BREAKING
Top Ad
Life

ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දුන් කන්ගනාගේ ට්විටර් ගිණුම අත්හිටුවයි

T

The Leader

May 4, 2021 • 10:38 AM

ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දුන් කන්ගනාගේ ට්විටර් ගිණුම අත්හිටුවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන බවට චෝදනා එල්ල වුණු ට්විටර් පණිවිඩ පළ කිරීම නිසා බොලිවුඩ් නිළි
  •       ඇයගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට මුල් වුනු එක් ට්විටර් පණිවිඩයක් ද මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන ඉකුත් දා බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ බලය හිමිකරගත් මමතා බෙනර්ජි ඉලක්ක කරගෙන පළ කෙරුණකි.
  •     කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද?
අකුරු ප්‍රමාණය (Font Size):
කන්ගනා රනවුත්ගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවා තිබෙනවා. 
 
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය පරදමින් ඉකුත් ඉරිදා නිකුත් වූ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිපලවලට ප්‍රතිචාර දක්වමින් පළ කළ ට්විටර් පණිවිඩ කිහිපයක් මීට හේතු වී ඇති.
 
එමගින් ඇය අගමැති මෝදීගෙන් ඉල්ලා ඇත්තේ "2000 මුල් භාගයේ" ඔහුගේ නායකත්ව ශෛලිය පාවිච්චියට ගෙන විපක්ෂ නායකයෙක් "ආන්බාන්" කරන ලෙස ය - එය ඔහු බටහිර ගුජරාටයේ මහ ඇමති ලෙස කටයුතු කළ දෙදහස් දෙක වසරේ දහසක් පමණ ඉන්දීය මුස්ලිම් ජාතිකයන් මරා දැමුණ ආගම්වාදී කැරළි කෝලාහල අළලා කෙරුණු සඳහනකි.
 
fgsdfg 
 
ට්විටර් පණිවිඩ පළ කිරීම සමඟම එය බොහෝ දෙනකුගේ කෝපයට හේතු වී තිබුණි. 
 
මේ ගැන ට්විටර් සමාගම මෙතෙක් නිවේදනයක් නිකුත් කර නැති නමුත් සමාගමේ නියෝජිතයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කන්ගනා දිගින් දිගටම ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කිරීමෙන් සහ අනිසි ලෙස හැසිරීමෙන් ට්විටර් සමාජ මාධ්‍ය අවකාශයේ නීති උල්ලංඝනය කර ඇති බවයි. 
 
"ට්විටර් සමාගම මගේ මතය ඔප්පු කරලා තියෙනවා, ඔවුන් ඇමරිකානුවන්, තලෙළු මිනිස්සු වහල්භාවයට ගැනීමේ අයිතිය උපතින්ම හිමි වනවා යි සුදු මිනිහෙක්ට හිතෙනවා, මොනාද හිතන්න ඕන, කතා කරන්න ඕන, කරන්න ඕන කියන එක ඔබට කියන්න ඔවුන්ට උවමනයි,"  යනුවෙන් මේ ගැන කන්ගනා අදහස් දක්වා තිබුණි.   
 
"මගේ හඬ අවදි කරන්න ඕන තරම් වේදිකා තියෙනවා, මගේ කලා මාධ්‍යවන සිනමාව ඇතුළුව." 
 
සිනමා කර්මාන්තය ගැන මෙන්ම ඉන් පරිබාහිරව ද, විශේෂයෙන්ම දේශපාලනය ගැන ද මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කරන තැනැත්තියක ලෙස කන්ගනා ප්‍රසිද්ධියක් දරන්නී ය.
 
කෙසේ නමුත්, කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්වන මෝදී ප්‍රමුඛ ආණ්ඩුව ඇයගේ විවේචනයට බඳුන් වී නැත.
 
අගමැතිවරයා අගයන කන්ගනා ඔහුගේ ප්‍රතිවාදීන් වෙත පහර එල්ල කරන්නී ය.
 
 fgdfgtg
 
ඇයගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට මුල් වුනු එක් ට්විටර් පණිවිඩයක් ද මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන ඉකුත් දා බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ බලය හිමිකරගත් මමතා බෙනර්ජි ඉලක්ක කරගෙන පළ කෙරුණකි.
 
(අවාරා)

 


 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...