BREAKING
Top Ad
Life

බොලිවුඩයේ තරුවක් නිවී යයි

T

The Leader

July 7, 2021 • 2:06 AM

බොලිවුඩයේ තරුවක් නිවී යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ, සම්මානිත බොලිවුඩ් රංගන ශිල්පී දිලිප් කුමාර් අද (7) උදෑසන දිවියෙන් සමුගෙන තිබෙනවා.
  • දශක 6ක් දිගු සිනමා දිවිය ඔහු ආරම්භ කරන්නේ 1944 දී 'ජවාර් භාතා' චිත්‍රපටයේ රංගනයත් සමඟ ය.
  • එතැන් පටන් 1998 තෙක් සිනමාපට 65කට වැඩි ප්‍රමාණයක් සඳහා ඔහු රංගනයෙන් එක් වී තිබුණි.
  • මධුමති චිත්‍රපටයේ පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


98 හැවිරිදි වියේ පසුවූ ඔහු අවසන් හුස්ම හෙලන මොහොතේ මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා නිසා දිලිප් කුමාර් රෝහල් ගත කර තිබුනේ මීට සතියකට පමණ පෙර ය.

දශක 6ක් දිගු සිනමා දිවිය ඔහු ආරම්භ කරන්නේ 1944 දී 'ජවාර් භාතා' චිත්‍රපටයේ රංගනයත් සමඟ ය. එතැන් පටන් 1998 තෙක් සිනමාපට 65කට වැඩි ප්‍රමාණයක් සඳහා ඔහු රංගනයෙන් එක් වී තිබුණි.

 

06devdas3දේව්දාස්'  චිත්‍රපටයේ



'අන්දාස්' (1942), 'ආන්' (1952), 'දාග්' (1952), 'දේව්දාස්' (1955), 'අසාද්' (1955), 'නයා දර්' (1957), 'මධුමති (1958) 'මෝගල් ඊ අසාම්' (1960), කොහීනුර් (1960), 'ගංගා ජමුනා' (1961), ලීඩර් (1964), 'රාම් ඕ ශ්‍යාම්' (1967) යන සිනමාපටවල දිලිප් කුමාර්ගේ රංගනය ඒ අතරින් කැපී පෙනුනි.

DJl1FMYXgAcqhEX

මධුමති චිත්‍රපටයේ


පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය. ඒ දාග් සිනමාපටයේ රංගනය වෙනුවෙනි.

 

1 0CFwVJ0tV1n1War G2r99Q

ෆිල්ම්ෆෙයා සම්මාන උලෙළ 1968

 

ඉන්පසු දේව්දාස්, අසාද්, නයා දර්, කොහීනුර්, ලීඩර්, රාම් ඕ ශ්‍යාම්, ශක්ති යන සිනමාපටවල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මාන ඔහු දිනා ඇත.  

චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කළ ඔහු 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද පිදුම් ලැබුවේය.

දිලිප් කුමාර්ගේ වියෝව සැලැවීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බොලිවුඩ් රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළ කර තිබේ.  

 

 

##########
THE LEADER TV 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම 
 
අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි!
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...