර මිනිස්සු බැන බැන වුනත් මේ නාට්‍යය නැරඹුවා...නොබලපු කෙනෙක් නැති තරම්. 
 
දුන්හිඳෙන් එගොඩ වෙලා දශක 3 ක් විතර තිස්සේ මම දිගු ගමනක් ආවා. ආ දුර ඇති කියලත් හිතෙනවා. 
 
කබ්බන් කණ්ඩායමක් වූ අප හැදූ ඒ දුන්හිඳ අද්දර 17 වෙනි සෙනසුරාදා ඉඳන් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම පස්වරු 7:00 ට ITN නාලිකාවේ විකාශය වෙනවා. 
 
ඩිජිටල් යුගයට පෙර යුගයේ හැදුණු එකක් නිසා රූප සහ ශබ්ද වල ගුණාත්මක බව කොහොම ද දන්නේ නැහැ. බලපු අයටත් නොබලපු අයටත් දුන්හිඳ අද්දර දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නයි මේ ආරාධනාව."
 
(අවාරා)
 

 

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...