BREAKING
Top Ad
Life

එමලි බ්‍රොන්ටේ : අත් අකුරින් ලියූ කවි එකතුවක් පවුම් මිලියනයකට වෙන්දේසියේ

T

The Leader

May 26, 2021 • 10:30 AM

එමලි බ්‍රොන්ටේ : අත් අකුරින් ලියූ කවි එකතුවක් පවුම් මිලියනයකට වෙන්දේසියේ     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉංග්‍රීසි ලේඛිකා එමලි බ්‍රොන්ටේගේ අත් අකුරින් ලියන ලද, කවි 31කින් සමන්විත අත්පිටපතක් මෙන්ම ඉතාමත් විරල ගණයේ බ්‍රිතාන්‍ය සාහිත්‍යය කෘති,
  •   (ආවාරා)   THE LEADER TV    බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...
  • අත්පිටපත් එකතුවක් ඇතුලත් "නැතිවූ පුස්තකාලය" වෙන්දේසියට දමා  තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
අත්පිටපත් එකතුවක් ඇතුලත් "නැතිවූ පුස්තකාලය" වෙන්දේසියට දමා තිබෙනවා.  
 
ඔන්රස්ෆීල්ඩ් නම් මෙම පුස්තකාලය සියවසකට ආසන්න කාලයක් ජනයාට විවෘත නොවුනි. 
 
එමලි බ්‍රොන්ටේගේ සහෝදරියක් වූ, "ජේන් අයර්" කෘතියේ කතුවරිය චාලට් බ්‍රොන්ටේ විසින් පැන්සලකින් සටහන් දමා ඇති- එමලිගේ කවි අත්පිටපත් පවුම් ලක්ෂ 8ක සිට පවුම් මිලියනයක් අතර මුදලකට විකිනීමටත් ඇයගේ වදරින් හයිට්ස් නවකතාවේ පළමු මුද්‍රණය පවුම් ලක්ෂ දෙකක සිට ලක්ෂ තුන අතර මිලකට වෙන්දේසි කිරීමටත් Sotheby වෙන්දේසි සමාගම අපේක්ෂා කර යි.  
 
ලේඛිකාවක ලෙස සිය ජිවිත කාලය තුල එතරම් ප්‍රසිද්ධියක් නොලද එමලි, 1848 දී කාස රෝගයෙන් මියයාමට වසරකට පමණ පෙර ලියූ "වදරින් හයිට්ස්", ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ සුවිශේෂී කෘතියක් ලෙස සැලකෙන අතර එය අදටත් සාහිත්‍ය ලෝලීන්ගේ පැසසුමට ලක්වන වන්නකි.
 
 
 
"නැතිවූ පුස්තකාලය" නොහොත් ඔන්රස්ෆීල්ඩ්
 
 
බ්‍රොන්ටේ පවුල ජිවත් වූ යෝක්ෂයර් පළාතේ හැවර්ත් හි සිට හැතැප්ම 20කට අඩු දුරකින් පිහිටි රෝච්ඩෙල් හි හැදී වැඩුණු ඇල්ෆ්‍රඩ් සහ විලියම් ලෝ නම් සහෝදරයින් දෙදෙනා විසින් මුලින්ම මෙම පුස්තකාලය සම්පාදනය කරන ලදී. 
 
එය බ්‍රොන්ටේ පවුලට අයත් අත්පිටපත්, කෘති රොබර්ට්ස් බර්න් නම් කවියාගේ කවි, සටහන්, පෞද්ගලික ලිපි සර් වෝල්ටර් ස්කොට් නම් ලේඛකයාගේ නිර්මාණ ඇතුළු 18-19 වැනි සියවසට අයත් වටිනා බ්‍රිතාන්‍ය සාහිත්‍ය නිර්මාණ එකතුවකින් සමන්විත වූවකි. 
 
ඔන්රස්ෆීල්ඩ් නිවසේ එකට විසු ලෝ සහෝදරයින් මියගිය පසුව පුස්තකාලය ඇතුළු දේපල ඔහුගේ බෑනාට හිමිවූ අතර 1939 දී ඔහුගේ බෑනා ද මියයාමෙන් පසුව පුස්තකාලය ලොවෙන් වසන් වුණි.
 
(ආවාරා)

 

THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...