BREAKING
Top Ad
Life

'යාත්‍රා' අද නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ

T

The Leader

May 9, 2021 • 9:07 AM

'යාත්‍රා' අද නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටි ෂෙල්ටන් ෆර්නැන්ඩුගේ අධ්‍යක්ෂණයක් වන "යාත්‍රා" සිනමාපටය අද (9) දිනයේ සිව්වැනි නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ දී තිරගත කිරීමට නියමිත ය.
  •   නේපාල අන්තර්ජාතික සිනමා උළෙල හෙට (10) නිමාවට පත්වේ.
  •       "යාත්‍රා"     ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන “යාත්‍රා” අරුණ ජයවර්ධනගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ, මෙරට දී මෙන්ම නේපාලයේ ද රූපගත කළ අපූරු සිනමා සිත්තමකි.
  •   (අවාරා)         THE LEADER TV   එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ, 2021 වසර සඳහා විදෙස් රටක පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උලෙළක දී ප්‍රදර්ශනය කෙරෙන සිව්වැනි සිනමාපටය බවට පත්වෙමිනි.
 
මැයි 6 වැනිදා ආරම්භ වූ නේපාල අන්තර්ජාතික සිනමා උළෙල කොවිඩ්-19 වසංගත තත්වය නිසා පැවැත්වෙන්නේ ඔන්ලින් ඔස්සේ ය. 
 
නේපාල සිනමා සහ සංස්කෘතික ඇකඩමිය විසින් සංවිධාන කෙරෙන මෙම උළෙලේ ප්‍රමුඛතම අංශය ලෙස සැලකෙන World Panorama-Feature Films (අන්තර්ජාතික) යටතේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, තුර්කිය, චීනය, පෘතුගාලය, නේපාලය, හොංකොං යන රටවලින් ඉදිරිපත් කෙරුණු සිනමාපට 8ක් සමඟ "යාත්‍රා" සිනමාපටය තරග කරයි. 
 
ඒ හොඳම වෘතාන්ත සිනමාපටය වෙනුවෙන් පිරිනැමෙන ගෞතම බුද්ධ සම්මානය (Gautama Buddha Award) සහ IFFS දොන් කිහොටේ (Don Quixote Award) සම්මාන වෙනුවෙනි.
 
රටවල් 52ක් නියෝජනය කරමින් සිනමාපට 450කට වැඩි ප්‍රමාණයක් මෙවර උළෙලට ඉදිරිපත් කර තිබූ බවත් එයින් රටවල් 31ක් නියෝජනය කරමින් සිනමාපට 63ක් පමණක් නිළ වශයෙන් උළෙල නියෝජනයට තෝරාපත් කරගෙන ඇති බවත් සංවිධායකයෝ නිවේදනය කරති. 
 
වෘතාන්ත චිත්‍රපට 9ක්, වාර්තා චිත්‍රපට 11ක් සහ කෙටි චිත්‍රපට 35ක් ඒ අනුව උළලේ තරග වදියි.
 
නේපාල අන්තර්ජාතික සිනමා උළෙල හෙට (10) නිමාවට පත්වේ.
 
 
 
"යාත්‍රා"
 yathra
 
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන “යාත්‍රා” අරුණ ජයවර්ධනගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ, මෙරට දී මෙන්ම නේපාලයේ ද රූපගත කළ අපූරු සිනමා සිත්තමකි.
 
ශ්‍රියානි අමරසේන ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා ලක්ෂ්මන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, සඳුන් විජේසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, උදාරි පෙරේරා, පබෝධා සන්දීපනී, රොෂාන් පිලපිටිය, කුමුදු නිශාන්ත, ඉන්දික මදුරගේ, ලිලානි පෙරේරා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා ඇත.
 
“යාත්‍රා” කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල්, සහාය අධ්‍යක්ෂණය අජිත් ලොකුගේ, අංග රචනය ඉන්දික උදාරලංකා, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ගීත රචනය බණ්ඩාර ඇහැළියගොඩ සහ වසන්ත කුමාර කොබවක, ගායනය නෙලූ අධිකාරී සහ ඉන්දිකා උපමාලි, සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ, ශබ්ද සැලසුම් ඩිරාන් විජේසිංහ, නිෂ්පාදන කළමණාකරණය සෝමදාස මල්දෙණිය, නිෂ්පාදනය ශ්‍රියානි අමරසේන, රුවන් ජයසිංහ, ලිලානි පෙරේරා සහ නිරංජලා සරෝජනී විසිනි.
 
(අවාරා)

 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...