BREAKING
Top Ad
Life

ගෝල්ඩන් ග්ලෝබ් විරෝධය : ටොම් කෘස් සම්මාන නැවත බාරදෙයි

T

The Leader

May 11, 2021 • 9:49 AM

ගෝල්ඩන් ග්ලෝබ් විරෝධය : ටොම් කෘස් සම්මාන නැවත බාරදෙයි         

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ ඉදිරිපත් කරන හොලිවුඩ් විදෙස් පුවත් සංගමය (HFPA) වෙත එල්ල වෙන විරෝධයට සහය පළ කරමින් ජනප්‍රිය රංගන ශිල්පී ටොම් කෘස් තමන්ට හිමිවූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුන
  •     එම අනාවරණයෙන් පසු HFPA හි ප්‍රතිසංස්කරණයක් විය යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අදහස වූ අතර Netflix, WarnerMedia වැනි ආයතන මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළි ස්කාලට් ජොන්සන් ද එම අදහස් දරන අය අතර වේ.
  •           NBC රූපවාහිනිය උලෙළේ විකාශන කටයුතු නවතයි :   එසේම, NBC රූපවාහිනිය ද 2022 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ විකාශය නොකරන බවට ද නිවේදනය කර තිබෙනවා.
  • ඔවුන් මෙම එම සම්මාන උලෙළ විකාශය කරන්නේ 1996 පටන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
එම සංවිධායකයින් වෙත නැවත යැවීමට කටයුතු කර තිබෙනවා.
 
ඔහු හොඳම රංගන ශිල්පියා ලෙස 1997 දී සහ 1990 දී,  හොඳම සහය රංගන ශිල්පියා ලෙස 2000 දී දිනාගත් සම්මාන මෙසේ ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 87 දෙනකුගෙන් සමන්විත හොලිවුඩ් විදෙස් පුවත් සංගමයේ (HFPA) දුෂණ වංචා, අවමන් සහගත හැසිරීම් ගැන චෝදනා සහ විශේෂයෙන්ම එකදු කළු ජාතික සාමාජිකයෙක් හෝ නොසිටීම ඇතුළු වර්ගවාදී සැලකීම් ගැන මෙම වසර මුල දී ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත අනාවරණයක් කරන ලදී.
 
1620674231231
 
එම අනාවරණයෙන් පසු HFPA හි ප්‍රතිසංස්කරණයක් විය යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අදහස වූ අතර Netflix, WarnerMedia වැනි ආයතන මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළි ස්කාලට් ජොන්සන් ද එම අදහස් දරන අය අතර වේ.
 
"අත්‍යවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්නේ නැති නම්, අපි HFPA වෙතින් ඈත් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා," යනුවෙන් ස්කාලට් ජොන්සන් කියා තිබුණි.    
 
 
 
NBC රූපවාහිනිය උලෙළේ විකාශන කටයුතු නවතයි :
 
එසේම, NBC රූපවාහිනිය ද 2022 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ විකාශය නොකරන බවට ද නිවේදනය කර තිබෙනවා. ඔවුන් මෙම එම සම්මාන උලෙළ විකාශය කරන්නේ 1996 පටන් ය.
 
(අවාරා)
 
 
 
 
 
 

THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 
 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...