පවත්වාගෙන ගිය ගිවිසුම් අවලංගු කිරීමට බොහොමයක් චීන සන්නාම කටයුතු කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව චීනය තුල දැඩි විරෝධයක් ගොඩ නැගීමත් සමඟ ය.
මින් වසර දෙකකට ඉහත දී ක්‍රිස් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව 19 හැවිරිදි යෞවනියක විසින් පසුගියදා හෙළි කර තිබුණි.
කෙසේ වෙතත්, චීන කැනේඩියානු තරුවක් වන ක්‍රිස් වූ තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටින අතර අපහාස නඩුවක් ගොනු කළ බව ද කියා සිටියි.
සංගීත හෝ රංගන ක්ෂේත්‍ර තුළ ඉතා ඉහල ආර්ථික වාසි අත්වෙන අවස්ථා ලබා දෙන බව පවසමින් යොවුන් දැරියන් ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගැනීම ගැන 19 හැවිරිදි ඩූ මෙයිසු නම් සරසවි යුවතියක් අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස් වූට එරෙහිව චෝදනා කර තිබුණි.
NetEase නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබුණේ තමන් ද ඇතුළුව ඔහුට හසුවූ 8 දෙනකු පිළිබඳව ඇය දන්නා බවයි.
ඉන් දෙදෙනකු බාල වයස්කාරියන් වේ.
මේ ගැන කිසිවකුටත් නොපවසන ලෙසට කියමින් ඇයට යුවාන් ලක්ෂ 5ක මුදලක් ගෙවූ නමුත් දැන් තමන් හඬ අවදි කිරීමට තීරණය කළේ "අසාධාරණයට ලක්වූ අන්තිමයා" තමන් විය යුතු නිසා බව ඩූ මෙයිසු කියා තිබුණා ය.
එසේම, ඇය මුදල නැවත ගෙවීමටත් නීති ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත් සුදානම් බව කියා තිබුණි.
දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුවට දැඩි විරෝධය !
T
The Leader
July 20, 2021 • 1:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බාල වයස්කාර ඇතුළු යෞවනියන් ලිංගික කාර්යයන් සඳහා පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු ප්‍රසිද්ධ ගායන සහ රංගන ශිල්පී 'ක්‍රිස් වූ' සමඟ
- මින් වසර දෙකකට ඉහත දී ක්‍රිස් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව 19 හැවිරිදි යෞවනියක විසින් පසුගියදා හෙළි කර තිබුණි.
- කෙසේ වෙතත්, චීන කැනේඩියානු තරුවක් වන ක්‍රිස් වූ තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටින අතර අපහාස නඩුවක් ගොනු කළ බව ද කියා සිටියි.
- සංගීත හෝ රංගන ක්ෂේත්‍ර තුළ ඉතා ඉහල ආර්ථික වාසි අත්වෙන අවස්ථා ලබා දෙන බව පවසමින් යොවුන් දැරියන් ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගැනීම ගැන 19 හැවිරිදි ඩූ මෙයිසු නම් සරසවි යුවතියක් අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස් වූට එරෙහිව චෝදනා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
THE LEADER TV
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් !
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


