BREAKING
Top Ad
Life

අඳුර කොතරම් ගලා හැලුනද - මාවතක් ඇත ප්‍රදීපය වෙත...

T

The Leader

June 10, 2021 • 11:34 AM

අඳුර කොතරම් ගලා හැලුනද - මාවතක් ඇත ප්‍රදීපය වෙත... 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැහිබරෙන් යුතු වලාකුළු පොද
  •       බැසිල් සුළඟ කරළියට...   
අකුරු ප්‍රමාණය (Font Size):
 
නැතද අහසේ බැලූ බැල්මට 
එහෙත් වැහිබිඳු වැටි ඇති සැටි 
මටත් රහසින් මගේ උරමත
 
 
කඳුළු කැට ලෙස ගලා බසිනා 
නුඹේ සොම්නස් දෙනෙත් තරු එළි 
සුළඟ සමගින් ඔහේ මුසුවුණ 
මඟක් සොයමින් ඔහේ ඇවිදින 
ග්‍රීස්මය වෙත පාර පෙන්වන 
කිරණයක් විය සමහරක් විට...
 
 
හිරු රැසෙන් මහ පොළොව නැහැවුන 
ප්‍රභාවත් වූ දිනක් අබියස 
වළා කෝඩය තල්ලු කරමින්
ඇස් රුවාගෙන නිරතුරුව මම 
 
 
වැස්ස පතිතන තිමිරකඩ යට  
තෙතින් බරිතව වෙහෙස වෙමි මම 
අන්ධකාරය තල්ලු කරනට 
ඔබේ වාරුව ඕනෑමයි මට  
 
 
ගීතයක් ඇත රිද්මයක් නැත 
පාළු මාවත සහමුලින් ගෙන 
තනිව සරණා මගේ තනියට 
සුනඛයෙක් ඇත සෙවණැල්ල යට 
 
 
නොදැනුනත් මේ ගෙවෙන කාලය 
ඔබව එනතුරු මඟ බලාගෙන
ලුහුබඳිමි අර අඳුරු තිමිරය
පතිත කරනට සැඩ දිවාකර 
 
 
අඳුර කොතරම් ගලා හැලුන ද
මාවතක් ඇත ප්‍රදීපය වෙත 
තවත් දවසක් ගෙවී යන තැන 
අන්ධකාරය තුරන් වනු ඇත
 
 
පළායන ඒ අඳුර අතරින් 
උදෑසන ඔබ සිනාසෙනු ඇත
ඒ සිනාවේ උදා කිරණින් 
මගේ ජීවය පහන් වනු ඇත....
 
 
 
Bruce Springsteen විසින් ගායනා කරන අතිශයින් ජනප්‍රිය ගීතයක් වන Waiting on a Sunny Day ගීතයේ ඡායා අනුවාදයකි. 
 
සෑම අතිකින්ම අඳුර ගලා එන බලාපොරොත්තු රහිත මේ හෝරාව තරණය කර ආලෝකය වෙනුවෙන් බලාපොරොත්තු දල්වන මෙම ගීතය අද මේ මොහොත වෙනුවෙන් වඩාත් ගැළපේ යයි සිතූ බැවින් මෙසේ පළ කරමි....
 
 
 
 
මුල් ගීතය 
  

 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ) 
සමාජ හා දේශපාලන විශේලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 

 


 

THE LEADER TV
 
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !
 
 
 
බැසිල් සුළඟ කරළියට... 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...