BREAKING
Top Ad
Life

ප්‍රබන්ධ සාහිත්‍ය සඳහා කාන්තා ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති මෙන්න

T

The Leader

April 30, 2021 • 7:13 AM

ප්‍රබන්ධ සාහිත්‍ය සඳහා කාන්තා ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර "ප්‍රබන්ධ සාහිත්‍ය සඳහා කාන්තා ත්‍යාගයේ" කෙටි ලැයිස්තුගත නවකතා අතරට නිවුන්නු වටා ගෙතුණු පවුලේ කතා දෙකක් ඇතුලත් වී තිබෙනවා.
  •   කුළුඳුල් නවකතා දෙකක් ඇතුළු තවත් නවකතා හතරක් ත්‍යාගය උදෙසා තරග වදියි.
  •     ජයග්‍රාහිකාව ජූලි 7 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කළු ජාතික නිවුන් සහෝදරියන් දෙදෙනකු මුල් කරගත් බ්‍රිට් බෙනට්ගේ "The Vanishing Half" සහ ජිනී, ජුලියස් නම් 51 හැවිරිදි නිවුන්නු මුල් කරගත් ක්ලෙයා ෆුලර්ස්ගේ "Unsettled Ground" එම කෘති ද්විත්වය යි.
 
කුළුඳුල් නවකතා දෙකක් ඇතුළු තවත් නවකතා හතරක් ත්‍යාගය උදෙසා තරග වදියි.  
 
ජයග්‍රාහිකාව ජූලි 7 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
 
කෙටි ලැයිස්තුගත කෘති මෙසේ ය,
 

Fiction literature women

 
සුසානා ක්ලාක් රචිත "Piranesi"  
ක්ලෙයා ෆුලර්ස් රචිත "Unsettled Ground" 
බ්‍රිට් බෙනට් රචිත "The Vanishing Half" 
යා ග්යාසි රචිත "Transcendent Kingdom" 
චෙරි ජෝන්ස් රචිත "How the One-Armed Sister Sweeps Her House" 
පැට්‍රිෂියා ලෝක්වුඩ් රචිත "No-one is Talking About This"
 
 
   
ජයග්‍රාහිකාවට පවුම් 30,000ක මුදල් ත්‍යාගයක් සහ ග්‍රිසෙල් නිවෙන් යන කලාකරු විසින් නිර්මාණය කළ බෙසී නමින් හඳුන්වන ලෝකඩ ප්‍රතිමාවක් හිමිවනු ඇත.  
 
එක්සත් රාජධානියේ වඩාත් ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය ත්‍යාගයක් ලෙස නම් දරන "ප්‍රබන්ධ සාහිත්‍ය සඳහා කාන්තා ත්‍යාගය" මින්පෙර නම් කිහිපයකින් හැඳින්වුණු අතර 2014 සිට 2017 දක්වා එය හැඳින්වුයේ "ප්‍රබන්ධ සාහිත්‍ය සඳහා බේලීස් කාන්තා ත්‍යාගය" ලෙසිනි. 
 
 
(අවාරා)

 


 

THE LEADER TV 
 

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 

 

කොවිඩ් නිසා දැන් සිද්දවෙන්නේ මිනී මැරුම්?
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...