BREAKING
Top Ad
Life

ලංකා ලේඛක සංවිධානය - සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනේ

T

The Leader

June 28, 2021 • 4:39 AM

ලංකා ලේඛක සංවිධානය - සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන් විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය
  • ජයග්‍රහණය කරනු ලබන සහ අවසන් වටය නියෝජනය කරන නිර්මාණ, මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජයග්‍රාහකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම වසර අවසානයේ දී සිදු කිරීමට නියමිත බවත් සංවිධාකයෝ පවසති.
  • නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය එළඹෙන ජූලි මස 31 වැනිදා වන අතර තරගාවලියේ කොන්දේසි පහත පරිදි වේ.
  •     තරග කොන්දේසි : සහභාගි විය හැක්කේ, කාව්‍ය නිර්මාණ අංශය : ■ ඉහත කොන්දේසියට අනුගත ලේඛක ලේඛිකාවන් හට තමන්ගේ ස්වීය රචනාවක් ලෙසින් නිර්මාණය වූ, මින් පෙර කිසිදු මුද්‍රිත මාධ්‍යයකින් එළි දක්වා නොමැති තනි කාව්‍යයක් ඉදිරිපත් කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
විසින් සංවිධාන කරනු ලබන සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

විවෘත තරගයක් වන මේ සඳහා සිංහල සහ දෙමළ භාෂා ද්වයෙන් ම නිර්මාණකරණයේ නිරත ලේඛකයන් හට සහභාගි විය හැකි අතර මෙරට ප්‍රධාන සාහිත්‍ය සම්මානයකින් පුදනු නොලැබුවා වූ ද, කාව්‍ය හෝ කෙටිකතා සංග්‍රහ තුනකට අඩු සංඛ්‍යාවක් මුද්‍රණයෙන් එළි දක්වා ඇත්තා වූ ද ලේඛකයන් හට මෙන් ම  ප්‍රබන්ධ ලේඛනය අභ්‍යාස කරමින් සිටින ආධුනික ලේඛක ලේඛිකාවන් හට ද මේ සඳහා සහභාගි විය හැකිය.

ජයග්‍රහණය කරනු ලබන සහ අවසන් වටය නියෝජනය කරන නිර්මාණ, මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජයග්‍රාහකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම වසර අවසානයේ දී සිදු කිරීමට නියමිත බවත් සංවිධාකයෝ පවසති.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය එළඹෙන ජූලි මස 31 වැනිදා වන අතර තරගාවලියේ කොන්දේසි පහත පරිදි වේ.
 
 
54d401abac79c esq 0letux poem

තරග කොන්දේසි :

සහභාගි විය හැක්කේ,

කාව්‍ය නිර්මාණ අංශය :

■ ඉහත කොන්දේසියට අනුගත ලේඛක ලේඛිකාවන් හට තමන්ගේ ස්වීය රචනාවක් ලෙසින් නිර්මාණය වූ, මින් පෙර කිසිදු මුද්‍රිත මාධ්‍යයකින් එළි දක්වා නොමැති තනි කාව්‍යයක් ඉදිරිපත් කළ හැකිය.

■ සිවු පද ආරේ කවි නම් උපරිම කවි 10 ක් සහිත වූ කවි පන්තතියක් ලෙසින් ද,

■ නිදහස්/නිසඳැස් ආරේ නිර්මාණයක දී උපරිම ඒ 4 පිටු දෙකකට සීමා කරමින් ද, (අනිවාර්ය නියමයක් නොවේ)

■ තේමාත්මක ව විවෘත මාතෘකා යටතේ ද,

සිංහල හෝ දෙමළ භාෂාවෙන් රචිත නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. එක් නිර්මාණකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.

කෙටිකතා නිර්මාණ අංශය :

■ පෙර කිසිදු මුද්‍රිත මාධ්‍යයකින් ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහයකට ඇතුළත් නොවුණ තමාගේ ස්වීය කෙටිකතාවක් (එක් නිර්මාණයක්) තරගය සඳහා ඉදිරිපත් කළ හැකිය.

■ එම නිර්මාණය උපරිම වශයෙන් වචන 2500 නොඉක්ම වන්නේ නම් මැනව යි යෝජනා කරන අතර එම සීමාව ඉක්ම වුවද ඒවා තරගය උදෙසා අදාල කර ගනු ලැබේ.

■ තේමාව පිළිබඳ විශේෂ කොන්දේසියක් නැතත් නූතන සමාජ සංකීර්ණතා සමීපව නිරීක්ෂණය කරමින් අද්‍යතන මානව ජීවිත විවරණය කෙරෙන නිර්මාණ වෙනුවෙන් අවධානයක් යොමු වීම දිරි ගැන්වේ.

පොදු :

තමන්ගේ නිර්මාණය උදෙසා උපයුක්ත කොට ගන්නා බසෙහි සජීවි බව රැකගැනීම අවශ්‍යය. ගත්වහර මෙන්ම කටවහරද නිර්මාණාත්මකව යොදාගැනීමට හැකිය. අවසන් විනිශ්චයේදී නිර්මාණාත්මක භාෂා භාවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බව සැලකුව මනාය.

■ තමන්ගේ නිර්මාණය ඒ 4 කඩදාසියේ තනි පැත්තේ පැහැදිලි අත් අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර භාවිතයෙන් මුද්‍රණය කර හෝ ඉදිරිපත් කළ හැකිය.

■ සිය නිර්මාණය සඳහා එක් පිටුවකට වැඩි පිටු සංඛාවක් ඇති විටක එම පිටු අංකනය කර නොගැලවෙන පරිදි අමුණා, පහත දක්වන විස්තර ඇතුළත් අයදුම්පතක් ද ඊට යාකොට ඉදිරිපත් කළ යුතුය.

අයදුම්කරුගේ නම... නිර්මාණයේ නාමය.... ඇතුළත් පිටු සංඛ්‍යාව.. ස්ථීර ලිපිනය.... දුරකතන අංකය... විද්‍යුත් තැපැල් ලිපිනය... සහ නිර්මාණයේ ස්වීයත්වය සනාථ කිරීම..

■ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා ලියාපදිංචි තැපෑලෙන් එවීම අනිවාර්ය වේ.

■ අප වෙත යොමු කරන නිර්මාණයේ පිටපතක් ඔබ සන්තකයේ තබා ගැනීම වැදගත් වන බව සැලකුව මනාය. එම නිර්මාණ ආපසු ලබා දීමට ලංකා ලේඛක සංවිධානය බැඳී නොසිටී.

■ ඔබ විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණය ස්වීය නිර්මාණයක් විය යුතුය. මීට පෙර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් ව ඇති බව හෝ එය වෙනත් අයකුගේ නිර්මාණයකින් උපුටා ගත් නිර්මාණ කොටස් ඇතුළත් ව ඇති බව හෝ එය වෙනත් අයකුගේ නිර්මාණයක් ඍජුව හෝ අනුවර්තිතව ඉදිරිපත් කර ඇති බව හෝ සනාථ වුවහොත් තරගයේ ජයක් ලැබුණ ද එය අවලංගු කෙරෙන බව සැලකුව මනාය.

■ සිය නිර්මාණයේ උපුටනයන් ඇත්නම් ඒ බව එම ස්ථානයේ සටහන් කරන තරු ලකුණක් සහ ඊට අදාළ වූ පාදක සටහන් ද ඇතුළත් කිරීම කළ යුතුය. එය අනිවාර්ය බව සැලකුව මනාය.
 
Essential Books
 

■ මින් පෙර මේ ආකාරයේ තරගවලට ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ඇති නිර්මාණ මේ තරගය සඳහා වලංගු නොවේ. දිගින් දිගට ම තරග සඳහා යොමු කරන එකම නිර්මාණ ඉදිරිපත් නොකරන්න.

■ සෑම අයදුම්කරුවෙක් ම තමන් විසින් ඉදිරිපත් කරන නිර්මාණය තමන්ගේ ස්වාධීන නිර්මාණයක් බවට සහතික කරන ලද ලිපියක් නිර්මාණයට අමුණා එවිය යුතුය.

■ නිර්මාණ ලියාපදිංචි තැපෑලෙන් එවීමේදී ලිපි කවරයේ වම් පස ඉහළ - සාහිත්‍ය නිර්මාණ තරගය 2021 - යන්න සටහන් කිරීම මැනවි.
නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2021 ජූලි මස 31 දින ය.

■ කාව්‍ය ක්ෂේත්‍රයේ සහ කෙටිකතා නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් ඔබගේ නිර්මාණ සමීක්ෂණය කෙරෙන අතර ජයග්‍රහණය ලබන සහ අවසන් වටය නියෝජනය කරන නිර්මාණ, මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂා කෙරේ. ජයග්‍රහාකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම වසර අවසානයේ දී සිදු කිරීමට අපේක්ෂිතය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු ලිපිනය :

ලේකම්
ලංකා ලේඛක සංවිධානය
119 ඒ, පොල්හේන
කැලණිය

වැඩිමනත් විස්තර -077 365 5151/ 071 8670913 කමල් පෙරේරා -
071 5316568 අනුරසිරි හෙට්ටිගේ
071 576 6355 දේ.වි.ගාල්ලගේ-
077 4534289 විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි-
077 0390052 කීර්ති වැලිසරගේ
 
 
##########
 
 
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...