BREAKING
Top Ad
Life

රුසියානු සාහිත්‍යට පෙම් බඳින ඔබට.....

T

The Leader

July 12, 2021 • 1:41 AM

රුසියානු සාහිත්‍යට පෙම් බඳින ඔබට.....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය වන කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන
  •   එදින උදෑසන 11ට Zoom අන්තජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම විද්වත් කතිකාවේ දී රුසියානු සාහිත්‍යයේ රසමුසු තැන් ගැන කතාබහට ලක් කරනු ඇත.
  • විද්වත් මණ්ඩලයේ දෙසුම්වලින් අනතුරුව සංවාදය සඳහා ඉඩකඩ හිමිවන බව සංවිධායකයෝ පවසති.
  • පහත සබැඳි ඔස්සේ කතිකාවට එක්විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):
රුසියානු සාහිත්‍ය කතිකාවේ පළමුවැන්න එළඹෙන ජූලි 16 වැනි සිකුරාදා දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.  

එදින උදෑසන 11ට Zoom අන්තජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම විද්වත් කතිකාවේ දී රුසියානු සාහිත්‍යයේ රසමුසු තැන් ගැන කතාබහට ලක් කරනු ඇත.
 
208758585 4288988867789666 1189577602051127341 n

ප්‍රවීණ කතුවර චූලානන්ද සමරනායක විසින් නව ලෝකය උදෙසා රුසියානු සාහිත්‍යයේ වැදගත්කම, වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ විසින් පශ්චාත් සෝවියටි අවකාශයේ කල්පිත රචනා  රික්තයේ බොරිස් අකුණින්ගේ අද්විතීය භූමිකාව, පරිවර්තක ෆීලික්ස් ප්‍රනාන්දු විසින් රුසියානු සාහිත්‍යයේ වත්මන් ප්‍රවණතා, ප්‍රවීන කතුවර රන්ජන සේනාසිංහ විසින් ඉවාන් බූනින්ගේ ලංකාගමනය සහ එම සංචාරය ඔහුගේ නිර්මාණ කලා සාහිත්‍යයට බලපෑ අන්දම, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් කොන්ස්තන්තීන් පවුස්තෝව්ස්කිගේ නිර්මාණ කලාවේ විශේෂ ලක්ෂණ සහ අනතෝලි රෝදෆ් විසින්  ලංකාවට පැමිණි රුසියානු ලේඛකයින් හා ලංකාව පිළිබඳ ඔවුන්ගේ අදහස් (ඉංග්‍රීසි බසින්) මැයෙන් කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත ය.

විද්වත් මණ්ඩලයේ දෙසුම්වලින් අනතුරුව සංවාදය සඳහා ඉඩකඩ හිමිවන බව සංවිධායකයෝ පවසති.

රුසියානු සාහිත්‍යට ඇළුම් කරන ඔබ සැමට ඇරයුම්!

පහත සබැඳි ඔස්සේ කතිකාවට එක්විය හැකි ය.

Meeting ID: 916 8763 8822
Passcode: 774552
Meeting link: https://zoom.us/j/91687638822...

 
THE LEADER TV 
 
රාජපක්ෂලා මාර්ගපල ලබන හැටි...
 
 
තාත්තා, බාප්පට මුදල් ඇමතිකම දුන්නේ ඇයි? - නාමල් කිව්ව කතාව! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...